ජෝබ් 20:4-8
ජෝබ් 20:4-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මිනිසා මිහි පිට හිඳ වූ තැන් පටන්, පුරාණයේ පටන්, ඒ කෙසේ වී දැයි ඔබ දන්නේ නැති ද? දුෂ්ටයාගේ විනෝදය කෙටි වග; දේව-අභක්තිකයාගේ ප්‍රීතිය මොහොතකට පමණක් වග. ඔහුගේ අහංකාරය අහස් කුසට ම ළඟා වූ නමුදු, ඔහුගේ හිස වලාකුළුවල ගෑවුණ නමුදු, ඔහුගේ ම අශූචි මෙන් සදහට ම ඔහු වැනසී යයි. ඔහු දැක තිබූ අය ‘කෝ ඔහු කොහේ දැ’ යි අසනු ඇත. සිහිනයක් මෙන් ඔහු ඉගිළී, නො පෙනී යයි; තවත් දක්නට නො ලැබේ; රැයේ දර්ශනයක් සේ ඔහු පලවා හැරේ.
ජෝබ් 20:4-8 Sinhala Revised Old Version (SROV)
පුරාණයේ සිටම, මනුෂ්‍යයා පොළොවෙහි පිහිටුණ තැන් පටන්, වුණාවූ මේ කාරණාව වන, දුෂ්ටයන්ගේ ජයඝෝෂාව ලුහුඬු බවත් අභක්තිකයාගේ ප්‍රීතිය මොහොතකට පමණක් බවත් නොදන්නෙහිද? ඔහුගේ උතුම්කම අහස දක්වා නැග්ගත්, ඔහුගේ හිස වලාකුල්වලට හැපුණත්, ඔහුගේම අශූචි මෙන් ඔහු සදාකාලයටම නැතිවී යන්නේය, ඔහු දුටු අය: ඔහු කොයිදැයි අසන්නෝය. ඔහු හීනයක් මෙන් පහවී ගොස් නොපෙනී යන්නේය. රාත්‍රියේ දර්ශනයක් මෙන් පන්නනු ලබන්නේය.
ජෝබ් 20:4-8 Sinhala New Revised Version (NRSV)
කාලයාගේ උපත සිදු වූ දා සිට, මිනිසා මිහි පිට පහළ වූ දා පටන්, දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද? ඔහුගේ මහන්තත්ත්වය අහස දක්වා නැංගත්, ඔහුගේ හිස වලාකුළුවල ගැටෙන තරම් ඔහු උස ගියත්, කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි. ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්‍රශ්න කරති. ඔහු සිහිනයක් මෙන් පහ ව ගොස් අතුරුදන් වෙයි; රෑ යාමේ දර්ශනයක් මෙන් පහ ව යයි.
ජෝබ් 20:4-8 Sinhala New Revised Version 2018 (SNRV)
කාලයාගේ උපත සිදු වූ දා සිට, මිනිසා මිහි පිට පහළ වූ දා පටන්, දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද? ඔහුගේ මහන්තත්ත්වය අහස දක්වා නැංගත්, ඔහුගේ හිස වලාකුළුවල ගැටෙන තරම් ඔහු උස ගියත්, කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි. ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්‍රශ්න කරති. ඔහු සිහිනයක් මෙන් පහ ව ගොස් අතුරුදන් වෙයි; රෑ යාමේ දර්ශනයක් මෙන් පහ ව යයි.
ජෝබ් 20:4-8 New International Version (NIV)
“Surely you know how it has been from of old, ever since mankind was placed on the earth, that the mirth of the wicked is brief, the joy of the godless lasts but a moment. Though the pride of the godless person reaches to the heavens and his head touches the clouds, he will perish forever, like his own dung; those who have seen him will say, ‘Where is he?’ Like a dream he flies away, no more to be found, banished like a vision of the night.