ජෝනා 1:1-16

ජෝනා 1:1-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේගේ වචනය, අමිත්තයිගේ පුත් යෝනා වෙත පැමිණියේ ය: “නැගිට, නිනිවය මහ-පුරවරයට ගොස්, ඊට එරෙහිව දේශනා කරන්න. මන්ද ඔවුන්ගේ දුෂ්ටකම් මා ඉදිරියට නැග ඇවිදින් යැ” යි ඉන් කියැවිණ. එහෙත් යෝනා නැගිට, ස්වාමින්වහන්සේ අබියසින් තර්ෂිෂ් බලා පලා යන්නට ගියේ ය. යොප්පාවට බැස ගිය ඔහුට තර්ෂිෂ් බලා යන නැවක් මුණ ගැසිණි. නැව් ගාස්තුව ගෙවූ ඔහු, ස්වාමින්වහන්සේ අබියසින් ඈත්වන පිණිස, ඔවුන් සමඟ තර්ෂිෂ් බලා යන්නට නැව තුළට බැස ගියේ ය. එවිට ස්වාමින්වහන්සේ මුහුද පිටට මහා සුළඟක් එවූ සේක. එයින් කොපමණ බිහිසුණු කුණාටුවක් හට ගත්තේ ද යත්, නැව බිඳී යන්නට තරම් විය. එවිට නැවියෝ බියපත් වූවෝ, හැම කෙනෙක් ම තම තමාගේ දෙවිවරුනට කන්නලව් කරන්නට වන්හ. නැව සැහැල්ලු කරන්නට ඔවුහු නැවෙහි වූ නැව් බඩු මුහුදට වීසි කළහ. එහෙත් යෝනා නැවේ පහළ තට්ටුවට බැස, හාන්සි වී, තද නින්දට වැටී හුන්නේ ය. එබැවින් නැව්පතියා අවුත්, “කොහොම ද ඔබ නිදා ඉන්නේ? නැගිටින්න. ඔබේ දෙවියන්ට කන්නලව් කරන්න. ඇතැම් විට අප වැනසී නො යන පිණිස, එතුමන් අප ගැන සලකනු ඇතැ” යි කීවේ ය. ඉන්පසු නැවියෝ, එකිනෙකා අමතමින්, “එමු; මේ විපත්තියට වගකිව යුත්තා කවුරුදැයි දැනගන්නට අපි පස ඇට දමමු” යි කීහ. ඔවුහු එසේ පස ඇට දැමූහ. පස ඇටය වැටුණේ යෝනාට ය. එවිට ඔවුහු ඔහු අමතා, “මේ කරදර අප පිට ආවේ කවුරුන් නිසා දැයි අපට කියනු! මොකක් ද නුඹේ රැකියාව? නුඹ එන්නේ කොහේ සිට ද? නුඹ කුමන රටේ ද? කුමන ජාතියේ දැ?” යි ඇසූහ. යෝනා පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව්වෙක්මි; මුහුදත්, ගොඩ බිමත් මැවූ ස්වර්ගයේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෙරෙහි භය ඇත්තෙක්මි” යි කීවේ ය. එයින් අතිශය භයට පත් ඔවුහු, “මොකක් ද මේ නුඹ කළේ?” යි ඇසූහ. ඔහු ස්වාමින්වහන්සේ අබියසින් පලා යමින්, සිටින වග, ඔවුහු දැන සිටියහ. ඒ වග, ඔහු ඔවුනට කියා තිබිණි. එබැවින් ඔවුහු, “මුහුද අපට නිශ්චල වන පිණිස, අප ඔබට කුමක් කළ යුතු දැ?” යි ඔහුගෙන් ඇසූහ. මන්ද මුහුද වඩ වඩා ප්‍රචණ්ඩ වෙමින් තිබිණි. “මා ඔසවා, මුහුදේ හෙළන්න. එවිට මුහුද නිශ්චල වේවි. මේ මහ කුණාටුවට ඔබ හසු වූයේ, මා නිසා වග මම දනිමි” යි ඔහු කීවේ ය. කෙසේ වුව ද නැව ආපසු ගොඩට පද වන්නට ඒ මිනිස්සු මහත් වෙහෙසක් දරා, හබල් ගෑහ. එහෙත් එය කළ හැකි නො වූයේ, ඔවුන්ට එරෙහිව මුහුද වඩ වඩා ප්‍රචණ්ඩ වූ බැවිනි. එබැවින් ඔවුහු ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, මේ මිනිසාගේ ජීවිතය නිසා, අප විනාශ වන්නට ඉඩ නෑරිය මැනව. නිදොස් ලේ ගැන අප වරදකරුවන් නො කළ මැනවි. මන්ද අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ක්‍රියා කර ඇත්තේ ඔබට මනාප පරිද්දෙනි” යි කීහ. ඉන්පසු ඔවුහු යෝනා අල්ලා, මුහුදේ හෙළූහ. එවිට මුහුදේ සැඩගතිය නැවතිණි. එවිට ඒ මිනිස්සු ස්වාමින්වහන්සේට අතිශය භය වූවෝ, ස්වාමින්වහන්සේට පූජාවක් ඔප්පු කොට, බාර වූහ.

බෙදාගන්න
ජෝනා 1 කියවන්න

ජෝනා 1:1-16 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේගේ වචනය අමිත්තයිගේ පුත්‍රවූ යෝනා වෙතට පැමිණ: නුඹ නැගිට නිනිවය නම් මහත් නුවරට ගොස් ඊට විරුද්ධව මොරගසන්න; මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මා ඉදිරියට පැමිණ තිබේයයි කීසේක. එහෙත් යෝනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් තර්ෂිෂ්ට පලා යන පිණිස නැගිට, යොප්පාවට බැසගොස්, තර්ෂිෂ්ට යන නැවක් එහි සම්බවී, ඊට ගාස්තුව ගෙවා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමඟ තර්ෂිෂ්ට යන පිණිස ඒකට නැගුණේය. නුමුත් ස්වාමීන්වහන්සේ තද හුළඟක් මුහුද පිටට පැමිණෙවුසේක, එයින් මුහුදේ මහත් කුණාටුවක් වී නැව බිඳෙන්ට ළංවිය. එකල නැව්කාරයෝ භයව, එක එකා තම තමාගේ දෙවියන්ට මොරගසා, නැව සැහැල්ලුකරගැනීමට එහි තිබුණු බඩු මුහුදේ දැමුවෝය. එහෙත් යෝනා නැවේ ඇතුළට බැස හාන්සිවී තද නින්දට පැමිණ හුන්නේය. එවිට නැවේ ප්‍රධානියා ඔහු ළඟට ඇවිත්: නුඹ නිදාගන ඉන්නේ මක්නිසාද? නැගිට නුඹේ දෙවියන්වහන්සේගෙන් පිහිට ඉල්ලන්න, සමහරවිට අප විනාශ නොවන ලෙස දෙවියන්වහන්සේ අප ගැන කල්පනාකරනවා ඇතැයි ඔහුට කීවේය. ඔව්හු: මේ විපත්තිය අපට පැමුණුණේ කා නිසාදැයි දැනගන්නා පිණිස පසඇට දමමුයයි ඔවුනොවුන් කථාකරගත්තෝය. එසේ ඔවුන් පසඇට දැමූ විට පසඇටය යෝනාට වැටුණේය. එවිට ඔව්හු: මේ විපත්තිය අපට පැමුණුණේ මක්නිසාද කියා අපට කියන්න; නුඹේ රක්ෂාව මොකද? නුඹ කොතන සිට ආවාද? නුඹේ රට කිමෙක්ද? නුඹ මොන ජාතියේ කෙනෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහුද: මම හෙබ්‍රෙව්වෙක්ය; මම වනාහි මුහුදත් ගොඩබිමත් මැවුවාවූ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අදහමියි ඔවුන්ට කීය. එකල ඒ මනුෂ්‍යයෝ ඉතා භයපත්ව: නුඹ කළ මේ දේ කිමෙක්දැයි ඔහුට කීවෝය. එසේ කීවේ තමා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පලායන බව ඔහු ඒ මනුෂ්‍යයන්ට කියා තිබී, ඔවුන් එය දැනගන සිටි නිසාය. එකල ඔව්හු: මුහුද අපට නිශ්චලවෙන පිණිස අප විසින් නුඹට කරන්ට ඕනෑ මොකදැයි ඔහුගෙන් ඇසුවෝය; මක්නිසාද මුහුද වඩ වඩා වේගවත් විය. මා අරන් මුහුදේ දමන්න; එවිට මුහුද නුඹලාට නිශ්චලවන්නේය. කුමක්හෙයින්ද මේ මහත් කුණාටුව නුඹලා පිටට පැමිණ තිබෙන්නේ මා නිසා බව දනිමියි ඔහු ඔවුන්ට කීවේය. එහෙත් ඒ මනුෂ්‍යයෝ ගොඩට හැරීඑන පිණිස තදින් පැද්දෝය; නුමුත් මුහුද ඔවුන්ට විරුද්ධව වඩ වඩා සැරවූ බැවින් ඔවුන්ට බැරිවිය. එවිට ඔව්හු ස්වාමීන්වහන්සේට හඬගසා: අහෝ ස්වාමීන්වහන්ස, මේ මනුෂ්‍යයාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නොවේවා, නිදොස් ලේද අප පිට තැබුව මැනව. මක්නිසාද, ස්වාමීන්වහන්ස, ඔබ කැමති ලෙසම කළසේකැයි කීවෝය. එවිට ඔව්හු යෝනා අරන් මුහුදේ දැමූහ. මුහුදේ වේගයද නැවතුණේය. එකල ඒ මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේ කෙරේ අතිශයින් භයව, ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකොට, බාරවල් වුණෝය.

බෙදාගන්න
ජෝනා 1 කියවන්න

ජෝනා 1:1-16 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේගෙන් අමිත්තයිගේ පුත් ජෝනාට පැමිණි පණිවුඩය මෙසේ ය: “නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් ඊට විරුද්ධ ව මොරගසන්න; මන්ද, එහි වැසියන්ගේ දුෂ්ටකම මට ඉතා හොඳින් පෙනේ.” එහෙත්, ජෝනා සමිඳාණන් වහන්සේ මඟ හැර පලා යන පිණිස තර්ෂිෂ්ට යන්නට පිටත් විය. ඒ සඳහා ඔහු ජොප්පාවට ගියේ ය. එහි දී ඔහුට තර්ෂිෂ්ට යන නැවක් හමු වී, ඊට ගාස්තුව ගෙවා සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන පිණිස තර්ෂිෂ් බලා යන නැවකට නැඟුණේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ මුහුද පිට තද සුළඟක් හමන්න සැලැසූ සේක. එයින් මුහුදේ මහා කුණාටුවක් ඇති වී නැව බිඳෙන්නට විය. එවිට නාවිකයෝ බිය වී, එක එකා තම තමාගේ දෙවියන්ට මොරගැසුවෝ ය. ඔව්හු නැව සැහැල්ලු කරගන්න පිණිස එහි තිබුණු බඩු මුහුදට වීසි කළෝ ය. එහෙත්, ජෝනා නැවේ පහත තට්ටුවට බැස ගොස් බර නින්දකට වැටී හුන්නේ ය. එවිට නැව්පතියා ඔහු ළඟට අවුත්, “ඔබ හොඳට ම නිදාගෙන සිටීමේ තේරුම කුමක් ද? නැඟිට ඔබේ දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. සමහර විට උන් වහන්සේ අප විනාශ නොවන ලෙස අප ගැන සලකනු ඇතැ”යි කී ය. එකල නාවික පිරිස තම තමන් අතරේ කතා කරගනිමින්, “මේ විපත්තිය අපට පැමිණියේ කවරෙකු නිසා දැ යි දැනගන්න පිණිස පස ඇට දමමු”යි කී හ. ඒ අනුව ඔව්හු පස ඇට දැමූ හ. පස ඇටය ජෝනාට වැටිණි. එවිට ඔව්හු ජෝනාගෙන් ප්‍රශ්න කරමින්, “අපට පැමිණි මේ වින්නැහියට වගකිව යුත්තේ කවරෙක් ද? ඔබේ රැකියාව කුමක් ද? ඔබ කොහේ සිට ආවෙහි ද? ඔබේ රට කුමක් ද? ඔබේ ජාතිය කුමක් දැ”යි ඇසූ හ. ඔහු පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව් ජාතිකයෙක්මි. මම මුහුදත්, ගොඩබිමත් මැවූ ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ අදහමි”යි කී ය. ඔහු සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන බව ඔවුන් දැනගෙන සිටි නිසා ඔව්හු ඉතා බියපත් වී, “ඔබ කළ මේ හදිය කුමක් දැ”යි ඇසූ හ. කුණාටුව වඩ වඩාත් වේගවත් වූ බැවින්, “මුහුද නිශ්චල වන පිණිස අප ඔබට කුමක් කළ යුතු දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ. “මා රැගෙන මුහුදට බිලි දෙන්න. එවිට මුහුද නිශ්චල වනු ඇත. මේ මහ කුණාටුව ඇති වී තිබෙන්නේ මා නිසා බව මම දනිමි”යි ඔහු ඔවුන්ට කීවේ ය. කෙසේ වෙතත්, නාවික පිරිස වෙරළට පැමිණෙන පිණිස වඩාත් වීර්යයෙන් නැව පැදවූ හ. එහෙත්, මුහුද වඩ වඩා සැරෙන් ඔවුන්ට විරුද්ධ ව නැඟී ආ බැවින් ඔවුන්ට එසේ කරන්නට බැරි විය. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට හඬ ගසා, “අහෝ සමිඳුනි, මේ මිනිසාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නො වේ වා! නිදොස් කෙනෙකුගේ මරණයට අපි වගකිව යුත්තෝ නොවෙම් වා! මන්ද, සමිඳුනි, ඔබේ කැමැත්ත පරිදි ඔබ ක්‍රියා කළ සේකැ”යි කී හ. ඉන්පසු ඔව්හු ජෝනා මුහුදට බිලි දුන්හ. එවිට මුහුදේ කැළඹීම නැවතිණි. මේ හේතුවෙන් නාවික පිරිස සමිඳාණන් වහන්සේ කෙරෙහි අතිශයින් බියපත් වී, උන් වහන්සේට පූජාවක් ඔප්පු කර බාරහාර පිදූ හ.

බෙදාගන්න
ජෝනා 1 කියවන්න

ජෝනා 1:1-16 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝනා 1:1-16 New International Version (NIV)

The word of the LORD came to Jonah son of Amittai: “Go to the great city of Nineveh and preach against it, because its wickedness has come up before me.” But Jonah ran away from the LORD and headed for Tarshish. He went down to Joppa, where he found a ship bound for that port. After paying the fare, he went aboard and sailed for Tarshish to flee from the LORD. Then the LORD sent a great wind on the sea, and such a violent storm arose that the ship threatened to break up. All the sailors were afraid and each cried out to his own god. And they threw the cargo into the sea to lighten the ship. But Jonah had gone below deck, where he lay down and fell into a deep sleep. The captain went to him and said, “How can you sleep? Get up and call on your god! Maybe he will take notice of us so that we will not perish.” Then the sailors said to each other, “Come, let us cast lots to find out who is responsible for this calamity.” They cast lots and the lot fell on Jonah. So they asked him, “Tell us, who is responsible for making all this trouble for us? What kind of work do you do? Where do you come from? What is your country? From what people are you?” He answered, “I am a Hebrew and I worship the LORD, the God of heaven, who made the sea and the dry land.” This terrified them and they asked, “What have you done?” (They knew he was running away from the LORD, because he had already told them so.) The sea was getting rougher and rougher. So they asked him, “What should we do to you to make the sea calm down for us?” “Pick me up and throw me into the sea,” he replied, “and it will become calm. I know that it is my fault that this great storm has come upon you.” Instead, the men did their best to row back to land. But they could not, for the sea grew even wilder than before. Then they cried out to the LORD, “Please, LORD, do not let us die for taking this man’s life. Do not hold us accountable for killing an innocent man, for you, LORD, have done as you pleased.” Then they took Jonah and threw him overboard, and the raging sea grew calm. At this the men greatly feared the LORD, and they offered a sacrifice to the LORD and made vows to him.

බෙදාගන්න
ජෝනා 1 කියවන්න