ජෝබ් 30:26-31
ජෝබ් 30:26-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් මා යහපත බලාපොරොත්තු වූ කල, පැමිණියේ නපුර ය; මා එළිය බලා සිටි කල පැමිණියේ අඳුර ය. මා ගත අභ්‍යන්තරයේ කැකෑරීමට නැවතුමක් නැත; විඳවීමේ දවස් මා මුහුණ ඉදිරිපිට තිබේ. මම අව්වට නො ව, සොවට කළු වී ඔබ මොබ ඇවිදිමි; මම සභාව මැද නැගී සිට උපකාර ඉල්ලා හඬ ගාමි. මම සිවලුන්ගේ සහෝදරයෙක් බවට හා උකුසු බකමූණන්ගේ සහචරයෙක් බවට පත් ව සිටිමි. මගේ හම කළුගැසෙමින් පොතු ගැලවෙයි; මගේ සිරුර උණෙන් ගිනියම් වෙයි. මගේ වීණාව වැලපීමකට ද මගේ නළාව විලාපයකට ද හැරී ඇත.
ජෝබ් 30:26-31 Sinhala Revised Old Version (SROV)
මා විසින් සැපත බලාසිටි කල විපත පැමිණියේය; එළිය ගැන බලාසිටිද්දී අන්ධකාරය පැමිණියේය. මාගේ බඩවැල් නොනැවතී චංචල වෙති; විපත්ති දවස් මා පිටට පැමිණ තිබේ. මම අව්වෙන් නොව ශෝකයෙන් කළුවී ඇවිදිමි; සභාවෙහි නැගිට පිහිට ඉල්ලා කෑ ගසමි. මම සිවලුන්ට සහෝදරයෙක්ද පැස්බරුන්ට සමාගම්කාරයෙක්ද වී සිටිමි. මාගේ හම කළුවී මා කෙරෙන් වැටෙන්නේය, මාගේ ඇට උෂ්ණයෙන් දැවෙන්නේය. එබැවින් මාගේ වීණාව වැලපීමටත් මාගේ නළාව හඬන්නන්ගේ ශබ්දයටත් මාරුවී තිබේ.
ජෝබ් 30:26-31 Sinhala New Revised Version (NRSV)
සැපත පැතූ මා වෙත පැමිණියේ විපත ය; එළිය පැතූ මා වෙත පැමිණියේ අඳුර ය. දහදුකින් මම පීඩිත වී සිටිමි; විපත හැර අන් කිසිවක් මා ඉදිරියෙහි නැත. මම අව්රශ්මියෙන් නොව ශෝකයෙන් කළු ව ඇවිදිමි; සභාව මැද නැඟිට පිහිට සොයා මොරහඬ දෙමි. මම සිවලුන්ගේ සොහොයුරෙකු ද පැස්බරුන්ගේ සහචරයෙකු ද වී සිටිමි. මාගේ හම කළු වී, එහි පොතු ගැලවී වැටෙයි; මාගේ ඇටකටු උණෙන් දැවී යයි. මාගේ වීණා නාදය විලාප ශබ්දයට ද මාගේ නළා ස්වර ශෝක හඬට ද වෙනස් වී ඇත.”
ජෝබ් 30:26-31 Sinhala New Revised Version 2018 (SNRV)
සැපත පැතූ මා වෙත පැමිණියේ විපත ය; එළිය පැතූ මා වෙත පැමිණියේ අඳුර ය. දහදුකින් මම පීඩිත වී සිටිමි; විපත හැර අන් කිසිවක් මා ඉදිරියෙහි නැත. මම අව්රශ්මියෙන් නොව ශෝකයෙන් කළු ව ඇවිදිමි; සභාව මැද නැඟිට පිහිට සොයා මොරහඬ දෙමි. මම සිවලුන්ගේ සොහොයුරෙකු ද පැස්බරුන්ගේ සහචරයෙකු ද වී සිටිමි. මාගේ හම කළු වී, එහි පොතු ගැලවී වැටෙයි; මාගේ ඇටකටු උණෙන් දැවී යයි. මාගේ වීණා නාදය විලාප ශබ්දයට ද මාගේ නළා ස්වර ශෝක හඬට ද වෙනස් වී ඇත.”
ජෝබ් 30:26-31 New International Version (NIV)
Yet when I hoped for good, evil came; when I looked for light, then came darkness. The churning inside me never stops; days of suffering confront me. I go about blackened, but not by the sun; I stand up in the assembly and cry for help. I have become a brother of jackals, a companion of owls. My skin grows black and peels; my body burns with fever. My lyre is tuned to mourning, and my pipe to the sound of wailing.