ජෝබ් 40:3-24
ජෝබ් 40:3-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යෝබ් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ මම නො වටින්නෙක්මි; මම කෙසේ ඔබට උත්තර දෙන්නෙම් ද? මම මගේ අතින් මගේ කට වසා ගනිමි. එක් වරක් මම කතා කළෙමි; පිළිතුරු නො දෙමි. මම දෙවරක් කතා කළෙමි. ඉන්පසු කතා නො කරමි” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තර දෙමින් මෙසේ පැවසූ සේක: “පිරිමියකු සේ ඔබේ ඉඟටිය බැඳ ගන්න. මම ඔබෙන් ප්‍රශ්න කරන්නෙමි; ඔබ මට උත්තර දිය යුතුයි. “නුඹ මගේ යුක්තිය වැරදියයි තීරණය කරනවා ද? නුඹ ම, නුඹ නිවැරදි යයි කියා ගනිමින් වරද මා පිට පටවනවා ද? දෙවියන්වහන්සේගේ වැනි බාහුවක් ඔබට තියේ ද? නුඹේ කටහඬින් උන්වහන්සේ වාගේ ගර්ජනා කරන්නට නුඹට පුළුවන් ද? පුළුවන් නම්, තේජශ්‍රීයෙන් හා ශෝභාශ්‍රීයෙන් සැරසී, ගෞරවය හා ශ්‍රී විභූතිය පැලඳ ගන්න. නුඹේ උදහසේ ක්‍රෝධය වගුරවමින්, උඩඟු හැම මිනිසකු දෙස බලා, ඔවුන් පහතට ඇද දමන්න. උඩඟු හැම මිනිසකු දෙස ම බලා, ඔවුන්ගේ ඔද බිඳින්න. දුෂ්ටයින් ඔවුන් සිටිනා තැන්හි දී ම පාගා දමන්න. ඔවුන් හැම ධූලියෙහි එකට වළලා, ඔවුන්ගේ මුහුණු මිනී වළෙහි වසා දමන්න; අන්න එවිට නුඹේ ම දකුණත නුඹ ගලවන්නට සමත් වග දැන මමත් නුඹ පසසන්නෙමි. “බලන්න! බෙහේමොත් දිහා; මා නුඹ සෑදූ පරිදි ම ඌත් සෑදීමි; ඌ ගවයකු සේ තණ කයි. බලන්න! උගේ තුනටිය පෙදෙසේ ඇති ශක්තිය කොතෙක් ද! උගේ බඩේ මස්ගොබවල ඇති ප්‍රබලත්වය! උගේ වලිගය දේවදාර ගසක් සේ නැමේ; උගේ කලවා නහර එකට, බැම්මට ගෙතී ඇත. උගේ ඇටකටු ලෝකඩ නළ වෙයි. උගේ ගාත් යකඩ කූරු වැන්න. දෙවියන්වහන්සේගේ වැඩ අතරේ ඌ පළමු තැන ගනී; එහෙත් උගේ මැවුම්කරුවාණන්ට තම අසිපත ඇති ව ඌට ළං විය හැකි ය. ඌට අහර සැපයෙන්නේ වන සතුන් සෙල්ලම් කරන කඳුකරයෙනි. ඌ ලගින්නේ වගුරුවල බට පඳුරු අතරේ, නෙළුම් ගස් යට ය. නෙළුම් ගස් සිය සෙවණේ ඌ සඟවා ගනී; දිය දහරේ පොප්ලර් ගස් ඌ වටකර ගනී. ගංගාව වියරුව දෙගොඩ තළා ගියත් ඌ බය නො වේ; යොර්දාන් නදිය උගේ කටට නාසයට උඩින් ගැලුවත් ඌ සුරක්ෂිත ය. උගේ ඇස්වලින් යමකුට ඌ අල්ලා ගත හැකි ද? ඌට උගුලක් අටවන්නට හෝ උගේ නාසය සිදුරු කරන්නට හැකි වේ ද?
ජෝබ් 40:3-24 Sinhala Revised Old Version (SROV)
එකල යෝබ් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: මම නීචයෙක්මි; ඔබට උත්තරයක් දෙන්නේ කෙසේද? මාගේ අතින් කට වසාගනිමි. මම එක වරක් කථාකෙළෙමි, එහෙත් උත්තර නොදෙන්නෙමි; එසේය, දෙවරක් කථාකෙළෙමි, නුමුත් තවත් එසේ කථා නොකරන්නෙමියි කීය. එවිට ස්වාමීන්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තරදෙමින් කියනසේක්: ඉතින් පුරුෂයෙකු මෙන් නුඹේ ඉඟටිය බැඳගෙන, මා නුඹෙන් අසන අතර මට දන්වන්න. නුඹ මාගේ විනිශ්චය පවා අවලංගුකර, නුඹම ධර්මිෂ්ඨව පෙනෙන පිණිස මට වරද තබන්නෙහිද? නොහොත් දෙවියන්වහන්සේට වාගේ හස්තයක් නුඹට තිබේද? උන්වහන්සේ වාගේ ශබ්දයකින් ගර්ජනාකරන්ට නුඹට පුළුවන්ද? උත්කෘෂ්ටකමෙන්ද ඓශ්චර්යයෙන්ද සැරසී, මහිමයද මහන්තත්ත්වයද පැළඳ ගන්න. නුඹේ උදහස වගුරුවා හැර, උඩඟු සියල්ලන් බලා, ඔවුන් පහත් කරන්න. උඩඟු සියල්ලන් බලා යටත්කර, දුෂ්ටයන් ඔවුන්ගේ ස්ථානයෙහි පාගා දමන්න. ඔවුන් සියල්ලන් ධූලියෙහි සඟවා, ඔවුන්ගේ මුහුණු කළුවර ස්ථානයෙහි බැඳ තබන්න. එවිට නුඹේ දකුණත නුඹ ගළවන්ට පොහොසත් බැවින්, මමත් නුඹට ප්‍රශංසාකරන්නෙමි. බෙහෙමොත් බලන්න, නුඹ මෙන් ඌත් සෑදුවෙමි; ඌ ගොනෙකු මෙන් තණකොළ කයි. උගේ තුනටියෙහි තිබෙන උගේ ශක්තියත් උගේ බඩේ මස්ගොබවල තිබෙන උගේ බලයත් කල්පනාකරන්න. ඌ උගේ වල්ගය කිහිරි ගසක් මෙන් වනන්නේය; උගේ කළවාවල නහර එකට ගෙතී තිබේ. උගේ ඇට පිත්තල වැනිය; උගේ ඉළඇට යකඩ පොලු වාගේය. දෙවියන්වහන්සේගේ වැඩවලින් ඌ ප්‍රධානියාය. ඌ සෑදූ තැනන්වහන්සේ උගේ කඩුව සපයාදෙනසේක. මක්නිසාද ඌට කෑම සම්බවෙන්නේ වනයේ සියලු සත්වයන් ක්‍රීඩාකරන කඳුවලය. ඌ නෙළුම් ගස් යට, බටවලද වගුරේද මුවාවෙහි ලගින්නේය. නෙළුම් ගස් ඌට සෙවණ දෙයි; දොළේ නළා ගස්වලින් ඌ වටවී සිටියි. ගංගාවක් ගලන නුමුත් ඌ තැති නොගන්නේය, යොර්දාන උගේ කට දක්වා ගලා එන නුමුත් ඌ නිර්භීතව සිටියි. ඌ බලාසිටියදී ඌ අල්ලාගන්ටවත් උගේ නාසය මලපත්වලින් සිදුරු කරන්ටවත් පුළුවන්ද?
ජෝබ් 40:3-24 Sinhala New Revised Version (NRSV)
එවිට ජෝබ් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “සමිඳුනි, මම අනුවණ ලෙස කතා කෙළෙමි. ඔබට කුමන පිළිතුරක් දෙන්නෙම් ද? මම කට පියා නිහඬ වන්නෙමි. මම එක් වරක්, කතා කෙළෙමි; පිළිතුරු නොදෙමි. මම දෙවරක් කතා කෙළෙමි. ඉන්පසු කතා නොකරමි.” එවිට දෙවි තුමාණෝ සැඬ සුළඟෙහි වැඩ සිටිමින් මෙසේ පිළිතුරු දුන් සේක: “ජෝබ්, මිනිසෙකු මෙන් එඩිතර ව නැඟිට මගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙව. ‘මා අසාධාරණ ය’යි තර්ක කොට, ‘නුඹ නිවැරදි ය’යි කියාගෙන නුඹ මට වරද තබන්නට උත්සාහ කරන්නෙහි ද? නුඹ මා වාගේ ම බලසම්පන්න ද? මා වාගේ ම හඬ නඟා ගර්ජනා කරන්නට නුඹට හැකි ද? හැකි නම්, ගෞරවයෙන් හා උදාරත්වයෙන් සැරසී, විභූතිය හා ශෝභාව පැළඳගෙන නැඟිට එන්න. උඩඟු අය දෙස බලා, උදහස වගුරුවා ඔවුන් පහත හෙළන්න. දුදනන් දෙස නෙත් යොමා යටපත් කර, ඔවුන් වසන තැනෙහි ඔවුන් පොඩි කරදමන්න. ඔවුන් හැම දෙන ධූලියෙහි වළලා, මළවුන්ගේ ලොවෙහි ඔවුන් බැඳ තබව. මෙසේ කළොත්, නුඹේ බාහු බලයෙන් නුඹ ම ගැළවෙන්නට සමත් බැවින් මමත් නුඹ පසසන්නෙමි. දැවැන්ත බෙහෙමොත් නම් සතා දෙස බලන්න. ඌ මැව්වේත් මම ය; නුඹ මැව්වේත් මම ය. ඌ ගොනෙකු මෙන් තණ කොළ කයි. එහෙත්, උගේ තුනටියේ ශක්තිය ද බඩේ මස් ගොබවල බලය ද කල්පනාවට ගන්න. කිහිරි ගසක් මෙන් උගේ වල්ගය කෙළින් වී සිටියි. උගේ ගාත්වල නහර ශක්තිමත් ය, උගේ ඇටකටු ලෝකඩ වැනි ය; ඉල ඇට යකඩ පොලු වැනි ය. දෙවිඳුන් මැවූ සතුන් අතර ඉහළ ම තැන ඌ අතේ ය. ඌ පරාජය කළ හැකි වනුයේ උගේ මැවුම්කාර දෙවි තුමන් හට පමණ ය. සියලු වන සතුන්ගේ කෙළි මඬල වන කඳුවල ඌට අහර පිණිස තණ කොළ ඇත. ඌ කටු පඳුරු යට බට පඳුරු හා වගුරු සෙවණෙහි ලගියි. කටු පඳුරු ඌට සෙවණ දෙයි. දොළ අසබඩ බට ගස්වලින් ඌ වට වී ඇත. ගං ඉවුරු තළා වතුර නැඟුණත්, ඌට බියක් නැත. කට දක්වා ගංවතුර ගැලුවත් ඌට කරදරයක් නැත. කොක්කක් දමා ඌ අල්ලා ගන්නට වත් ඌට නාස් ලණුවක් දමන්නට වත් හැකි සමතෙක් ඇද් ද?
ජෝබ් 40:3-24 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝබ් 40:3-24 New International Version (NIV)
Then Job answered the LORD: “I am unworthy—how can I reply to you? I put my hand over my mouth. I spoke once, but I have no answer— twice, but I will say no more.” Then the LORD spoke to Job out of the storm: “Brace yourself like a man; I will question you, and you shall answer me. “Would you discredit my justice? Would you condemn me to justify yourself? Do you have an arm like God’s, and can your voice thunder like his? Then adorn yourself with glory and splendor, and clothe yourself in honor and majesty. Unleash the fury of your wrath, look at all who are proud and bring them low, look at all who are proud and humble them, crush the wicked where they stand. Bury them all in the dust together; shroud their faces in the grave. Then I myself will admit to you that your own right hand can save you. “Look at Behemoth, which I made along with you and which feeds on grass like an ox. What strength it has in its loins, what power in the muscles of its belly! Its tail sways like a cedar; the sinews of its thighs are close-knit. Its bones are tubes of bronze, its limbs like rods of iron. It ranks first among the works of God, yet its Maker can approach it with his sword. The hills bring it their produce, and all the wild animals play nearby. Under the lotus plants it lies, hidden among the reeds in the marsh. The lotuses conceal it in their shadow; the poplars by the stream surround it. A raging river does not alarm it; it is secure, though the Jordan should surge against its mouth. Can anyone capture it by the eyes, or trap it and pierce its nose?