ජෝබ් 14:1-6
ජෝබ් 14:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ස්ත්‍රියකගෙන් උපන් මිනිසාගේ ජීවිත දවස් අල්ප ය. ඒවා කරදරයෙන් පිරිලා ය. ඔහු මලක් මෙන් පිපී, පරව යයි; සෙවණැල්ලක් මෙන් වහා පහ වී යයි; ඔහු අනිත්‍ය ය. එබඳු වූවකු වෙත ඔබ ඔබගේ බැල්ම යොමු කරනවා ද? ඔබ ඉදිරිපිට විනිශ්චයට ඔබ ඔහු ගෙන්වනවා ද? අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්න පුළුවන් කවරකුට ද? කිසිවකුටත් බැරි ය. මිනිසාගේ ජීවිත දවස් තීන්දු කර තිබේ; ඔහුට ඉක්මවා ගිය නො හැකි ලෙස සීමා පනවමින්, ඔහු ජීවත් වන මාස ගණන ඔබවහන්සේ නියම කර ඇත; එබැවින් කුලීකරුවකු සේ ඔහු තම දවස භුක්ති විඳ නිම වන තුරු, ඔහුට පාඩුවේ ඉන්නට හැර ඔහු වෙතින් ඔබේ බැල්ම ඉවතට ගත මැන.
ජෝබ් 14:1-6 Sinhala Revised Old Version (SROV)
ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ කෙනෙක්ය. ඔහු මලක් මෙන් හටගෙන පහවීයන්නේය, ඔහු නොපැවතී සෙවණැල්ල මෙන් පලායන්නේය. එබඳු අයෙකු දෙස ඔබගේ ඇස් අරිනසේක්ද? මා ඔබ හමුවෙහි විනිශ්චයට පමුණුවනසේක්ද? අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්ට කාට පුළුවන්ද? කාටවත් බැරිය. ඔහුගේ දවස් නියමව, ඔහුගේ මාස ගණන ඔබ වෙත තිබෙන නිසාත්, ඔහු පිටතට නොයන හැටියට ඔබ ඔහුගේ මායිම් පිහිටුවා තිබෙන නිසාත්, ඔහු තමාගේ දවස කුලීකාරයෙකු මෙන් භුක්තිවිඳ නිමවෙන තුරු, ඔහු නිෂ්කලංකය ලබන පිණිස, ඔබගේ ඇස් ඔහු කෙරෙන් හරවාගත මැනව.
ජෝබ් 14:1-6 Sinhala New Revised Version (NRSV)
“මවු කුසින් උපන් හැම කෙනෙකුගේ ම ජීවිත කෙටි ය, දුකින් පිරී ඇත. ඔහු මලක් මෙන් පිපී, පර වී යන්නේ ය. නොපවතින සෙවණැල්ලක් මෙන් පහ ව යන්නේ ය. එවැන්නෙකු දෙස ඔබ නෙත් යොමා බලන සේක් ද? උසාවියෙහි ඔබ වෙත ඔහු කැඳවන සේක් ද? අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්න කාට හැකි ද? කිසිවෙකුට බැරි ය! මිනිසාගේ ආයු මිම්මක් ඇත. ඔහුගේ අවුරුදු ඔබ අතේ ය. ඔහුගේ කාල සීමා ඉක්මවා නොයන පරිදි ඒවා පිහිටුවා ඇත. පැයවල් ගණන් බලමින් කුලීකරුවෙකු මෙන් සිටින ඔහුගෙන් ඔබේ ඇස් ඉවතට ගෙන ඔහුට විවේකය දුන මැනව.
ජෝබ් 14:1-6 Sinhala New Revised Version 2018 (SNRV)
“මවු කුසින් උපන් හැම කෙනෙකුගේ ම ජීවිත කෙටි ය, දුකින් පිරී ඇත. ඔහු මලක් මෙන් පිපී, පර වී යන්නේ ය. නොපවතින සෙවණැල්ලක් මෙන් පහ ව යන්නේ ය. එවැන්නෙකු දෙස ඔබ නෙත් යොමා බලන සේක් ද? උසාවියෙහි ඔබ වෙත ඔහු කැඳවන සේක් ද? අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්න කාට හැකි ද? කිසිවෙකුට බැරි ය! මිනිසාගේ ආයු මිම්මක් ඇත. ඔහුගේ අවුරුදු ඔබ අතේ ය. ඔහුගේ කාල සීමා ඉක්මවා නොයන පරිදි ඒවා පිහිටුවා ඇත. පැයවල් ගණන් බලමින් කුලීකරුවෙකු මෙන් සිටින ඔහුගෙන් ඔබේ ඇස් ඉවතට ගෙන ඔහුට විවේකය දුන මැනව.
ජෝබ් 14:1-6 New International Version (NIV)
“Mortals, born of woman, are of few days and full of trouble. They spring up like flowers and wither away; like fleeting shadows, they do not endure. Do you fix your eye on them? Will you bring them before you for judgment? Who can bring what is pure from the impure? No one! A person’s days are determined; you have decreed the number of his months and have set limits he cannot exceed. So look away from him and let him alone, till he has put in his time like a hired laborer.