ජෝබ් 11:7-9
ජෝබ් 11:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“දෙවියන්වහන්සේගේ අබිරහස් ඔබට සොයා දැනගත හැකි ද? සර්ව පරාක්රමයාණන්වහන්සේගේ සීමා ඔබට සෝදිසි කර බැලිය හැකි ද? ඒවා ස්වර්ගවලටත් වඩා ඉහළ ය; මොනවද ඔබට කළ හැක්කේ? ඒවා ෂෙයෝලයේ ගැඹුරටත් වඩා ගැඹුරු ය; මොනවද ඔබට දැනගත හැක්කේ? ඒවායේ පරිමාණය දිගින් මහ පොළොවටත් වැඩි ය; පළලින් මහ මුහුදටත් වැඩි ය.
ජෝබ් 11:7-9 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් දැනගන්ට නුඹට පුළුවන්ද? සර්වපරාක්රමයාණන්වහන්සේ සම්පූර්ණ ලෙස දැනගන්ට නුඹට පුළුවන්ද? ඒක ස්වර්ගය මෙන් උසය; නුඹට මක්කරන්ට පුළුවන්ද? ෂෙයෝලට වඩා ගැඹුරුය; නුඹට දැනගන්ට පුළුවන් කුමක්ද? ඒකේ මිම්ම පොළොවට වඩා දිගය, මුහුදට වඩා පළලය.
ජෝබ් 11:7-9 Sinhala New Revised Version (NRSV)
ඔබට දෙවිඳුන්ගේ අබිරහසේ ගැඹුර දැකිය හැකි ද? සව් බලැති එතුමන්ගේ සම්පූර්ණත්වය දැක ගත හැකි ද? එය අහසටත් වඩා උස ය; ඔබට කළ හැකි කිසිවක් ඇද් ද? එය පාතාල ලෝකයට වඩා ගැඹුරු ය; ඔබට දැනගත හැකි කිසිවක් ඇද් ද? එය මහ පොළොවට වඩා විශාල ය. මුහුදට වඩා පළල ය.
ජෝබ් 11:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබට දෙවිඳුන්ගේ අබිරහසේ ගැඹුර දැකිය හැකි ද? සව් බලැති එතුමන්ගේ සම්පූර්ණත්වය දැක ගත හැකි ද? එය අහසටත් වඩා උස ය; ඔබට කළ හැකි කිසිවක් ඇද් ද? එය පාතාල ලෝකයට වඩා ගැඹුරු ය; ඔබට දැනගත හැකි කිසිවක් ඇද් ද? එය මහ පොළොවට වඩා විශාල ය. මුහුදට වඩා පළල ය.
ජෝබ් 11:7-9 New International Version (NIV)
“Can you fathom the mysteries of God? Can you probe the limits of the Almighty? They are higher than the heavens above—what can you do? They are deeper than the depths below—what can you know? Their measure is longer than the earth and wider than the sea.