ජෝබ් 23:1-17
ජෝබ් 23:1-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යෝබ් පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය: “අදටත් මගේ මැසිවිල්ල දුක්ඛදායක ය; මගේ කෙඳිරිගෑම නො සලකා, උන්වහන්සේගේ අත මා පිට බර වී ඇත. අහෝ උන්වහන්සේ හමු විය හැක්කේ කොතැනකදී ද යන්නවත් මා දැන සිටියා නම්! උන්වහන්සේගේ වාස භවන වෙත මට යා හැකි නම්! උන්වහන්සේ ඉදිරියේ මගේ නඩුව දිග හරින්නෙමි; මගේ මුව පුරා තර්ක විතර්ක ගෙන හැර පාන්නෙමි. උන්වහන්සේගේ පිළිතුර කවරක් වේ දැයි මම දැන ගන්නෙමි; උන්වහන්සේ පවසන දේ තේරුම් ගන්නෙමි. උන්වහන්සේ තම බලයේ මහත්කමින් මට විරුද්ධකම් පාවි ද? නැත; උන්වහන්සේ මා වෙත අවධානය යොමනු ඇත. එහිදී අවංක මිනිසකුට තමාගේ නඩුව උන්වහන්සේ හමුවේ ඉදිරිපත් කරන්නට පුළුවන; මගේ විනිශ්චයකරුවාණන්ගෙන් එවිට මම සදහට ම මුදනු ලබන්නෙමි. “මෙන්න! මා නැගෙනහිරට ගියොත්, උන්වහන්සේ එහි නැත; මා බටහිරට ගියත්, එහිදීත් උන්වහන්සේ හමු විය හැකි නො වේ. උන්වහන්සේ උතුරෙහි වැඩක යෙදී සිටින කල, මට උන්වහන්සේ දැකිය නො හැක; උන්වහන්සේ දකුණට හැරෙන කල, උන්වහන්සේගේ සේයාවකුදු මට දැකිය නො හැකි ය. එහෙත් මා ගන්නා මාර්ගය උන්වහන්සේ දන්නා සේක; උන්වහන්සේ මා උර ගෑ කල, මම රත්රන් සේ නික්ම එන්නෙමි. මගේ පාද උන්වහන්සේගේ පියවර පසු පස ළඟින් ම ඇදෙයි; මම බැහැරක නො යා, උන්වහන්සේගේ මාර්ගයෙහි ම පැවතුණෙමි. උන්වහන්සේගේ දෙතොලතරින් ආ ආඥාවලින් මම බැහැර ව නො ගියෙමි; මගේ දිනපතා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන මම හදේ නිදන් කොට තබා ගතිමි. “එහෙත් උන්වහන්සේ නො වෙනස් ව සිටින සේක; උන්වහන්සේ නැවත හැරවිය හැක්කේ කවරකුට ද? උන්වහන්සේ තමන් කැමති දේ කරන සේක. මා ගැන නියමිත අදහස උන්වහන්සේ ක්‍රියාවට නංවන සේක; එබඳු තව බොහෝ සැලසුම් උන්වහන්සේ වෙත ඇත. උන්වහන්සේ ඉදිරියේ මා තැති ගන්නේ එබැවිනි; මේ හැමකක් ගැන සිතන විට උන්වහන්සේට මම භය වන්නෙමි. දෙවියන්වහන්සේ මගේ හදවත මුර්ඡා කළ සේක; සර්ව පරාක්‍රමයාණෝ මා භයපත් කළ සේක. එහෙත් අන්ධකාරය හේතුවෙන්, මගේ මුහුණ ආවරණ කර සිටින ඝන අන්ධකාරය හේතුවෙන් මම නිශ්ශබ්ද ව නො සිටින්නෙමි.
ජෝබ් 23:1-17 Sinhala Revised Old Version (SROV)
එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ: අද දක්වාම මාගේ විලාපය දුක්ඛිතය; මට වැදී තිබෙන පහර මාගේ කෙඳිරිගෑමට වඩා බරය. අහෝ උන්වහන්සේගේ ආසනය ළඟටම පැමිණ, උන්වහන්සේ සම්බවෙන්ට පුළුවන් තැන දැනගන්ට ඇත්නම්! එවිට උන්වහන්සේ ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළට තබන්නෙමි, මාගේ මුඛයද තර්කවලින් පුරවන්නෙමි. උන්වහන්සේ මට උත්තරදෙන වචන දැනගන්නෙමි, මට කියන දේ තේරුම්ගන්නෙමි. උන්වහන්සේ තමන් බලයේ මහත් කමින් මා සමඟ විවාදකරනවා ඇද්ද? නැත, උන්වහන්සේ මට ඇහුම්කන් දෙනවා ඇත. එහිදී ධර්මිෂ්ඨ අයට උන්වහන්සේ සමඟ කාරණා කියා සිටින්ට පුළුවන; මෙසේ මාගේ විනිශ්චයකාරයාණන්ගෙන් සදාකාලයටම මිදෙන්ට මට පුළුවන්වන්නේය. නුමුත් මා ඉස්සරහට ගියත් උන්වහන්සේ එහි නැත; මා පස්සට ගියත් උන්වහන්සේ දකින්ට නොහැකිවෙමි. වම් පැත්තෙහි උන්වහන්සේ ක්‍රියාකරන කල උන්වහන්සේ දකිනු නොහැක්කෙමි. දකුණු පැත්තෙහිද මට නොපෙනෙන ලෙස උන්වහන්සේ සැඟවෙන සේක. එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීක්ෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි. මාගේ පාදය උන්වහන්සේගේ අඩි පාර අනුවම ගියේය; මම අහක් නොවී උන්වහන්සේගේ මාර්ගයෙහිම ගියෙමි. උන්වහන්සේගේ තොල්වල ආඥාවෙන් අහක්ව නොගොස්, මාගේ වුවමනා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන අගේකොට තබාගතිමි. එහෙත් උන්වහන්සේගේ අදහස එකක්මය, උන්වහන්සේ හරවන්නේ කවුද? තමන්වහන්සේගේ සිතට කැමති දෙයම උන්වහන්සේ කරනසේක. එසේය, මා ගැන නියමකර තිබෙන දේ උන්වහන්සේ ඉෂ්ටකරනසේක. එබඳු බොහෝ කාරණා උන්වහන්සේ වෙත තිබේ. එබැවින් මම උන්වහන්සේ ඉදිරියෙහි කැලඹෙමි; කල්පනාකරන කල උන්වහන්සේ ගැන භයවෙමි. දෙවියන්වහන්සේ මාගේ සිත ක්ලාන්තකළසේක, සර්වපරාක්‍රමයාණෝ මා කැලඹූසේක. ඒ වනාහි අන්ධකාරය පැමිණෙන්ට මත්තෙන් මා සිඳිනු නොලැබූ නිසාත් උන්වහන්සේ මාගේ මුහුණෙන් ඝනාන්ධකාරය නොසැඟෙවු නිසාත්ය.
ජෝබ් 23:1-17 Sinhala New Revised Version (NRSV)
එවිට ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: “අද මාගේ විලාපය කටුක ය. දෙවිඳුන්ගෙන් මා ලත් පහර බරපතල නිසා කෙඳිරිගාමි. අහෝ! එතුමන්ගේ නඩු ආසනය ළඟට පැමිණෙන්නත්, එතුමන් හමුවන්නත් මට පුළුවන්කමක් ඇත්නම්. එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළින් කියා සිටිමි. කථිකයෙකු මෙන් හැම තර්කයක් ම ඉදිරිපත් කරමි. එවිට එතුමන් පවසන දෙය තේරුම් ගෙන, මට දෙන උත්තරය දැනගන්නෙමි. එතුමන් සිය බල මහිමය පා මා සමඟ වාද කරනු ඇද් ද? නැත. එතුමාණෝ මා කියන දෙයට සවන් දෙන සේක. එහි දී, මා වැනි දැහැමි කෙනෙකු සමඟ වාද කළ බව එතුමන්ට පෙනෙනු ඇත. විනිසකරුවන් විසින් මම නිදහස් කරනු ලබන්නෙමි. මම පෙරදිග බලා ගියෙමි; දෙවිඳාණෝ එහි නැත. අපරදිග බලා ගියෙමි; එතුමෝ එහිත් නැත. මම උතුරට හැරී, මම දකුණට හැරී, එතුමන් සෙව්වෙමි. ඒ කිසි තැනක එතුමෝ දකින්නට නැත. එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත. මට එතුමන් නියම කොට ඇති මාවතෙහි ම මම ගමන් කරමි. එතුමන්ගේ නියෝගවලින් ඉවත් ව නොයමි. එතුමන්ගේ ආඥා මම නිරතුරු පිළිපදිමි. එතුමන්ගේ වදන් මා හද තුළ නිදන් කර ගනිමි. එතුමාණන් යමක් තීරණය කළොත් එය වෙනස් නොවන්නේ ය; ඒවා වෙනස් කළ හැක්කේ කාට ද? එතුමාණෝ තමන් සිතූ දේ ඉටු කරන සේක. මා පිළිබඳ සිය අදහස එතුමන් සපුරාලනු ඇත; එවැනි අදහස් එතුමන්ගේ සිතෙහි තව බොහෝ ඇත. ඒ නිසා එතුමාණන් හමු වීමට මම බිය වෙමි. එතුමන් ගැන සිතන විට මම බිය පත් වෙමි. සව් බලැති දෙවි තුමාණෝ මහද දුබල කළ සේක; එතුමාණෝ මාගේ සිතෙන් දිරිය පහකළ සේක. අඳුරින් මම වට වී සිටිමි; එතුමන් නොපෙනෙන ලෙස ගන’ඳුරින් මාගේ මුහුණ ආවරණය වී තිබේ.
ජෝබ් 23:1-17 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝබ් 23:1-17 New International Version (NIV)
Then Job replied: “Even today my complaint is bitter; his hand is heavy in spite of my groaning. If only I knew where to find him; if only I could go to his dwelling! I would state my case before him and fill my mouth with arguments. I would find out what he would answer me, and consider what he would say to me. Would he vigorously oppose me? No, he would not press charges against me. There the upright can establish their innocence before him, and there I would be delivered forever from my judge. “But if I go to the east, he is not there; if I go to the west, I do not find him. When he is at work in the north, I do not see him; when he turns to the south, I catch no glimpse of him. But he knows the way that I take; when he has tested me, I will come forth as gold. My feet have closely followed his steps; I have kept to his way without turning aside. I have not departed from the commands of his lips; I have treasured the words of his mouth more than my daily bread. “But he stands alone, and who can oppose him? He does whatever he pleases. He carries out his decree against me, and many such plans he still has in store. That is why I am terrified before him; when I think of all this, I fear him. God has made my heart faint; the Almighty has terrified me. Yet I am not silenced by the darkness, by the thick darkness that covers my face.