ජෝනා 1:11-12
ජෝනා 1:11-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ඔවුහු, “මුහුද අපට නිශ්චල වන පිණිස, අප ඔබට කුමක් කළ යුතු දැ?” යි ඔහුගෙන් ඇසූහ. මන්ද මුහුද වඩ වඩා ප්රචණ්ඩ වෙමින් තිබිණි. “මා ඔසවා, මුහුදේ හෙළන්න. එවිට මුහුද නිශ්චල වේවි. මේ මහ කුණාටුවට ඔබ හසු වූයේ, මා නිසා වග මම දනිමි” යි ඔහු කීවේ ය.
ජෝනා 1:11-12 Sinhala Revised Old Version (SROV)
එකල ඔව්හු: මුහුද අපට නිශ්චලවෙන පිණිස අප විසින් නුඹට කරන්ට ඕනෑ මොකදැයි ඔහුගෙන් ඇසුවෝය; මක්නිසාද මුහුද වඩ වඩා වේගවත් විය. මා අරන් මුහුදේ දමන්න; එවිට මුහුද නුඹලාට නිශ්චලවන්නේය. කුමක්හෙයින්ද මේ මහත් කුණාටුව නුඹලා පිටට පැමිණ තිබෙන්නේ මා නිසා බව දනිමියි ඔහු ඔවුන්ට කීවේය.
ජෝනා 1:11-12 Sinhala New Revised Version (NRSV)
කුණාටුව වඩ වඩාත් වේගවත් වූ බැවින්, “මුහුද නිශ්චල වන පිණිස අප ඔබට කුමක් කළ යුතු දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ. “මා රැගෙන මුහුදට බිලි දෙන්න. එවිට මුහුද නිශ්චල වනු ඇත. මේ මහ කුණාටුව ඇති වී තිබෙන්නේ මා නිසා බව මම දනිමි”යි ඔහු ඔවුන්ට කීවේ ය.
ජෝනා 1:11-12 Sinhala New Revised Version 2018 (SNRV)
කුණාටුව වඩ වඩාත් වේගවත් වූ බැවින්, “මුහුද නිශ්චල වන පිණිස අප ඔබට කුමක් කළ යුතු දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ. “මා රැගෙන මුහුදට බිලි දෙන්න. එවිට මුහුද නිශ්චල වනු ඇත. මේ මහ කුණාටුව ඇති වී තිබෙන්නේ මා නිසා බව මම දනිමි”යි ඔහු ඔවුන්ට කීවේ ය.
ජෝනා 1:11-12 New International Version (NIV)
The sea was getting rougher and rougher. So they asked him, “What should we do to you to make the sea calm down for us?” “Pick me up and throw me into the sea,” he replied, “and it will become calm. I know that it is my fault that this great storm has come upon you.”