ජෝබ් 42:4-6
ජෝබ් 42:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ ‘දැන් මට සවන් දෙන්න; මම කතා කරන්නෙමි; මම ඔබෙන් ප්රශ්න කරන්නෙමි; ඔබ මට උත්තර දිය යුතු යැ’ යි ඔබ කී සේක. ඔබ ගැන ඇසූ කන් ඇත්තෙමි; එහෙත් දැන් මගේ දෑස ඔබ දකියි. එබැවින් මම, මා නීච කොට සලකමින්, දූවිල්ලේ හා අළු පිට හිඳ පසුතැවිලි වන්නෙමි.”
ජෝබ් 42:4-6 Sinhala Revised Old Version (SROV)
අනේ ඇසුව මැනව, එවිට මම කථාකරන්නෙමි; මා ඔබගෙන් අසන කල්හි මට දැන්නුව මැනව. මා ඔබ ගැන කනින් අසා තිබුණේය; නුමුත් දැන් මාගේ ඇසින් ඔබ දකිමි. එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමියි කීවේය.
ජෝබ් 42:4-6 Sinhala New Revised Version (NRSV)
ඔබ කතා කරන විට සවන් දෙන්නටත්, ඔබේ ප්රශ්නවලට පිළිතුරු දෙන්නටත් ඔබ මට අණ කළ සේක. කලින් මා ඔබ ගැන කනින් අසා තිබුණේ ය. එහෙත්, දැන් මාගේ ම දෙනෙතින් මම ඔබ දැක ගතිමි. එබැවින් මම මා ගැන ම ලජ්ජා වෙමි; දූවිල්ලෙහි හා අළුවල හිඳ පසුතැවී සිත් තැවෙමි.”
ජෝබ් 42:4-6 Sinhala New Revised Version 2018 (SNRV)