ජෝබ් 29:1-5
ජෝබ් 29:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවදුරටත් යෝබ් තම කතාව පවත්වාගෙන යමින්: “අහෝ, දෙවියන්වහන්සේ මා රැකබලාගත් දවස්වල මෙන්, ඉස්සර ඒ මාසවලදී මෙන් සිටින්නට හැකි නම්! උන්වහන්සේගේ පහන මගේ හිසට ඉහළින් බැබළුණු කල, උන්වහන්සේගේ එළියෙන් මම අඳුරෙහි ඇවිද ගියෙමි. දෙවියන්වහන්සේගේ මිත්රත්වයේ ආශිර්වාදය මගේ කූඩාරම පිට බලපෑ ජීවිතයේ වසන්ත සමය වන් ඒ දවස් මෙන් වේ නම්! සර්ව පරාක්රමයාණන් මා හා සමඟ වූ එකල මගේ දරුවෝ ද මා වටා සිටියෝ ය.
ජෝබ් 29:1-5 Sinhala Revised Old Version (SROV)
නැවතත් යෝබ් තමාගේ කථාව පටන්ගෙන කියනුයේ: අනේ, ඉස්සර මාස වන දෙවියන්වහන්සේ මා රැකවල්කළ දවස්වලදී මෙන් මට සිටින්ට ඇත්නම්! එකල උන්වහන්සේගේ පහන මාගේ හිසට උඩින් බැබළුණේය, මමද උන්වහන්සේගේ එළියෙන් අන්ධකාරය මැදින් ගියෙමි; මාගේ සරත් කාලයෙහි මා සිටි ලෙසම සිටින්ට ඇත්නම්! එකල දෙවියන්වහන්සේගේ මිත්ර ලාභය මාගේ කූඩාරම කෙරෙහි තිබුණේය; සර්වපරාක්රමයාණෝ ඒ දක්වා මා සමඟ සිටිසේක, මාගේ දරුවෝද මා වටකර සිටියෝය.
ජෝබ් 29:1-5 Sinhala New Revised Version (NRSV)
ජෝබ් යළිදු සිය කතාව ඇරඹී ය: “අනේ! දෙවිඳාණන් මා රැක බලා ගත් පෙර කාලයට ආපසු යා ගත හැකි නම්! එකල එතුමාණන්ගේ පහන මාගේ හිසට උඩින් බැබළිණි. ඒ එළියෙන් මම අඳුර මැදින් ගමන් කෙළෙමි. එකල මම සමෘද්ධිමත් ව සිටියෙමි; එතුමාණන්ගේ මිතුරුකම මාගේ නිවෙස රැකවල් කෙළේ ය. එකල සව් බලැති දෙවි තුමාණෝ මා සමඟ සිටි සේක; මාගේ දූ දරුවෝ මා අවට වූ හ.
ජෝබ් 29:1-5 Sinhala New Revised Version 2018 (SNRV)
ජෝබ් යළිදු සිය කතාව ඇරඹී ය: “අනේ! දෙවිඳාණන් මා රැක බලා ගත් පෙර කාලයට ආපසු යා ගත හැකි නම්! එකල එතුමාණන්ගේ පහන මාගේ හිසට උඩින් බැබළිණි. ඒ එළියෙන් මම අඳුර මැදින් ගමන් කෙළෙමි. එකල මම සමෘද්ධිමත් ව සිටියෙමි; එතුමාණන්ගේ මිතුරුකම මාගේ නිවෙස රැකවල් කෙළේ ය. එකල සව් බලැති දෙවි තුමාණෝ මා සමඟ සිටි සේක; මාගේ දූ දරුවෝ මා අවට වූ හ.
ජෝබ් 29:1-5 New International Version (NIV)
Job continued his discourse: “How I long for the months gone by, for the days when God watched over me, when his lamp shone on my head and by his light I walked through darkness! Oh, for the days when I was in my prime, when God’s intimate friendship blessed my house, when the Almighty was still with me and my children were around me