ජෝබ් 8:1-7 - Compare All Versions

ජෝබ් 8:1-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එකල ෂූහීය බිල්දද් පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය: “තව කොතෙක් දුරට ඔබ ඔවැනි කතා කියනවා ද? ඔබේ වචන සද්දෙන් හමන සුළඟක් වගේ. දෙවියන්වහන්සේ යුක්තිය පෙරළන සේක් ද? සර්ව පරාක්‍රමයාණෝ සත්‍යය පෙරළන සේක් ද? ඔබේ දරුවන් උන්වහන්සේට එරෙහිව පව් කළ විට, ඔවුන්ගේ පාපයේ දඬුවමට උන්වහන්සේ ඔවුන් බාර දුන් සේක. එහෙත් ඔබ දෙවියන්වහන්සේගේ පිහිට සොයා, සර්ව පරාක්‍රමයාණන්ට දයාව ඉල්ලා කන්නලව් කරන්නේ නම්, ඔබ පවිත්‍ර නම්, අවංක නම්, උන්වහන්සේ දැන් වුව ඔබ වෙනුවෙන් නැගිට, ඔබට නිසි තැනට යළි ඔබ පත් කරනු ඇත. ඔබගේ පටන් ගැන්ම සුළු වුව ද, ඔබගේ අනාගතය බොහෝ සඵල ව තිබෙනු ඇත.

බෙදාගන්න
ජෝබ් 8 SCV

ජෝබ් 8:1-7 SROV (Sinhala Revised Old Version)

එකල ෂූහිය බිල්දද් උත්තර දෙමින් කියනුයේ: නුඹ මේවා පවසන්නෙත් නුඹේ මුඛයේ වචන බලවත් හුළඟක්ව තිබෙන්නෙත් කොපමණ කල්ද? දෙවියන්වහන්සේ විනිශ්චය පෙරළනසේක්ද? නොහොත් සර්වපරාක්‍රමයාණෝ යුක්තිය පෙරළනසේක්ද? නුඹේ දරුවන් උන්වහන්සේට විරුද්ධව පව්කරන්ටත්, උන්වහන්සේ ඔවුන්ගේ අපරාධයේ බලයට ඔවුන් පාවාදෙන්ටත් යෙදුණේ නම්, නුඹ දෙවියන්වහන්සේ ඕනෑකමින් සොයා, සර්වපරාක්‍රමයාණන්ට කන්නලව් කරන්නෙහි නම්, නුඹ පිරිසිදුව අවංකව සිටින්නෙහි නම්, සැබෑවටම දැන් නුඹ උදෙසා උන්වහන්සේ පිබිද, නුඹේ ධර්මිෂ්ඨකමේ නිවාසය සමාදානයෙන් වර්ධනයකරනසේක. නුඹේ පටන්ගැන්ම කුඩා නුමුත් නුඹේ අන්තිමය බොහෝසෙයින් වැඩිවන්නේය.

බෙදාගන්න
ජෝබ් 8 SROV

ජෝබ් 8:1-7 NRSV (Sinhala New Revised Version)

එවිට ෂුහිය බිල්දද් මෙසේ කී ය: “හමන සුළඟක් වැනි ඔබේ ප්‍රලාප දෙඩීම දැන් වත් ඉවරයක් නැද් ද? දෙවි තුමාණෝ යුක්තිය අයුක්තියට පෙරළන සේක් ද? සව් බලැති දෙවිඳුන් නඩුව අවනඩුව කරනු ඇද් ද? ඔබේ දූ දරුවන් දෙවිඳුන්ට විරුද්ධ ව පව් කළ බැවින්, ඔවුන්ට දෙවිඳාණෝ නිසි දඬුවම දුන් සේක. දැන් ඉතින්, ඔබ උනන්දුවෙන් දෙවිඳුන් සොයා, සව් බලැති එතුමන්ට කන්නලව් කරන්නෙහි නම්, ඔබ නිදොස් ව, අවංක ව සිටින්නෙහි නම්, සැබැවින් එතුමාණන් ඔබ වෙනුවෙන් පිබිද, ඔබේ දැහැමි නිවෙසට ආසිරි වස්වනු ඇත. “ඔබේ පටන්ගැන්ම සුළු වුව ද අවසානය උසස් වනු ඇත.

බෙදාගන්න
ජෝබ් 8 NRSV

ජෝබ් 8:1-7 SNRV (Sinhala New Revised Version 2018)

එවිට ෂුහිය බිල්දද් මෙසේ කී ය: “හමන සුළඟක් වැනි ඔබේ ප්‍රලාප දෙඩීම දැන් වත් ඉවරයක් නැද් ද? දෙවි තුමාණෝ යුක්තිය අයුක්තියට පෙරළන සේක් ද? සව් බලැති දෙවිඳුන් නඩුව අවනඩුව කරනු ඇද් ද? ඔබේ දූ දරුවන් දෙවිඳුන්ට විරුද්ධ ව පව් කළ බැවින්, ඔවුන්ට දෙවිඳාණෝ නිසි දඬුවම දුන් සේක. දැන් ඉතින්, ඔබ උනන්දුවෙන් දෙවිඳුන් සොයා, සව් බලැති එතුමන්ට කන්නලව් කරන්නෙහි නම්, ඔබ නිදොස් ව, අවංක ව සිටින්නෙහි නම්, සැබැවින් එතුමාණන් ඔබ වෙනුවෙන් පිබිද, ඔබේ දැහැමි නිවෙසට ආසිරි වස්වනු ඇත. “ඔබේ පටන්ගැන්ම සුළු වුව ද අවසානය උසස් වනු ඇත.

බෙදාගන්න
ජෝබ් 8 SNRV

ජෝබ් 8:1-7 NIV (New International Version)

Then Bildad the Shuhite replied: “How long will you say such things? Your words are a blustering wind. Does God pervert justice? Does the Almighty pervert what is right? When your children sinned against him, he gave them over to the penalty of their sin. But if you will seek God earnestly and plead with the Almighty, if you are pure and upright, even now he will rouse himself on your behalf and restore you to your prosperous state. Your beginnings will seem humble, so prosperous will your future be.

බෙදාගන්න
ජෝබ් 8 NIV