ජෝවෙල් 2:13-14
ජෝවෙල් 2:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ හැඳිවත් නො ව, ඔබගේ හදවත් ඉරාගෙන, ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු එන්න. මන්ද, උන්වහන්සේ දයාන්විත ය; අනුකම්පා සහගත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය; විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන සේක. කවුරු දනිත් ද? උන්වහන්සේ සිත වෙනස් කර, දයාන්විත වී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ධාන්‍ය පූජා හා පාන පූජා සඳහා ආශිර්වාදයක් තබා යන්නට බැරි නැත.
ජෝවෙල් 2:13-14 Sinhala Revised Old Version (SROV)
එසේය, නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගන, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න. මක්නිසාද උන්වහන්සේ දයාවන්තවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ කෙනෙක්ය; උන්වහන්සේ විපත්තිය ගැන තැවෙනසේක. සමහරවිට උන්වහන්සේ හැරී ඇවිත් තැවී, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔප්පුකිරීමට ආහාර පූජාවක්ද පාන පූජාවක්ද අඩංගුවූ ආශීර්වාදයක් දීලා යනවා ඇද්දෝයි දන්නේ කවුද?
ජෝවෙල් 2:13-14 Sinhala New Revised Version (NRSV)
වත ඉරාගෙන නොව, සිත ඉරාගෙන, නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න. මන්ද, එතුමාණෝ, කරුණාභරිත, දයාන්විත, වහා නොකිපෙන, තිර පෙමින් සමන්විත, කමා වීමට කැමැති දෙවි කෙනෙකි. සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා, ආහාර පූජා ද පානීය පූජා ද ඔබේ දෙවි සමිඳුන්ට ඔප්පු කරන්නට හැකි වනු ඇද්දැ යි කවරෙක් දනිත් ද?
ජෝවෙල් 2:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
වත ඉරාගෙන නොව, සිත ඉරාගෙන, නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න. මන්ද, එතුමාණෝ, කරුණාභරිත, දයාන්විත, වහා නොකිපෙන, තිර පෙමින් සමන්විත, කමා වීමට කැමැති දෙවි කෙනෙකි. සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා, ආහාර පූජා ද පානීය පූජා ද ඔබේ දෙවි සමිඳුන්ට ඔප්පු කරන්නට හැකි වනු ඇද්දැ යි කවරෙක් දනිත් ද?
ජෝවෙල් 2:13-14 New International Version (NIV)
Rend your heart and not your garments. Return to the LORD your God, for he is gracious and compassionate, slow to anger and abounding in love, and he relents from sending calamity. Who knows? He may turn and relent and leave behind a blessing— grain offerings and drink offerings for the LORD your God.