ජෝනා 1:13-14
ජෝනා 1:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කෙසේ වුව ද නැව ආපසු ගොඩට පද වන්නට ඒ මිනිස්සු මහත් වෙහෙසක් දරා, හබල් ගෑහ. එහෙත් එය කළ හැකි නො වූයේ, ඔවුන්ට එරෙහිව මුහුද වඩ වඩා ප්රචණ්ඩ වූ බැවිනි. එබැවින් ඔවුහු ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, මේ මිනිසාගේ ජීවිතය නිසා, අප විනාශ වන්නට ඉඩ නෑරිය මැනව. නිදොස් ලේ ගැන අප වරදකරුවන් නො කළ මැනවි. මන්ද අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ක්‍රියා කර ඇත්තේ ඔබට මනාප පරිද්දෙනි” යි කීහ.
ජෝනා 1:13-14 Sinhala Revised Old Version (SROV)
එහෙත් ඒ මනුෂ්‍යයෝ ගොඩට හැරීඑන පිණිස තදින් පැද්දෝය; නුමුත් මුහුද ඔවුන්ට විරුද්ධව වඩ වඩා සැරවූ බැවින් ඔවුන්ට බැරිවිය. එවිට ඔව්හු ස්වාමීන්වහන්සේට හඬගසා: අහෝ ස්වාමීන්වහන්ස, මේ මනුෂ්‍යයාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නොවේවා, නිදොස් ලේද අප පිට තැබුව මැනව. මක්නිසාද, ස්වාමීන්වහන්ස, ඔබ කැමති ලෙසම කළසේකැයි කීවෝය.
ජෝනා 1:13-14 Sinhala New Revised Version (NRSV)
කෙසේ වෙතත්, නාවික පිරිස වෙරළට පැමිණෙන පිණිස වඩාත් වීර්යයෙන් නැව පැදවූ හ. එහෙත්, මුහුද වඩ වඩා සැරෙන් ඔවුන්ට විරුද්ධ ව නැඟී ආ බැවින් ඔවුන්ට එසේ කරන්නට බැරි විය. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට හඬ ගසා, “අහෝ සමිඳුනි, මේ මිනිසාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නො වේ වා! නිදොස් කෙනෙකුගේ මරණයට අපි වගකිව යුත්තෝ නොවෙම් වා! මන්ද, සමිඳුනි, ඔබේ කැමැත්ත පරිදි ඔබ ක්‍රියා කළ සේකැ”යි කී හ.
ජෝනා 1:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
කෙසේ වෙතත්, නාවික පිරිස වෙරළට පැමිණෙන පිණිස වඩාත් වීර්යයෙන් නැව පැදවූ හ. එහෙත්, මුහුද වඩ වඩා සැරෙන් ඔවුන්ට විරුද්ධ ව නැඟී ආ බැවින් ඔවුන්ට එසේ කරන්නට බැරි විය. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට හඬ ගසා, “අහෝ සමිඳුනි, මේ මිනිසාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නො වේ වා! නිදොස් කෙනෙකුගේ මරණයට අපි වගකිව යුත්තෝ නොවෙම් වා! මන්ද, සමිඳුනි, ඔබේ කැමැත්ත පරිදි ඔබ ක්‍රියා කළ සේකැ”යි කී හ.
ජෝනා 1:13-14 New International Version (NIV)
Instead, the men did their best to row back to land. But they could not, for the sea grew even wilder than before. Then they cried out to the LORD, “Please, LORD, do not let us die for taking this man’s life. Do not hold us accountable for killing an innocent man, for you, LORD, have done as you pleased.”