ජෝබ් 34:10-11
ජෝබ් 34:10-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එබැවින් මට සවන් දෙන්න, වැටහීමෙන් යුතු මනුෂ්‍යයිනි, දෙවියන්වහන්සේගෙන් නපුර කිරීමක් සිදු නො වේ! සර්ව පරාක්‍රමයාණන්ගෙන් වැරදි කිරීමක් සිදු නො වේ. මිනිසකු විසින් කර ඇති දෑ අනුව ඔහුට ප්‍රතිවිපාක දෙන උන්වහන්සේ, ඔහුගේ කල්ක්රියාවට උචිත විපාක පමුණු වන සේක.
බෙදාගන්න
ජෝබ් 34 කියවන්නජෝබ් 34:10-11 Sinhala Revised Old Version (SROV)
එබැවින් තේරුම් ඇති මනුෂ්‍යයෙනි, මට ඇහුම්කන්දෙන්න; දෙවියන්වහන්සේගෙන් දුෂ්ටකම් කිරීමද සර්වපරාක්‍රමයාණන්ගෙන් අයුතුකම් කිරීමද දුරුවේවා. මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ ක්‍රියා ලෙස ඔහුට ප්‍රතිඵල දී, ඒ ඒ අයගේ හැසිරීමේ හැටියට ඔහුට සිද්ධවෙන්ට සලස්වනසේක.
බෙදාගන්න
ජෝබ් 34 කියවන්නජෝබ් 34:10-11 Sinhala New Revised Version (NRSV)
දැනුම් තේරුම් ඇති භවතුනි, මෙය අසන්න. දෙවිඳාණෝ කිසිදාක වරදක් කරන සේක් ද? සව් බලැති උතුමාණෝ අයුත්තක් කරන සේක් ද? මන්ද, එතුමාණෝ මිනිසෙකුගේ ක්‍රියාවල හැටියට ඔහුට ප්‍රතිඵල දෙන සේක. එකිනෙකාගේ හැසිරීම අනුව විපාක දෙන සේක.
බෙදාගන්න
ජෝබ් 34 කියවන්න