ජෝවෙල් 2:25-26 - Compare All Versions

ජෝවෙල් 2:25-26 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“මවිසින් ඔබ වෙත එවන ලද මගේ මහා හමුදාව වූ පොකුරු පළඟැටි ද පනින පළඟැටි ද වනසන පළඟැටි ද කපන පළඟැටි ද කා දැමූ අවුරුදුවල හිලව්වට මම ඔබට ආපසු ගෙවන්නෙමි. ඇති තරම් කන්නට ඔබට ආහාර බහුල ව ලැබේ. එවිට ඔබ උදෙසා හාස්කම් පෑ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයට ඔබ ප්‍රශංසා කරනු ඇත; මින් මතු මගේ ජනයා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත.

බෙදාගන්න
ජෝවෙල් 2 SCV

ජෝවෙල් 2:25-26 SROV (Sinhala Revised Old Version)

මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි. නුඹලා වනාහි කෑම කා තෘප්තියට පැමිණ, නුඹලා ගැන පුදුමලෙස ක්‍රියා කළාවු නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය වර්ණනාකරන්නහුය. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට පත් නොවන්නෝය.

බෙදාගන්න
ජෝවෙල් 2 SROV

ජෝවෙල් 2:25-26 NRSV (Sinhala New Revised Version)

නුඹලා විනාශ කරන්නට මා විසින් එවන ලද මහා හමුදාවන් වන වැඩුණු පළඟැටියන් ද පනින පළඟැටියන් ද කපන පළඟැටියන් ද පළඟැටි පණුවන් ද කාදැමූ කාලයේ දී විනාශ වී ගිය දේ මම ආපසු නුඹලාට දෙමි. නුඹලා කා තෘප්තියට පැමිණ නුඹලා උදෙසා පුදුම දේ කළ නුඹලාගේ දෙවි සමිඳුන්ගේ නාමයට පැසසුම් කරන්න. මාගේ සෙනඟ මින්පසු කිසි කලෙක ලජ්ජාවට නොපැමිණෙති.

බෙදාගන්න
ජෝවෙල් 2 NRSV

ජෝවෙල් 2:25-26 SNRV (Sinhala New Revised Version 2018)

නුඹලා විනාශ කරන්නට මා විසින් එවන ලද මහා හමුදාවන් වන වැඩුණු පළඟැටියන් ද පනින පළඟැටියන් ද කපන පළඟැටියන් ද පළඟැටි පණුවන් ද කාදැමූ කාලයේ දී විනාශ වී ගිය දේ මම ආපසු නුඹලාට දෙමි. නුඹලා කා තෘප්තියට පැමිණ නුඹලා උදෙසා පුදුම දේ කළ නුඹලාගේ දෙවි සමිඳුන්ගේ නාමයට පැසසුම් කරන්න. මාගේ සෙනඟ මින්පසු කිසි කලෙක ලජ්ජාවට නොපැමිණෙති.

බෙදාගන්න
ජෝවෙල් 2 SNRV

ජෝවෙල් 2:25-26 NIV (New International Version)

“I will repay you for the years the locusts have eaten— the great locust and the young locust, the other locusts and the locust swarm— my great army that I sent among you. You will have plenty to eat, until you are full, and you will praise the name of the LORD your God, who has worked wonders for you; never again will my people be shamed.

බෙදාගන්න
ජෝවෙල් 2 NIV