ජෝනා 1:3-4
ජෝනා 1:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් යෝනා නැගිට, ස්වාමින්වහන්සේ අබියසින් තර්ෂිෂ් බලා පලා යන්නට ගියේ ය. යොප්පාවට බැස ගිය ඔහුට තර්ෂිෂ් බලා යන නැවක් මුණ ගැසිණි. නැව් ගාස්තුව ගෙවූ ඔහු, ස්වාමින්වහන්සේ අබියසින් ඈත්වන පිණිස, ඔවුන් සමඟ තර්ෂිෂ් බලා යන්නට නැව තුළට බැස ගියේ ය. එවිට ස්වාමින්වහන්සේ මුහුද පිටට මහා සුළඟක් එවූ සේක. එයින් කොපමණ බිහිසුණු කුණාටුවක් හට ගත්තේ ද යත්, නැව බිඳී යන්නට තරම් විය.
ජෝනා 1:3-4 Sinhala Revised Old Version (SROV)
එහෙත් යෝනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් තර්ෂිෂ්ට පලා යන පිණිස නැගිට, යොප්පාවට බැසගොස්, තර්ෂිෂ්ට යන නැවක් එහි සම්බවී, ඊට ගාස්තුව ගෙවා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමඟ තර්ෂිෂ්ට යන පිණිස ඒකට නැගුණේය. නුමුත් ස්වාමීන්වහන්සේ තද හුළඟක් මුහුද පිටට පැමිණෙවුසේක, එයින් මුහුදේ මහත් කුණාටුවක් වී නැව බිඳෙන්ට ළංවිය.
ජෝනා 1:3-4 Sinhala New Revised Version (NRSV)
එහෙත්, ජෝනා සමිඳාණන් වහන්සේ මඟ හැර පලා යන පිණිස තර්ෂිෂ්ට යන්නට පිටත් විය. ඒ සඳහා ඔහු ජොප්පාවට ගියේ ය. එහි දී ඔහුට තර්ෂිෂ්ට යන නැවක් හමු වී, ඊට ගාස්තුව ගෙවා සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන පිණිස තර්ෂිෂ් බලා යන නැවකට නැඟුණේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ මුහුද පිට තද සුළඟක් හමන්න සැලැසූ සේක. එයින් මුහුදේ මහා කුණාටුවක් ඇති වී නැව බිඳෙන්නට විය.
ජෝනා 1:3-4 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, ජෝනා සමිඳාණන් වහන්සේ මඟ හැර පලා යන පිණිස තර්ෂිෂ්ට යන්නට පිටත් විය. ඒ සඳහා ඔහු ජොප්පාවට ගියේ ය. එහි දී ඔහුට තර්ෂිෂ්ට යන නැවක් හමු වී, ඊට ගාස්තුව ගෙවා සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන පිණිස තර්ෂිෂ් බලා යන නැවකට නැඟුණේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ මුහුද පිට තද සුළඟක් හමන්න සැලැසූ සේක. එයින් මුහුදේ මහා කුණාටුවක් ඇති වී නැව බිඳෙන්නට විය.
ජෝනා 1:3-4 New International Version (NIV)
But Jonah ran away from the LORD and headed for Tarshish. He went down to Joppa, where he found a ship bound for that port. After paying the fare, he went aboard and sailed for Tarshish to flee from the LORD. Then the LORD sent a great wind on the sea, and such a violent storm arose that the ship threatened to break up.