ජෝබ් 42:1-5
ජෝබ් 42:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යෝබ් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය: “හැම දෙයක් ම ඔබට කළ හැකි වග මම දනිමි; ඔබගේ කිසි සැලැස්මක් නිෂ්ප්‍රභ කළ නො හැකි ය. ‘දැනගැන්මෙන් තොර වචනවලින් මගේ දැනමුතුකම් අඳුරු කරන මොහු කවරෙක් දැ?’ යි ඔබ ඇසූ සේක. සැබවින් ම මා කතා කළේ මා නො දන්නා දේ ය; මට දැනගැනීමට අසීරු අතිශයෙන් පුදුමාකාර දේ ය. “ ‘දැන් මට සවන් දෙන්න; මම කතා කරන්නෙමි; මම ඔබෙන් ප්‍රශ්න කරන්නෙමි; ඔබ මට උත්තර දිය යුතු යැ’ යි ඔබ කී සේක. ඔබ ගැන ඇසූ කන් ඇත්තෙමි; එහෙත් දැන් මගේ දෑස ඔබ දකියි.
ජෝබ් 42:1-5 Sinhala Revised Old Version (SROV)
එවිට යෝබ් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින් කියනුයේ: ඔබවහන්සේට සියල්ලම පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වලක්වන්ට බැරි බවත් දනිමි. දැනගැන්ම නැතිකමෙන් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද? එබැවින් මට නොතේරෙන්නාවූ, මා දැනනොගත්, මට ඉතා පුදුමවූ දේවල් කීවෙමි. අනේ ඇසුව මැනව, එවිට මම කථාකරන්නෙමි; මා ඔබගෙන් අසන කල්හි මට දැන්නුව මැනව. මා ඔබ ගැන කනින් අසා තිබුණේය; නුමුත් දැන් මාගේ ඇසින් ඔබ දකිමි.
ජෝබ් 42:1-5 Sinhala New Revised Version (NRSV)
එවිට ජෝබ්, හිමි තුමන් හට පිළිතුරු දෙමින්, මෙසේ කී ය. “ඔබ සව් බලැති දෙවි තුමාණන් බවත්, ඔබට නොකළ හැකි කිසිත් නැති බවත්, මම දනිමි. මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය. ඔබ කතා කරන විට සවන් දෙන්නටත්, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නටත් ඔබ මට අණ කළ සේක. කලින් මා ඔබ ගැන කනින් අසා තිබුණේ ය. එහෙත්, දැන් මාගේ ම දෙනෙතින් මම ඔබ දැක ගතිමි.
ජෝබ් 42:1-5 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට ජෝබ්, හිමි තුමන් හට පිළිතුරු දෙමින්, මෙසේ කී ය. “ඔබ සව් බලැති දෙවි තුමාණන් බවත්, ඔබට නොකළ හැකි කිසිත් නැති බවත්, මම දනිමි. මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය. ඔබ කතා කරන විට සවන් දෙන්නටත්, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නටත් ඔබ මට අණ කළ සේක. කලින් මා ඔබ ගැන කනින් අසා තිබුණේ ය. එහෙත්, දැන් මාගේ ම දෙනෙතින් මම ඔබ දැක ගතිමි.
ජෝබ් 42:1-5 New International Version (NIV)
Then Job replied to the LORD: “I know that you can do all things; no purpose of yours can be thwarted. You asked, ‘Who is this that obscures my plans without knowledge?’ Surely I spoke of things I did not understand, things too wonderful for me to know. “You said, ‘Listen now, and I will speak; I will question you, and you shall answer me.’ My ears had heard of you but now my eyes have seen you.