ජෝබ් 14:7-9
ජෝබ් 14:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මන්ද ගසකට වුව ද, බලාපොරොත්තුවක් ඇත; කපා දමනු ලැබුව ද, එය යළි ලියලයි; එහි නව රිකිලි දිගට ම දළුලයි; එහි මුල් කල් ගෙවී, පොළොවේ දිරා යනු ඇත; එහි කඳ පසෙහි මැරී යනු ඇත, එහෙත් ජලයේ ඉව දැනීමෙන් එය දළු ලා, පැළෑටියක් මෙන් අතු-රිකිලි ලා වැඩේ.
ජෝබ් 14:7-9 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ගහක් කපාදැමුවොත් ඒක දෙවනු ලියලා, ඒකේ රිකිලි හටගන්නේය යන බලාපොරොත්තුව ඇත්තේය. ඒකේ මුල බොහෝ කල් පොළොවෙහි පරණවී, ඒකේ කඳ බිමෙහි මැරුණත්, වතුරට පෙඟීමෙන් ඒක දළුලා, පැළෑටියක් මෙන් අතු ලියලනවා ඇත.
ජෝබ් 14:7-9 Sinhala New Revised Version (NRSV)
ගසක් කපා දැමුවොත්, එය යළිත් ලියලා එහි රිකිලි හටගනු ඇතැ යි බලාපොරොත්තුවක් ඇත. ඒ ගසේ මුල් බොහෝ කල් පොළොවේ දිරා ගියත් එහි කඳ බිම වියළී ගියත්, වතුර උරා ගත්තොත් දලු ලා පැළෑටියක් මෙන් යළිත් අතු ලියලනු ඇත.
ජෝබ් 14:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
ගසක් කපා දැමුවොත්, එය යළිත් ලියලා එහි රිකිලි හටගනු ඇතැ යි බලාපොරොත්තුවක් ඇත. ඒ ගසේ මුල් බොහෝ කල් පොළොවේ දිරා ගියත් එහි කඳ බිම වියළී ගියත්, වතුර උරා ගත්තොත් දලු ලා පැළෑටියක් මෙන් යළිත් අතු ලියලනු ඇත.
ජෝබ් 14:7-9 New International Version (NIV)
“At least there is hope for a tree: If it is cut down, it will sprout again, and its new shoots will not fail. Its roots may grow old in the ground and its stump die in the soil, yet at the scent of water it will bud and put forth shoots like a plant.