ජෝනා 2:1-10
ජෝනා 2:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෝනා මත්ස්‍යයාගේ කුස තුළ සිට, තම දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට මෙසේ යාච්ඤා කරන්නට වන්නේ ය. “මගේ විපත්තියේදී ස්වාමින්වහන්සේට මම හඬ ගැසීමි. උන්වහන්සේ මට උත්තර දුන් සේක. මරණ ගැබේ පතුලේ සිට මම පිහිට ඉල්ලා හැඬීමි. මගේ කටහඬට ඔබ සවන් දුන් සේක. මන්ද මහා ගැඹුර මැදට, සාගර පත්ලට ම ඔබ මා හෙළූ සේක. ජලධාරාවෝ මා වෙළා ගති. ඔබගේ රළ රැළි තරංග මට ඉහළින් කැරකුණේ ය. එවිට මම, ‘ඔබ දෑස් ඉදිරියෙන් මම නෙරපනු ලැබ සිටිමි. එහෙත් ඔබගේ ශුද්ධ මාලිගය දෙස මතු යළි බලන්නෙමි’ යි කීවෙමි. මා ගිලගත් ජල කඳ, මගේ ගෙලටත් උඩින් ය. ගැඹුර මා වටකර ගත්තේ ය. මුහුදු පැළෑටි මා හිස වටා එතී ගියේ ය. සාගර කඳු පාමුලට ම පහළට මම කිඳා බැස්සෙමි. අගාධයෙහි සදහට ම, මා අගුළු ලා ගති. එහෙත් ඔබ, මගේ දිවිය නිරා වළෙන් ගොඩ ගත් සේක. අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස. “මගේ පණ කෙන්ද මැලවී යද්දී, ස්වාමින්වහන්ස, මම ඔබ සිහි කළෙමි. මගේ යාච්ඤාව ඔබ වෙත, ඔබේ ශුද්ධ මාලිගය වෙත නැංගේ ය. “කමකට නැති පිළිම රූපවලට ඇලෙන්නෝ තමන් උදෙසා ඇති අනුග්‍රහය එපා කරති. එහෙත් මම, තුති ගීයක් ද සමඟින්, යාග පූජා ඔබට පුදමි. මා බාර වූ දෑ මම ඉටු කරමි. ගැලවීම අයිති ස්වාමින්වහන්සේට ය.” එවිට ස්වාමින්වහන්සේ මත්ස්‍යයාට අණ කළ සේක. ඌ ගොඩ බිමට යෝනා වමෑරී ය.
ජෝනා 2:1-10 Sinhala Revised Old Version (SROV)
එකල යෝනා මත්ස්‍යයාගේ බඩේ සිට තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් මෙසේ කීවේය:– මාගේ පීඩාව නිසා ස්වාමීන්වහන්සේට හඬගැසීමි, උන්වහන්සේද මට උත්තරදුන් සේක; පාතාල ගැබේ සිට කෑගැසීමි, ඔබ මාගේ හඬ ඇසූසේක. ඔබ මුහුද මධ්‍යයේ ගැඹුරට මා හෙළූසේක, ජලධාරාවද මා වටකර තිබුණේය; ඔබගේ රැළ හා ඔබගේ ජලකඳු සියල්ල මට උඩින් ගලාගියේය. එවිට මම: ඔබගේ ඇස් හමුයෙන් පහකරනු ලැබීමි; එහෙත් ඔබගේ ශුද්ධ මාළිගාව දෙස නැවත බලන්නෙමියි කීමි. ජලයෝ ප්‍රාණ හානිය දක්වා මා වටකරගත්තෝය; ගැඹුර මා වටේට පැමිණියේය; මුහුද පන් මාගේ ඉස වටේ එතුණේය. කඳුවල පතුලට බැස්සෙමි; පොළොව ස්වකීය අගුල්වලින් සදාකාලේටම මා හිරකරගත්තේය. එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ප්‍රාණය වළෙන් ගොඩට ගත්සේක. මා තුළ මාගේ ආත්මය ක්ලාන්තවූ විට මම ස්වාමීන්වහන්සේ සිහිකෙළෙමි. මාගේ යාච්ඤාව ඔබ වෙතට, ඔබගේ ශුද්ධ මාළිගාවට, පැමිණියේය. බොරු නිරර්ථක දේවල් සලකන්නෝ තමුන්ගේම රක්ෂස්ථානය හැර දමති. එහෙත් මම ස්තුති හඬකින් ඔබට පූජා ඔප්පුකරන්නෙමි; බාරවූ දේ ගෙවන්නෙමි. ගැළවීම අයිති ස්වාමීන්වහන්සේට යයි කීවේය. ස්වාමීන්වහන්සේ මත්ස්‍යයාට කථාකලසේක, එවිට ඌ යෝනා ගොඩට වමාරාලුයේය.
ජෝනා 2:1-10 Sinhala New Revised Version (NRSV)
ජෝනා මත්ස්‍යයාගේ කුසයේ සිට තම දෙවි සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය. “මාගේ පීඩාවේ දී සමිඳුන්ට හඬගැසීමි, එතුමාණෝ මට පිළිතුරු දුන් සේක. පාතාල ගැබේ සිට කෑගැසීමි, ඔබ මාගේ හඬ ඇසූ සේක. ඔබ මුහුද මැද ගැඹුරට මා හෙළූ සේක. ජලධාරාවෝ මා සිසාරා සිටගත්හ. තරංග හා ජලකඳ සියල්ල මට උඩින් ගලා ගියේ ය. එවිට මම මෙසේ කීමි: ‘ඔබ ඇස් හමුයෙන් මම පහකරනු ලැබීමි. එබැවින් ඔබේ ශුද්ධ මාලිගාව දෙස නැවත බලන්නේ කෙසේ ද?’ ජලය මා ගෙල දක්වා නැඟ ආවේ ය. මුහුද මා වට කරගත්තේ ය. මුහුදු පැළෑටි මාගේ හිස වටේ එතුණේ ය. මම කඳු පත්ලට බැස ගියෙමි; සදහට ම අගුල්වලින් මා හිර කර තබන ලොවකට බැස ගියෙමි. අහෝ! මාගේ දෙවි සමිඳුනි, එහෙත්, ඔබ මාගේ ප්‍රාණය පාතාලයෙන් ගොඩගත් සේක. මාගේ පණ කෙන්ද මැලවී යද්දී, මම සමිඳුන් සිහි කෙළෙමි. මාගේ අයැදුම ඔබ වෙත නැඟුණේ ය; ඔබේ ශුද්ධ මාලිගාවට පැමිණියේ ය. බොරු දෙවිවරුන් නමදින්නෝ ඔබට ඇති පක්ෂපාතකම පැහැර හරිති. එහෙත්, මම තුති මුවින් පූජා ඔප්පු කරන්නෙමි. බාර වූ දේ ගෙවන්නෙමි. ගැළවීම සමිඳුන්ගෙන් ය.” සමිඳාණෝ මත්ස්‍යයාට කතා කළ සේක. එවිට ඌ ජෝනා ගොඩබිමට වැමෑරී ය.
ජෝනා 2:1-10 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝනා 2:1-10 New International Version (NIV)
From inside the fish Jonah prayed to the LORD his God. He said: “In my distress I called to the LORD, and he answered me. From deep in the realm of the dead I called for help, and you listened to my cry. You hurled me into the depths, into the very heart of the seas, and the currents swirled about me; all your waves and breakers swept over me. I said, ‘I have been banished from your sight; yet I will look again toward your holy temple.’ The engulfing waters threatened me, the deep surrounded me; seaweed was wrapped around my head. To the roots of the mountains I sank down; the earth beneath barred me in forever. But you, LORD my God, brought my life up from the pit. “When my life was ebbing away, I remembered you, LORD, and my prayer rose to you, to your holy temple. “Those who cling to worthless idols turn away from God’s love for them. But I, with shouts of grateful praise, will sacrifice to you. What I have vowed I will make good. I will say, ‘Salvation comes from the LORD.’ ” And the LORD commanded the fish, and it vomited Jonah onto dry land.