ජෝබ් 36:22-33 - Compare All Versions
ජෝබ් 36:22-33 SROV (Sinhala Revised Old Version)
බලව, දෙවියන්වහන්සේ ස්වකීය බලයෙන් උසස්ව සිටිනසේක. උන්වහන්සේට සමාන ගුරුවරයා කවුද? උන්වහන්සේගේ මාර්ගය උන්වහන්සේට නියමකෙළේ කවුද? නොහොත්: ඔබ අධර්මිෂ්ඨකම් කළසේකැයි කියන්ට පුළුවන් කාටද? මනුෂ්‍යයන් ගීයෙන් ප්‍රශංසාකළාවූ උන්වහන්සේගේ කර්මාන්ත වර්ණනා කරන්ට සිහිකරගන්න. සියලු මනුෂ්‍යයෝ ඒ දෙස බැලුවෝය; මනුෂ්‍යයා දුර සිට බලන්නේය. බලව, අපට දැනගත නොහැකි තරම් දෙවියන්වහන්සේ උතුම්ය; උන්වහන්සේගේ අවුරුදුවල ගණන සොයා දැනගත නොහැකිය. උන්වහන්සේ දිය බින්දු ඉහළට ඇදගන්න කල උන්වහන්සේගේ මීදුමෙන් වැස්ස සෑදෙන්නේය. ඒවා වලාකුල්වලින් වැගිරී බොහෝසේ මනුෂ්‍යයන් පිටට වහින්නේය. නුමුත් වලාපටලයේ පැතිර යාම වන උන්වහන්සේගේ මණ්ඩපයේ ගර්ජනා යමෙකුට තේරුම්ගත හැක්කේද? බලව, උන්වහන්සේ තමන් ආලෝකය තමන් වටකර විහිදුවා, මුහුදේ පතුළ වසනසේක. මක්නිසාද එයින් උන්වහන්සේ ජනයන්ට දඬුවම්කරනසේක; ආහාරද බොහෝසෙයින් දෙනසේක. උන්වහන්සේ ස්වකීය අත් විදුලියෙන් පුරවාගෙන, නියම ලකුණට වදින ලෙස ඊට අණකරනසේක. ඒකේ ගර්ජනාව උන්වහන්සේ ගැන දන්වන්නේය, පැමිණෙන කුණාටුව ගවයන්ටද දැනෙන්නේය.
ජෝබ් 36:22-33 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“බලන්න! දෙවියන්වහන්සේ ස්වකීය බලයෙන් උත්කෘෂ්ට ව සිටින සේක; උන්වහන්සේ හා සමාන ගුරුවරයා කවුරු ද? උන්වහන්සේගේ මාර්ග උන්වහන්සේට නියම කළේ කවුරුන් ද? ‘ඔබ වරදක් කර ඇතැ’ යි උන්වහන්සේට කිව හැක්කේ කවරකුට ද? මිනිසුන් විසින් ගීයෙන් පසසන ලද උන්වහන්සේගේ ක්‍රියා ඉහළින් වර්ණනා කරන්නට මතක තබා ගන්න. මුළු මිනිස් වර්ගයා ඒවා දුටහ; මිනිසුන් ඒ දෙස බලා සිටින්නේ, දුරින් හිඳගෙන ය. බලන්න! අපේ දැනගැනීමට හැකි තරමට වඩා දෙවියන්වහන්සේ මොන තරම් උතුම් ද! උන්වහන්සේගේ අවුරුදු ගණන කොතෙක්දැයි සොයා දැනගත නො හැකි ය. “උන්වහන්සේ දිය බිංදු ඉහළට ඇදගෙන, වැහි බිංදු ලෙසින් මී-දුම පෙරූ කල, වලාකුළුවලින් ඒවා වැගිරී, මිනිසා පිට මහ වැසි වසින්නේ ය. උන්වහන්සේ වැහි වලාකුළු අතුරන්නේ කෙසේ ද, ස්වකීය ආවරණයේ සිට ගිගුරුම් නගන්නේ කෙසේදැයි වටහා ගත හැක්කේ කවරකුට ද? බලන්න! උන්වහන්සේ මුහුදු පත්ල තෙක් ම එළියෙන් නහවමින්, තමන් වටා විදුලිය විහිදන අයුරු. උන්වහන්සේ ජාතීන් ආණ්ඩු කරන්නේ ද අධික ලෙසින් ආහාර සපයන්නේ ද එලෙසිනි; උන්වහන්සේ තම අත පුරා විදුලිය ගෙන, ඉලක්කයට වදින්නට ඊට අණ කරන සේක. උන්වහන්සේගේ ගිගුරුම්, ළඟ එන කුණාටුව ගැන දැනුම් දෙයි; එය ළඟ ළඟ එන වග ගවයින් පවා දැනගනී.
ජෝබ් 36:22-33 NRSV (Sinhala New Revised Version)
දෙවිඳුන්ගේ බල මහිමය කොතරම් විශාල ද? දෙවිඳුන් සම ගුරුවරයෙක් තවත් ඇද් ද? දෙවිඳුන් යා යුතු මඟ නියම කරන්නට සමතා කවරේ ද? ‘ඔබ වරද කර ඇතැ’යි එතුමාණන්ට කීමට කාට හැකි ද? මිනිසුන් කවදාත් එතුමාණන්ට පැසසුම් දී ඇත; ඔබත් එතුමාණන්ට පැසසුම් දීමට සිතට ගන්න. එතුමාණන් කර ඇති සියල්ල සැම දෙන දැක ඇත. එහෙත්, එතුමාණන් යථා පරිදි තේරුම්ගත හැකි කිසිවෙක් නැත. දෙවිඳුන් අති ශ්‍රේෂ්ඨ ය; අපි එතුමාණන් නොදනිමු. එතුමාණන්ගේ ආයු ප්‍රමාණය දන්නෝ කවුරු ද? දිය බිංදු පොළොවෙන් ඉහළට ඇදගෙන, වාෂ්ප මඟින් වැසි වස්වන්නේ දෙවිඳාණෝ ය. වලාකුළුවලින් වැස්ස මවා, සව් සත වෙත එය එවන්නේ එතුමාණෝ ය. වලාපටල විහිදී යන්නේ කෙසේ ද කියාවත්, එතුමාණන්ගේ මණ්ඩපවලින් ගිගුරුම් නඟින්නේ කෙසේ ද කියාවත් දන්නෝ කවුරු ද? දෙවි තුමාණෝ විදුලි එළිය අහස පුරා විහිදුවන සේක; එහෙත්, මුහුදේ පතුල අඳුරෙහි තබන සේක. වැසි වස්වා, ජනතාවට ආහාර සපයා, එතුමාණෝ විපුල ලෙසින් කෑම බීම උපයා දෙන සේක. දෙවි තුමාණෝ විදුලිය අතින් ගෙන, නියම ඉලක්කය බලා යන්නට එයට අණ දෙන සේක, අහස් ගිගුරුම, කුණාටුව එන බව කලින් දන්වන සේක. එය එන බව ගව රැළ දනිති.”
ජෝබ් 36:22-33 SNRV (Sinhala New Revised Version 2018)

ජෝබ් 36:22-33 NIV (New International Version)
“God is exalted in his power. Who is a teacher like him? Who has prescribed his ways for him, or said to him, ‘You have done wrong’? Remember to extol his work, which people have praised in song. All humanity has seen it; mortals gaze on it from afar. How great is God—beyond our understanding! The number of his years is past finding out. “He draws up the drops of water, which distill as rain to the streams; the clouds pour down their moisture and abundant showers fall on mankind. Who can understand how he spreads out the clouds, how he thunders from his pavilion? See how he scatters his lightning about him, bathing the depths of the sea. This is the way he governs the nations and provides food in abundance. He fills his hands with lightning and commands it to strike its mark. His thunder announces the coming storm; even the cattle make known its approach.