ජෝබ් 8:5-7
ජෝබ් 8:5-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ඔබ දෙවියන්වහන්සේගේ පිහිට සොයා, සර්ව පරාක්රමයාණන්ට දයාව ඉල්ලා කන්නලව් කරන්නේ නම්, ඔබ පවිත්ර නම්, අවංක නම්, උන්වහන්සේ දැන් වුව ඔබ වෙනුවෙන් නැගිට, ඔබට නිසි තැනට යළි ඔබ පත් කරනු ඇත. ඔබගේ පටන් ගැන්ම සුළු වුව ද, ඔබගේ අනාගතය බොහෝ සඵල ව තිබෙනු ඇත.
ජෝබ් 8:5-7 Sinhala Revised Old Version (SROV)
නුඹ දෙවියන්වහන්සේ ඕනෑකමින් සොයා, සර්වපරාක්රමයාණන්ට කන්නලව් කරන්නෙහි නම්, නුඹ පිරිසිදුව අවංකව සිටින්නෙහි නම්, සැබෑවටම දැන් නුඹ උදෙසා උන්වහන්සේ පිබිද, නුඹේ ධර්මිෂ්ඨකමේ නිවාසය සමාදානයෙන් වර්ධනයකරනසේක. නුඹේ පටන්ගැන්ම කුඩා නුමුත් නුඹේ අන්තිමය බොහෝසෙයින් වැඩිවන්නේය.
ජෝබ් 8:5-7 Sinhala New Revised Version (NRSV)
දැන් ඉතින්, ඔබ උනන්දුවෙන් දෙවිඳුන් සොයා, සව් බලැති එතුමන්ට කන්නලව් කරන්නෙහි නම්, ඔබ නිදොස් ව, අවංක ව සිටින්නෙහි නම්, සැබැවින් එතුමාණන් ඔබ වෙනුවෙන් පිබිද, ඔබේ දැහැමි නිවෙසට ආසිරි වස්වනු ඇත. “ඔබේ පටන්ගැන්ම සුළු වුව ද අවසානය උසස් වනු ඇත.
ජෝබ් 8:5-7 Sinhala New Revised Version 2018 (SNRV)
දැන් ඉතින්, ඔබ උනන්දුවෙන් දෙවිඳුන් සොයා, සව් බලැති එතුමන්ට කන්නලව් කරන්නෙහි නම්, ඔබ නිදොස් ව, අවංක ව සිටින්නෙහි නම්, සැබැවින් එතුමාණන් ඔබ වෙනුවෙන් පිබිද, ඔබේ දැහැමි නිවෙසට ආසිරි වස්වනු ඇත. “ඔබේ පටන්ගැන්ම සුළු වුව ද අවසානය උසස් වනු ඇත.
ජෝබ් 8:5-7 New International Version (NIV)
But if you will seek God earnestly and plead with the Almighty, if you are pure and upright, even now he will rouse himself on your behalf and restore you to your prosperous state. Your beginnings will seem humble, so prosperous will your future be.