ජෝබ් 30:16-20
ජෝබ් 30:16-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“දැන් මගේ ජීවිතය ක්ෂය වීගෙන යයි; වේදනාවේ දවස් මා ග්රහණයට ගත්තේ ය. රාත්රිය මගේ ඇටකටු සිදුරු කරයි; මා විකාදමන වේදනාව විවේක නො ගනී. මහා බලයකින් මගේ ඇඳුම් විකෘති කෙරිණි; එය මගේ කර පටියෙන් මෙන් මා බැඳ දැමී ය. දෙවියන්වහන්සේ මඩ ගොඩට මා තල්ලු කළ සේක; මම අළු දූලි ගානට පත් ව ඇත්තෙමි. “මම ඔබවහන්සේට හඬ ගාන්නෙමි; එහෙත් ඔබ උත්තර දෙන්නේ නැත; ඔබ අබියස සිට ගත්තෙමි; එහෙත් ඔබ ඔහේ බලා ඉන්නවා පමණි.
ජෝබ් 30:16-20 Sinhala Revised Old Version (SROV)
දැන් මාගේ ආත්මය මා තුළ වැගිරෙයි; විපත්ති දවස් මා අල්ලාගත්තේය. රාත්රියේදී මාගේ ඇට මා තුළ සිදුරුවේ; මා විකාකන වේදනාවෝ විශ්රාම නොගනිති. මාගේ රෝගයේ තදකම නිසා මාගේ වස්ත්රය දුර්වර්ණවී තිබේ. මාගේ සළුවේ කරපටිය මෙන් එය මා වටේ ඇලී තිබේ. උන්වහන්සේ මා මඩේ හෙළූසේක, මම දූවිලි සහ අළු මෙන් වී සිටිමි. මා ඔබට හඬගසන නුමුත් ඔබ මට උත්තර නොදෙනසේක; මා නැගිට සිටින නුමුත් ඔබ මා දෙස නිකම් බලාසිටිනසේක.
ජෝබ් 30:16-20 Sinhala New Revised Version (NRSV)
මාගේ අවසානය ඉතා ආසන්න ය. මාගේ විපතේ දී මට සහනයක් නැත. රාත්රියේ දී මාගේ ඇටකටුවල වේදනාව ඇත. මා විකා කන, වේදනාවල අඩු වීමක් නැත. එතුමාණෝ ප්රචණ්ඩ ලෙසින් මාගේ වස්ත්රය ග්රහණය කළහ. මාගේ කබායේ කරපටියෙන් දැඩි ලෙස අල්ලා ගත්හ. එතුමාණන් මා මඩේ හෙළා ඇත; මම කුණු කසළ මෙන් වී සිටිමි. මා ඔබට හඬ නැඟුවත් ඔබ පිළිතුරු නොදෙන සේක; මා නැඟිට අයැදුම් කළත් මට පිහිටක් නැත
ජෝබ් 30:16-20 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ අවසානය ඉතා ආසන්න ය. මාගේ විපතේ දී මට සහනයක් නැත. රාත්රියේ දී මාගේ ඇටකටුවල වේදනාව ඇත. මා විකා කන, වේදනාවල අඩු වීමක් නැත. එතුමාණෝ ප්රචණ්ඩ ලෙසින් මාගේ වස්ත්රය ග්රහණය කළහ. මාගේ කබායේ කරපටියෙන් දැඩි ලෙස අල්ලා ගත්හ. එතුමාණන් මා මඩේ හෙළා ඇත; මම කුණු කසළ මෙන් වී සිටිමි. මා ඔබට හඬ නැඟුවත් ඔබ පිළිතුරු නොදෙන සේක; මා නැඟිට අයැදුම් කළත් මට පිහිටක් නැත
ජෝබ් 30:16-20 New International Version (NIV)
“And now my life ebbs away; days of suffering grip me. Night pierces my bones; my gnawing pains never rest. In his great power God becomes like clothing to me; he binds me like the neck of my garment. He throws me into the mud, and I am reduced to dust and ashes. “I cry out to you, God, but you do not answer; I stand up, but you merely look at me.