ජෝබ් 42:1-9
ජෝබ් 42:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යෝබ් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය: “හැම දෙයක් ම ඔබට කළ හැකි වග මම දනිමි; ඔබගේ කිසි සැලැස්මක් නිෂ්ප්‍රභ කළ නො හැකි ය. ‘දැනගැන්මෙන් තොර වචනවලින් මගේ දැනමුතුකම් අඳුරු කරන මොහු කවරෙක් දැ?’ යි ඔබ ඇසූ සේක. සැබවින් ම මා කතා කළේ මා නො දන්නා දේ ය; මට දැනගැනීමට අසීරු අතිශයෙන් පුදුමාකාර දේ ය. “ ‘දැන් මට සවන් දෙන්න; මම කතා කරන්නෙමි; මම ඔබෙන් ප්‍රශ්න කරන්නෙමි; ඔබ මට උත්තර දිය යුතු යැ’ යි ඔබ කී සේක. ඔබ ගැන ඇසූ කන් ඇත්තෙමි; එහෙත් දැන් මගේ දෑස ඔබ දකියි. එබැවින් මම, මා නීච කොට සලකමින්, දූවිල්ලේ හා අළු පිට හිඳ පසුතැවිලි වන්නෙමි.” ස්වාමින්වහන්සේ යෝබ්ට මේ දෑ කී පසු, තේමානීය එලීෆස් ඇමතූ ස්වාමින්වහන්සේ, “මම ඔබ සමඟත්, ඔබේ මිතුරන් දෙදෙනා සමඟත් කෝපයෙන් සිටිමි. මන්ද මගේ සේවක යෝබ් මෙන් නො ව, නුඹලා මා ගැන හරි ලෙස කතා කළේ නැත. එබැවින් දැන් ගවයන් හත්දෙනකු හා බැටළුවන් හත්දෙනකු ගෙන, මගේ සේවක යෝබ් වෙත ගොස්, නුඹලා උදෙසා දවන යාග පූජාවක් ඔප්පු කරන්න. මගේ සේවක යෝබ් ඔබ උදෙසා යාච්ඤා කරනු ඇත; මම ඔහුගේ යාච්ඤාව පිළිගෙන, නුඹලාගේ මෝඩකමට නිසි විපාකය නුඹලා පිටට නො පමුණුවමි. මන්ද මගේ සේවක යෝබ් මෙන් නො ව, නුඹලා මා ගැන හරි ලෙස කතා කළේ නැතැ” යි පැවසූ සේක. එවිට තේමානීය එලීෆස් ද ෂූහීය බිල්දද් හා නාමාතීය සෝෆර් ද ස්වාමින්වහන්සේ ඔවුන්ට කී පරිදි කළෝ ය. ස්වාමින්වහන්සේ යෝබ්ගේ යාච්ඤාව පිළිගත් සේක.
ජෝබ් 42:1-9 Sinhala Revised Old Version (SROV)
එවිට යෝබ් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින් කියනුයේ: ඔබවහන්සේට සියල්ලම පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වලක්වන්ට බැරි බවත් දනිමි. දැනගැන්ම නැතිකමෙන් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද? එබැවින් මට නොතේරෙන්නාවූ, මා දැනනොගත්, මට ඉතා පුදුමවූ දේවල් කීවෙමි. අනේ ඇසුව මැනව, එවිට මම කථාකරන්නෙමි; මා ඔබගෙන් අසන කල්හි මට දැන්නුව මැනව. මා ඔබ ගැන කනින් අසා තිබුණේය; නුමුත් දැන් මාගේ ඇසින් ඔබ දකිමි. එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමියි කීවේය. තවද ස්වාමීන්වහන්සේ මේ වචන යෝබ්ට කී පසු ස්වාමීන්වහන්සේ තේමානිය එලීපස්ට කථාකොට: මාගේ සේවකයාවූ යෝබ් මෙන් නුඹත් නුඹේ මිත්‍රයන් දෙන්නාත් මා ගැන හරි ලෙස කථා නොකළ බැවින් මාගේ උදහස නුඹලා කෙරෙහි ඇවිළ තිබේ. එබැවින් ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයාවූ යෝබ් ළගට ගොස්, නුඹලා වෙනුවට දවන පූජාවක් ඔප්පුකරන්න. මාගේ සේවකයාවූ යෝබ් නුඹලා උදෙසා යාච්ඤාකරන්නේය; එවිට නුඹලාගේ මෝඩකමේ හැටියට මා විසින් නුඹලාට නොකරන පිණිස ඔහු පිළිගන්නෙමි; මක්නිසාද මාගේ සේවකයාවූ යෝබ් වාගේ නුඹලා මා ගැන හරි ලෙස කථාකළේ නැතැයි කීසේක. එබැවින් තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ගොස් ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කළෝය. ස්වාමීන්වහන්සේ ද යෝබ් පිළිගත්සේක.
ජෝබ් 42:1-9 Sinhala New Revised Version (NRSV)
එවිට ජෝබ්, හිමි තුමන් හට පිළිතුරු දෙමින්, මෙසේ කී ය. “ඔබ සව් බලැති දෙවි තුමාණන් බවත්, ඔබට නොකළ හැකි කිසිත් නැති බවත්, මම දනිමි. මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය. ඔබ කතා කරන විට සවන් දෙන්නටත්, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නටත් ඔබ මට අණ කළ සේක. කලින් මා ඔබ ගැන කනින් අසා තිබුණේ ය. එහෙත්, දැන් මාගේ ම දෙනෙතින් මම ඔබ දැක ගතිමි. එබැවින් මම මා ගැන ම ලජ්ජා වෙමි; දූවිල්ලෙහි හා අළුවල හිඳ පසුතැවී සිත් තැවෙමි.” තවද, සමිඳාණන් වහන්සේ මේ වචන ජෝබ්ට වදාළ පසු උන් වහන්සේ තේමානීය එලිපස්ට කතා කොට, “මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹ සහ නුඹේ මිතුරන් දෙදෙනා මා ගැන ඇත්ත නොකී බැවින්, මාගේ උදහස නුඹලා කෙරේ ඇවිළී ඇත. එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක. තේමානීය එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමාතීය ශෝපර් ද ගොස්, සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස කළහ. සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ ආයාචනය පිළිගත් සේක.
ජෝබ් 42:1-9 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝබ් 42:1-9 New International Version (NIV)
Then Job replied to the LORD: “I know that you can do all things; no purpose of yours can be thwarted. You asked, ‘Who is this that obscures my plans without knowledge?’ Surely I spoke of things I did not understand, things too wonderful for me to know. “You said, ‘Listen now, and I will speak; I will question you, and you shall answer me.’ My ears had heard of you but now my eyes have seen you. Therefore I despise myself and repent in dust and ashes.” After the LORD had said these things to Job, he said to Eliphaz the Temanite, “I am angry with you and your two friends, because you have not spoken the truth about me, as my servant Job has. So now take seven bulls and seven rams and go to my servant Job and sacrifice a burnt offering for yourselves. My servant Job will pray for you, and I will accept his prayer and not deal with you according to your folly. You have not spoken the truth about me, as my servant Job has.” So Eliphaz the Temanite, Bildad the Shuhite and Zophar the Naamathite did what the LORD told them; and the LORD accepted Job’s prayer.