ජෝවෙල් 2:1-32
ජෝවෙල් 2:1-32 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පිඹින්න හොරණෑව සියොනෙහි දී; හඬවන්න අනතුරු ඇඟවීම මගේ ශුද්ධ කන්දේදී. දේශයේ වෙසෙන සියල්ලෝ වෙවුලත්වා! මන්ද, ස්වාමින්වහන්සේගේ දවස ළඟා වේ; එය අත ළඟ ම ය. ඒ දවස කළුවර දවසෙකි; අන්ධකාර දවසෙකි; වලාකුළෙන් බර, ඝන අඳුරු දවසෙකි. කඳුයාය හරහා කළුවර පැතිරෙන්නාක් මෙන්, අති මහත්, බලවත් හමුදාවක් පැමිණේ. පරම්පරා අවුරුදු මුළුල්ලේ ම එවැන්නක් ඉහත කිසි කලෙක නො වූ සේ ම මතු ද කිසි කල නො වන්නේ ය. ඔවුනට පෙරටුවෙන් ගින්න කා දමන්නේ ය, ඔවුනට පිටුපසින් ගිනි දැල් ඇවිළෙන්නේ ය. ඔවුනට පෙරටුවෙන් දේශය ඒදන් උයන වැන්න; ඔවුනට පිටුපසින් එය පාළු කතරකි. කිසිවකුදු ඔවුන්ගෙන් බේරී නො යේ. ඔවුන්ගේ පෙනුම අශ්වයින් බඳු ය. අශ්ව බළ ඇණියක් මෙන් ඔවුහු පිම්මේ දුවති. යුද්ධ රථවල වැනි ඝෝෂාවෙන් යුතු ව, කඳු මුදුන් පිට ඔවුහු පැන පැන යන්නේ, ඉපනැලි දවමින් පැතිරෙන ගින්නේ ශබ්දය මෙනි; සටනට පෙළ ගැසුණු බල සේනාවක් මෙනි. ඔවුන් දැකුමෙන් ජාතීහු ගාවිනා විඳිති. හැම මුහුණක් ම සුදුමැලි වී යයි. ඔවුන් දිව එන්නේ රණවිරුවන් මෙනි. පුර පවුරු පිට නැග ගන්නේ හේවායින් මෙනි. ඔවුහු තම පෙළ නො කඩා, සියල්ලෝ එක පෙළට ම යති. ඔවුන් එකිනෙකා හා නො ගැටෙමින්, හැමකෙක් ම තමාට හිමි මං-තීරුවේ ඇදෙති. ඔවුහු තම සේනාංක පෙළ නො බිඳ, ආරක්ෂක ආයුධ-ආම්පන්න බිඳගෙන යති. ඔවුහු පුරවරයට කඩා පනිති; පුර පවුර දිගේ දුව යති. ඔවුහු සොරුන් මෙන් කවුළුවලින් පැන, ගෙවලට ද රිංගා ගනිති. ඔවුන් ඉදිරියේ පොළොව සලිත වේ; අහස වෙව්ලුම්කයි. හිරු සඳු අඳුරු කෙරේ; තරු තවත් නො බැබළේ. ස්වාමින්වහන්සේ ස්වකීය හමුදාව ඉදිරියෙන් සිට තම කටහඬ අවදි කරන සේක. උන්වහන්සේගේ සේනා ගණන් නැති තරම් ය. උන්වහන්සේගේ වචනයට කීකරු වන්නෝ බලවන්තයෝ ය. ස්වාමින්වහන්සේගේ දවස මහ බලවත් ය; එය භයංකර ය; එය දරාගත හැක්කේ කවරකුට ද? “දැන්වත්, උපවාසයෙන් ද හැඬීමෙන් ද වැලපීමෙන් ද යුතු ව ඔබේ මුළු හදින් මා වෙත හැරී එන්නැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඔබගේ හැඳිවත් නො ව, ඔබගේ හදවත් ඉරාගෙන, ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු එන්න. මන්ද, උන්වහන්සේ දයාන්විත ය; අනුකම්පා සහගත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය; විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන සේක. කවුරු දනිත් ද? උන්වහන්සේ සිත වෙනස් කර, දයාන්විත වී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ධාන්‍ය පූජා හා පාන පූජා සඳහා ආශිර්වාදයක් තබා යන්නට බැරි නැත. සියොනෙහි හොරණෑ පිඹ, ශුද්ධ උපවාසයක් ප්‍රකාශ කර, ශුද්ධ එක් රැස්වීමක් කැඳවන්න. ජනයා එක් රැස් කර, සභාව විශුද්ධ කරන්න; වැඩිහිටියන් එකට කැඳවන්න; කිරි බොන ළදරුවන් ඇතුළු ව දරුවන් එක් රැස් කරන්න; මනාලයා තම කුටිය ද මනාලිය තම කාමරය ද අතහැර ඒවා. පූජකයෝ, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි මෙහෙකරන්නෝ, දේව මාලිග ද්වාර මණ්ඩපය හා පූජාසනය අතර හිඳ වැලපෙත්වා! ඔවුහු, “අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ජනයාට අනුකම්පා පෑ මැනව. ඔබගේ උරුමය ජාතීන් අතරේ සමච්චලයට පාත්‍රවන්නට, කවට වදනක් වන්නට ඉඩ නො හැරිය මැනව. ‘උන්ගේ දෙවියන්වහන්සේ කොහේ දැ?’ යි ජනයා අතරේ කියනු ලබන්නේ කුමට ද?” ස්වාමින්වහන්සේගේ එවිට ස්වාමින්වහන්සේ ස්වකීය දේශය ගැන ඊර්ෂ්‍යා සහගත ව තම ජනයාට අනුකම්පා කළ සේක. ස්වාමින්වහන්සේ තම ජනයාට උත්තර දෙමින්, “මෙන්න! මම ඔබට ධාන්‍ය ද අලුත් මිදි යුෂ හා තෙල් ද එවන්නෙමි; එවිට ඔබ සෑහීමට පත් වනු ඇත. යළි කිසි කලෙකත් මම ජාතීන් ඉදිරියේ ඔබ සමච්චලයට ලක් නො කරන්නෙමි. “මම උතුරු හමුදාව ඔබ වෙතින් ඈතට පලවා හරින්නෙමි. වියළී කරවූ මුඩු බිමකට ඔහු තල්ලු කරන්නෙමි. එහි පෙරමුණු ඇණිය නැගෙනහිර මුහුදට ද පසු ඇණිය බටහිර මුහුදට ද යවන්නෙමි. ඔහුගේ දුර්ගන්ධය හා පිළිකුල නැග එයි” පැවසූ සේක. මන්ද උන්වහන්සේ මහත් දෑ කළ සේක. එම්බා දේශය භය නො වන්න; ප්‍රීති ප්‍රමෝද වන්න. සැබවින් ම ස්වාමින්වහන්සේ ඉමහත් දෑ කළ සේක. එම්බා වන-මෘගයෙනි, භය නොවෙල්ලා! මන්ද පාළුකරයේ තණ බිම් නිල්ල ගැසී එයි. ගස්-වැල්වල පල හට ගැන්වී එයි; අත්තික්කා ගසත්, මිදි වැලත් සරුවට පල දරයි. එම්බා සියොන් දරුවෙනි, ප්‍රීති වන්න: ඔබගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමෝද වන්න. ඔබේ නිදොස්කමට උන්වහන්සේ පෙර වැසි එවන සේක. මන්ද, උන්වහන්සේ විශ්වසනීය ය. උන්වහන්සේ ඔබට මහ වැසි වස්සන සේක. පෙර පරිදි පෙර වැහි සහ පසු වැහි වස්සන සේක. කමත්, ධාන්‍යයෙන් පිරී යනු ඇත. අලුත් මිදි යුෂවලින් හා තෙලින් මහ-පීප්ප පිරී ඉතිරී යනු ඇත. “මවිසින් ඔබ වෙත එවන ලද මගේ මහා හමුදාව වූ පොකුරු පළඟැටි ද පනින පළඟැටි ද වනසන පළඟැටි ද කපන පළඟැටි ද කා දැමූ අවුරුදුවල හිලව්වට මම ඔබට ආපසු ගෙවන්නෙමි. ඇති තරම් කන්නට ඔබට ආහාර බහුල ව ලැබේ. එවිට ඔබ උදෙසා හාස්කම් පෑ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයට ඔබ ප්‍රශංසා කරනු ඇත; මින් මතු මගේ ජනයා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත. එවිට මා ඉශ්‍රායෙල් මධ්‍යයේ සිටින වග, නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග, මා හැර අන් දෙවි කෙනකු නැති වග, නුඹලා දැනගන්නවා ඇත. මින් මතු මගේ ජනයා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත. ස්වාමින්වහන්සේගේ “එයින් පසු, මෙසේ සිදු වන්නේ ය. මම මගේ ආත්මයාණන් මාංසමය සියල්ලන් පිට වගුරුවමි. ඔබේ පුතුන් ද දූවරුන් ද දිවැසි වැකි පවසනු ඇත. ඔබේ වැඩිමහල් මිනිසුන් ස්වප්න දකිනු ඇත, ඔබේ තරුණයින් දර්ශන දකිනු ඇත. තවද මගේ සේවක සේවිකාවන් පිට පවා, එදවස්හි දී මම මගේ ආත්මයාණන් වගුරුවමි. ලේ ද ගිනි ද ධූම තරංග ද සහිත අරුම පුදුම මම අහසේ හා පොළොවේ දක්වාලමි. ස්වාමින්වහන්සේගේ ඒ මහා, භයංකර දවස පැමිණෙන්නට පළමු හිරු අන්ධකාරයට හැරෙන්නේ ය; සඳු ලෙයට හැරෙන්නේ ය. තවද, ස්වාමින්වහන්සේගේ නාමයෙන් අයදින හැම කෙනෙක් ම ගලවනු ලබන්නේ ය. මන්ද, ස්වාමින්වහන්සේ කියා ඇති පරිදි, ස්වාමින්වහන්සේගෙන් කැඳවීම ලබන ජීවත් ව සිටින්නන් අතරේ, සියොන් කන්ද පිට හා යෙරුසලම තුළ මිදීම සිදු වන්නේ ය.
ජෝවෙල් 2:1-32 Sinhala Revised Old Version (SROV)
සියොන්හි හොරණෑව පිඹ, මාගේ ශුද්ධවූ කන්දෙහි මහත් ශබ්දයක් පවත්වන්න; දේශයේ සියලු වැසියෝ වෙවුලත්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙයි, ඒක ළංව තිබේ; ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත. උන්ට පෙරටුවෙන් ගින්නක් නාස්තිකරන්නේය; උන්ට පස්සෙන් ගිනිදැල්ලක් ඇවිළෙන්නේය. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබී, උන්ට පස්සෙන් පාළු කාන්තාරයක් වන්නේය; උන්ගෙන් කිසිවක් නොගැළවුණේය. උන්ගේ පෙනීම අසුන්ගේ පෙනීම මෙන්ය; උන් අසරුවන් මෙන් දුවති. කඳු මුදුන් පිට යන්නාවූ රථ ශබ්දය මෙන්ද ඉපනැලි දවන ගිනිදැල්ලේ ශබ්දය මෙන්ද යුද්ධ පිළිවෙළට සිටින බලවත් සෙනඟක් මෙන්ද උන් පනින්නෝය. උන් ඉදිරියෙහි ජනයෝ වෙවුලති. සියලු මුහුණු සුදුමැලිවී තිබේ. උන් බලවතුන් මෙන් දුවති; යුද්ධකාරයන් මෙන් පවුරට නගිති; උන් තමුන්ගේ මාවත්වලින් අහක් නොවී, එක එකා තම තමාගේ මාර්ගයෙන්ම යන්නෝය. උන් එකිනෙකාට නොහැපී, තම තමාගේ පාරවලම යන්නෝය. උන් යුද්ධායුධ අතරේ වැටුණත් තුවාලවන්නේ නැත. උන් නුවර එහාමෙහා දුවති; පවුර පිට නැගීයති; ගෙවල්වලට නගිති; සොරෙකු මෙන් කවුළුවලින් ඇතුල්වෙති. උන් ඉදිරියෙහි පොළොව වෙවුලන්නේය; අහස සෙලවෙන්නේය. ඉර හඳ අඳුරුවන්නේය, තාරකාවල දිලිහීමද නවතින්නේය. ස්වාමීන්වහන්සේ තමන්ගේ සේනාවට පෙරටුවෙන් ස්වකීය හඬ පවත්වනසේක; මක්නිසාද උන්වහන්සේගේ හමුදාව ඉතා මහත්ය; උන්වහන්සේ තමන් වචන ඉෂ්ටකරමින් බලවත්ව සිටිනසේක. එසේය, ස්වාමීන්වහන්සේගේ දවස මහත්ව ඉතා භයංකරව තිබේ; එය දරන්ට කාට පුළුවන්ද? එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද නිරාහාරව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැලපීමෙන්ද මා වෙතට හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එසේය, නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගන, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න. මක්නිසාද උන්වහන්සේ දයාවන්තවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ කෙනෙක්ය; උන්වහන්සේ විපත්තිය ගැන තැවෙනසේක. සමහරවිට උන්වහන්සේ හැරී ඇවිත් තැවී, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔප්පුකිරීමට ආහාර පූජාවක්ද පාන පූජාවක්ද අඩංගුවූ ආශීර්වාදයක් දීලා යනවා ඇද්දෝයි දන්නේ කවුද? සියොන්හි හොරණෑව පිඹ, ශුද්ධවූ උපවාසයක්ද රැස්වීමක්ද ප්‍රසිද්ධකරන්න. සෙනඟ රැස්කර, ශුද්ධවූ සභාවක් පවත්වන්න, මහල්ලන් එකතුකර, ළමයින්ද කිරිදරුවන්ද එක්කාසුකරන්න. මනමාලයා තමාගේ ගෙයින්ද මනමාලී ඇගේ ඇතුල් ගෙයින්ද පිටතට එත්වා. ස්වාමීන්වහන්සේගේ සේවකවූ පූජකයෝ ද්වාරමණ්ඩපය සහ පූජාසනය අතරෙහි සිට අඬමින්: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟට කරුණාකළ මැනව, ඔවුන් කෙරෙහි ජාතීන් විසින් ආණ්ඩුකරන හැටියට ඔබගේ උරුමය නින්දාවට පාවා නුදුන මැනව. ඔවුන්ගේ දෙවියන්වහන්සේ කොතනදැයි ජනයන් අතරේ මක්නිසා කියනු ලබන්නේදැයි කියත්වා. එකල ස්වාමීන්වහන්සේ තමන්ගේ දේශය ගැන ජ්වලිතවී, තමන්ගේ සෙනඟට අනුකම්පාකළසේක. ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට උත්තරදෙමින්: මෙන්න, නුඹලා තෘප්තියට පැමිණෙන ලෙස ධාන්‍යද මිදියුසද තෙල්ද නුඹලා වෙත එවමි. මම ජාතීන් අතරෙහි නුඹලා තවත් නින්දාවක් නොකරන්නෙමි. මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත්කර, ඔවුන් නිසරු පාළු දේශයකටත්, ඔවුන්ගේ ඉස්සරහ කොටස නැගෙනහිර මුහුදටත්, පසු කොටස බස්නාහිර මුහුදටත් පන්නාදමන්නෙමි; මෙසේ ඔවුන් උඩඟුකම්කළ බැවින්, ඔවුන් ගඳගසා, ඔවුන්ගේ දුර්ගන්ධය නගින්නේයයි කියනවා ඇත. එම්බා දේශය, භය නොවී, ප්‍රීතිසන්තෝෂවෙන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දේ කළසේක. වනයේ මෘගයෙනි, භය නොවව්; මක්නිසාද කාන්තාරයේ ගොදුරු-බිම්වල තෘණ අටගනියි, ගස්ද ඵලදෙයි, අත්තික්කා ගසද මිදි වැලද ඒවායේ ස්වරසය දෙති. ඉතින් සියොන් පුත්‍රයෙනි, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිසන්තෝෂවෙන්න. මක්නිසාද උන්වහන්සේ නුඹලාට පළමුවෙනි වර්ෂාව නිසිතරමට දුන්සේක, තද වැස්ස වන පළමුවෙනි වර්ෂාවද පළමුවෙනි මාසයේ අන්තිම වර්ෂාවද උන්වහන්සේ නුඹලා උදෙසා වස්වනවා ඇත. එවිට කමත් ධාන්‍යවලින් පිරෙනවා ඇත. මිදියුසද තෙල්ද පැස්වලින් ඉතිරෙනවා ඇත. මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි. නුඹලා වනාහි කෑම කා තෘප්තියට පැමිණ, නුඹලා ගැන පුදුමලෙස ක්‍රියා කළාවු නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය වර්ණනාකරන්නහුය. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට පත් නොවන්නෝය. මා ඉශ්‍රායෙල්වරුන් අතරේ සිටින බවත් මා නුඹලාගේ දෙවිවු ස්වාමීන්වහන්සේ බවත් වෙන කෙනෙක් නැති බවත් නුඹලා දැනගන්නවා ඇත. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට නොපැමිණෙන්නෝය. ඉන්පසු මාංසමයවූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය, නුඹලාගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත. ඒ දවස්වලදී දාසයන් සහ දාසීන් කෙරෙහි පවා මාගේ ආත්මය වගුරුවන්නෙමි. තවද අහසෙහිත් පොළොවෙහිත් පුදුම එනම් ලේද ගිනිද දුම්-කණුද පෙන්වන්නෙමි. ස්වාමීන්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය. තවද ස්වාමීන්වහන්සේගේ නම කියා යාච්ඤාකරන කවුරුනුමුත් ගැළවෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ කී ලෙස, ගැළවෙන අයද ඉතිරි අය අතරේ ස්වාමීන්වහන්සේ කැඳවන අයද සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් සිටිනවා ඇත.
ජෝවෙල් 2:1-32 Sinhala New Revised Version (NRSV)
“සියොන්හි හොරණෑව පිඹින්න; දෙවිඳුන්ගේ ශුද්ධ කන්දේ අනතුරු හඬ නඟන්න. දේශයේ සියලු වැසියෝ වෙවුලත් වා! මන්ද, සමිඳාණන් වහන්සේගේ දවස පැමිණේ. එසේ ය, එය ආසන්න ය. ඒ දවස කළුවර අඳුරු දවසක් ය; වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය. ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය. එවැන්නක් කිසි කලෙක නො වී ය; මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය. උන්ට පෙරටුව වනසාලන ගින්න නාස්ති කරයි; උන්ට පස්සෙන් බුර බුරා නඟින ගිනි ජාලාවක් ඇවිලෙයි. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබේ. උන්ට පස්සෙන් එය පාළුකරයක් වන්නේ ය. උන්ගෙන් බේරෙන කිසිවෙක් නැත. පෙනුමට උන් අසුන් වැනි ය; උන් දුවන්නේ රණ අසුන් ලෙස ය. අශ්ව රථ ශබ්දය මෙන් ද ගින්නෙහි දැවෙන ඉපනැලි මෙන් ද සටනට පෙළගැසුණු සේනාවක් මෙන් ද ගිරි කුළු මත පැන පැන උහු යති. උන් ඉදිරියේ ජනයෝ වෙවුලති; සියලු මුහුණු මැලවී යයි. රණ ශූරයන් මෙන් ඔව්හු ඉදිරියට යති; යුද භටයන් මෙන් පවුරට නඟිති; එකිනෙකා නියමිත මඟ ගමන් කරයි. උන් යන විට හැලහැප්පීමක් නැත; මාර්ගයෙන් පිට යාමක් ද නැත. අවි ආයුධ මැදින් කඩා පැන පසු නොබැස ඉදිරියට ම යති. උන් නගරයට කඩා පනිති; පවුරු පිට නැඟ දුවති; නිවෙස් මුදුනට නැඟ සොරුන් මෙන් කවුළුවලින් රිංගා යති. උන් ඉදිරියෙහි පොළොව කම්පා වෙයි; අහස ගුගුරයි; ඉර හඳ අඳුරු වෙයි; තරු තවත් නොබබළයි. සමිඳුන් සිය සේනාවට මහ හඬින් අණ දෙන සේක. භට හමුදාව අතිවිශාල ය; ඒ අණට කීකරු වන්නා අතිබලවන්ත ය; සමිඳුන්ගේ දවස ත්‍රාසජනක ය; අතිභයංකර ය. එය දැරිය හැක්කේ කවරෙකුට ද?” සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උපවාසයෙන් ද වැලපීමෙන් ද මුළු සිතින් දැන් වත් මා වෙත හැරී එන්න. වත ඉරාගෙන නොව, සිත ඉරාගෙන, නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න. මන්ද, එතුමාණෝ, කරුණාභරිත, දයාන්විත, වහා නොකිපෙන, තිර පෙමින් සමන්විත, කමා වීමට කැමැති දෙවි කෙනෙකි. සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා, ආහාර පූජා ද පානීය පූජා ද ඔබේ දෙවි සමිඳුන්ට ඔප්පු කරන්නට හැකි වනු ඇද්දැ යි කවරෙක් දනිත් ද? සියොන් කන්දේ හොරණෑව පිඹින්න; උපවාසයක් පණවා, අයැදුමට සෙනඟ රැස් කරන්න. සෙනඟ එක්රැස් කරන්න; ශුද්ධ සභාවට ඔවුන් සූදානම් කරන්න. ප්‍රජා මූලිකයන් එකතු කරන්න; ළමයින් ද කිරි දරුවන් ද ගෙන එන්න; මනාලයා තම යහන් ගබඩාවෙන් ද මනාලිය තම නිදන කුටියෙන් ද පිටත එත් වා! ද්වාර මණ්ඩපය හා පූජාසනය අතර සිටින සමිඳුන්ගේ සේවක පූජකයෝ හඬා වැලපෙමින්, ‘සමිඳුනි, ඔබේ සෙනඟට අනුකම්පා කළ මැනව, ඔබේ දෙවියෝ කොයි දැ යි ජාතීන් අතරේ කීමට ඉඩ නොහැරිය මැනවැ’යි කියත් වා!” එවිට සමිඳාණන් වහන්සේ දේශය ගැන උද්‍යෝගවත් වී සෙනඟට අනුකම්පා කළ සේක. උන් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දුන් සේක. “මෙන්න, නුඹලා තෘප්තියට පැමිණෙන පිණිස ධාන්‍ය ද මිදියුස ද තෙල් ද මම නුඹලාට දෙමි. මින්පසු නුඹලාට නින්දා කිරීමට විජාතීන්ට ඉඩ නොදෙමි. මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත් කර, ඔවුන් නිසරු, පාළු දේශයකට පලවා හරිමි. පෙරමුණෙහි සේනා මළ මුහුදටත් පසුපස සේනා මධ්‍යධරණි මුහුදටත් පලවා හරිමි. ඔවුන් කළ අහංකාරී ක්‍රියා නිසා ඔවුන්ගේ මළකඳන්වලින් දුගඳ පැතිරී යනු ඇත. එම්බා දේශය! බිය නොවී ප්‍රීති ප්‍රමෝද වන්න. මන්ද, සමිඳුන් ඉමහත් දේ කර ඇත. වන මෘගයෙනි, බිය නොවව්, මන්ද, කෙතේ තණ සරුසාර ය; ගස්වල පල හටගන්නේ ය. අත්තික්කා ගස්වලින් හා මිදි වැල්වලින් බහුල අස්වැන්නක් ලැබේ. සියොන් වැසියෙනි, ප්‍රීති වන්න. ඔබේ දෙවි සමිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්න. එතුමාණෝ, ඔබට ශරත් කාලයේ නිසි තරමට වැසි ද ශීත කාලයේ මහා වැසි ද වසන්ත කාලයේ පෙර මෙන් වැසි ද වස්වන සේක. කමත් ධාන්‍යයෙන් පිරෙනු ඇත; මිදියුස ද තෙල් ද භාජනවලින් ඉතිරී යනු ඇත. නුඹලා විනාශ කරන්නට මා විසින් එවන ලද මහා හමුදාවන් වන වැඩුණු පළඟැටියන් ද පනින පළඟැටියන් ද කපන පළඟැටියන් ද පළඟැටි පණුවන් ද කාදැමූ කාලයේ දී විනාශ වී ගිය දේ මම ආපසු නුඹලාට දෙමි. නුඹලා කා තෘප්තියට පැමිණ නුඹලා උදෙසා පුදුම දේ කළ නුඹලාගේ දෙවි සමිඳුන්ගේ නාමයට පැසසුම් කරන්න. මාගේ සෙනඟ මින්පසු කිසි කලෙක ලජ්ජාවට නොපැමිණෙති. එවිට මා ඉශ්රායෙල් සෙනඟ අතරේ වැඩ සිටින බව ද අන් දෙවි කෙනෙකු නුඹලාට නැති බව ද නුඹලා දැනගනු ඇත. මාගේ සෙනඟ මින්පසු කිසි කලෙක ලජ්ජාවට නොපැමිණෙති. “ඉන්පසු, සකල මනුෂ්‍යයන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරමි. එවිට, නුඹලාගේ දූ පුත්තු දිවැස් වැකි කියති. මහල්ලෝ ස්වප්න දකිති; තරුණයෝ දර්ශන දකිති. ඒ කාලයේ දී, දැසිදසුන් කෙරෙහි වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි. ඒ දවස ගැන අහස් ගැබෙහි හා පොළෝ තලයේ මම පෙර නිමිති දක්වාලමි. ලේ ද ගිනි ද දුම් කඳු ද එකල ඇති වේ. උදාර, අතිභයානක දවස වන සමිඳුන්ගේ දවස, උදා වන්නට පෙර ඉර අඳුරු වන්නේ ය; හඳ ලේ පාට වන්නේ ය. එවිට, සමිඳුන්ගේ නාමය කියා අයැදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය. සමිඳුන් කියා ඇති පරිදි ගැළවෙන අය ද ඉතිරි අය අතර සමිඳුන් කැඳවන අය ද සියොන් කන්දේ සහ ජෙරුසලමේ සිටිනු ඇත.
ජෝවෙල් 2:1-32 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝවෙල් 2:1-32 New International Version (NIV)
Blow the trumpet in Zion; sound the alarm on my holy hill. Let all who live in the land tremble, for the day of the LORD is coming. It is close at hand— a day of darkness and gloom, a day of clouds and blackness. Like dawn spreading across the mountains a large and mighty army comes, such as never was in ancient times nor ever will be in ages to come. Before them fire devours, behind them a flame blazes. Before them the land is like the garden of Eden, behind them, a desert waste— nothing escapes them. They have the appearance of horses; they gallop along like cavalry. With a noise like that of chariots they leap over the mountaintops, like a crackling fire consuming stubble, like a mighty army drawn up for battle. At the sight of them, nations are in anguish; every face turns pale. They charge like warriors; they scale walls like soldiers. They all march in line, not swerving from their course. They do not jostle each other; each marches straight ahead. They plunge through defenses without breaking ranks. They rush upon the city; they run along the wall. They climb into the houses; like thieves they enter through the windows. Before them the earth shakes, the heavens tremble, the sun and moon are darkened, and the stars no longer shine. The LORD thunders at the head of his army; his forces are beyond number, and mighty is the army that obeys his command. The day of the LORD is great; it is dreadful. Who can endure it? “Even now,” declares the LORD, “return to me with all your heart, with fasting and weeping and mourning.” Rend your heart and not your garments. Return to the LORD your God, for he is gracious and compassionate, slow to anger and abounding in love, and he relents from sending calamity. Who knows? He may turn and relent and leave behind a blessing— grain offerings and drink offerings for the LORD your God. Blow the trumpet in Zion, declare a holy fast, call a sacred assembly. Gather the people, consecrate the assembly; bring together the elders, gather the children, those nursing at the breast. Let the bridegroom leave his room and the bride her chamber. Let the priests, who minister before the LORD, weep between the portico and the altar. Let them say, “Spare your people, LORD. Do not make your inheritance an object of scorn, a byword among the nations. Why should they say among the peoples, ‘Where is their God?’ ” LORD Then the LORD was jealous for his land and took pity on his people. The LORD replied to them: “I am sending you grain, new wine and olive oil, enough to satisfy you fully; never again will I make you an object of scorn to the nations. “I will drive the northern horde far from you, pushing it into a parched and barren land; its eastern ranks will drown in the Dead Sea and its western ranks in the Mediterranean Sea. And its stench will go up; its smell will rise.” Surely he has done great things! Do not be afraid, land of Judah; be glad and rejoice. Surely the LORD has done great things! Do not be afraid, you wild animals, for the pastures in the wilderness are becoming green. The trees are bearing their fruit; the fig tree and the vine yield their riches. Be glad, people of Zion, rejoice in the LORD your God, for he has given you the autumn rains because he is faithful. He sends you abundant showers, both autumn and spring rains, as before. The threshing floors will be filled with grain; the vats will overflow with new wine and oil. “I will repay you for the years the locusts have eaten— the great locust and the young locust, the other locusts and the locust swarm— my great army that I sent among you. You will have plenty to eat, until you are full, and you will praise the name of the LORD your God, who has worked wonders for you; never again will my people be shamed. Then you will know that I am in Israel, that I am the LORD your God, and that there is no other; never again will my people be shamed. LORD “And afterward, I will pour out my Spirit on all people. Your sons and daughters will prophesy, your old men will dream dreams, your young men will see visions. Even on my servants, both men and women, I will pour out my Spirit in those days. I will show wonders in the heavens and on the earth, blood and fire and billows of smoke. The sun will be turned to darkness and the moon to blood before the coming of the great and dreadful day of the LORD. And everyone who calls on the name of the LORD will be saved; for on Mount Zion and in Jerusalem there will be deliverance, as the LORD has said, even among the survivors whom the LORD calls.