ජෝබ් 16:9-17

ජෝබ් 16:9-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)

උන්වහන්සේ ස්වකීය කෝපයෙන් මට පහර දී මා ඉරා දමන සේක්; මා ගැන දත්මිටි කන සේක; මගේ එදිරිවාදියා මට ඔරවන්නේ ය. මිනිස්සු මට පරිභව කරන්නට තම මුව විවර කළෝ, පරිහාසයෙන් යුතු ව මගේ කම්මුලට ගසා, මට එරෙහිව එක් රොක් වෙති. දෙවියන්වහන්සේ නපුරු මිනිසුන් අතට මා පත් කළ සේක; දුදනන්ගේ ග්‍රහණයට මා හෙළූ සේක. සියල්ලෙහි දී මම යෙහෙන් සිටියෙමි; එහෙත් උන්වහන්සේ මා විසුණු කළ සේක; උන්වහන්සේ මා බෙල්ලෙන් අල්ලා, පොඩිකර දැමූ සේක. උන්වහන්සේ මා ඉලක්ක කර ගත් සේක. උන්වහන්සේගේ දුනුවායෝ මා වට කොට සිටිති; අනුකම්පාවක් නැතිව උන්වහන්සේ මගේ වකුගඩු පසාරු කර, මගේ පිත බිම ඉහිරවන සේක. නැවත නැවතත් උන්වහන්සේ මා පිට කඩා පනින සේක්; රණවිරුවකු සේ විගස මා වෙත එන සේක. “මම ගෝණි රෙදි මසා මගේ ගත වසා, මගේ අඟ දූලියෙහි හෙළා සිටිමි. වැලපීමෙන් මගේ මුහුණ රතුවී ගොසිනි; මගේ ඇස් වටා ගන කළු ලප මතු වී ඇත. එනමුත් මගේ දෑතෙහි සැහැසිකම නැත; මගේ යාච්ඤාව පවිත්‍ර ය.

ජෝබ් 16:9-17 Sinhala Revised Old Version (SROV)

උන්වහන්සේ තමන් කෝපයෙන් මා ඉරා දමා මට ද්වේෂකළසේක; උන්වහන්සේ මට විරුද්ධව දත්මිටි කෑසේක. මාගේ එදිරිකාරයා මා දෙසට තමාගේ ඇස් යොමුකරන්නේය. ඔව්හු මට විරුද්ධව තමුන්ගේ කට අයා, නින්දාකරමින් මාගේ කම්මුලට ගැසුවෝය. ඔව්හු එක්ව මට විරුද්ධව සම්බන්ධ වෙති. දෙවියන්වහන්සේ අභක්තිකයාට මා පාවාදෙනසේක; දුෂ්ටයන්ගේ අත්වලට මා වීසිකරනසේක. මම සුවසේ සිටියෙමි, උන්වහන්සේ මා පොඩිකළසේක; මාගේ බෙල්ල අල්ලා, මා බිමගසා සුන්කර, ඉලක්කයක් කොට මා තබාගත්සේක. උන්වහන්සේගේ දුනුවායෝ මා වටකරගන සිටිති, උන්වහන්සේ කරුණා නොකර, මාගේ වකුගඩු පළා, මාගේ පිත බිම වගුරුවනසේක. උන්වහන්සේ බිඳුම් පිට බිඳුම් කොට, මා පොඩිකරනසේක; යුද්ධකාරයෙකු මෙන් මට විරුද්ධව දුව එනසේක. ගෝණි රෙදි මාගේ හම පිට මහගන, මාගේ ඇඟ දූවිල්ලෙහි දමාගන සිටිමි. මාගේ මුහුණ ඇඬීමෙන් රතුවී තිබේ, මාගේ ඇසිපිය පිටද මරණයේ සෙවන තිබේ. කිසි බලාත්කාරකමක් මාගේ අත්වල නැති නුමුත්, මාගේ යාච්ඤාව පිරිසිදු නුමුත්, මට එසේ වී තිබේ.

ජෝබ් 16:9-17 Sinhala New Revised Version (NRSV)

එතුමාණන් කෝපයෙන් මා කැබලි කොට, ඉරා දමනු ඇත. එතුමාණන් දත්මිටි කා, තියුණු ලෙස මා දෙස රවා බලනු ඇත. මාගේ සතුරෝ මට විරුද්ධ ව නින්දා කොට මට කම්මුල් පහර දුන්හ. ඔව්හු මට එරෙහි ව රැස් වී සිටියහ. දෙවිඳුන් මා අභක්තිකයන් අතට පාවා දී ඇත; දුදනන් වෙත මා පලවා හැර ඇත. එතුමාණන් මා මැඩ ලන තුරු මම යෙහෙන් කල් යැවීමි. එතුමාණෝ මාගේ ගෙල අල්ලා, මා බිම ගසා සුණු විසුණු කළ සේක. එතුමාණන්ගේ දුනුවායෝ මා වට කරගත්හ. එතුමාණෝ මා ඉලක්කයක් කරගත්හ. එතුමාණන්ගේ ඊතල හැම දෙසින් ම පිට පතිත වේ; එතුමාණෝ කරුණා විරහිත ව මාගේ වකුගඩු පළාදමන සේක; පිත බිම වගුරුවන සේක; පහර පිට පහර දී මාගේ ආරක්ෂා පවුර බිඳ දමන සේක. නිර්භීත සෙබළෙකු මෙන් එතුමාණෝ මට විරුද්ධ ව දුව එන සේක. මම ගෝණි රෙදි මසා, මාගේ හම වසාගෙන, දුකින් දුබල ව දූවිල්ලෙහි හිඳගතිමි. හැඬීමෙන් මාගේ මුහුණ රතු වී ඇත; මාගේ ඇස් වටා කළු වී ඇත. මා සැහැසිකමින් තොර ව සිටියදීත් මාගේ යාච්ඤා අවංක ව තිබියදීත් මේ දේ මට සිදු වී ඇත.

ජෝබ් 16:9-17 Sinhala New Revised Version 2018 (SNRV)