ජෝබ් 11:2-4
ජෝබ් 11:2-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මේ සා වචන රාශියක් උත්තර නො දී හරින්න ද? මිනිසකුගේ මුඛරිකම නිසා ම ඔහු නිවැරදි වේ ද? ඔබගේ ප්‍රලාප හමුවේ මිනිසුන් ශබ්ද නැතිව සිටින්න ද? නුඹ සමච්චල් කරද්දී කිසිවකු නුඹට තරවටු නො කරාවි ද? ඔබ පවසන්නේ ‘මා අදහන දේ දොසින් තොර ය; ඔබ ඉදිරියේ මා පවිත්‍ර ය’ කියා ය.
ජෝබ් 11:2-4 Sinhala Revised Old Version (SROV)
වචන රාශියට උත්තරදිය යුතු නොවේද? නොහොත් අධික කථාකාරයාම නිර්දෝෂ වේද? මනුෂ්‍යයන් නුඹේ ප්රලාපවලට නිශ්ශබ්දව සිටින්ටද? නුඹ කවටකම්කරන කල කිසිවෙක් නුඹ ලජ්ජාවට නොපමුණුවන්නේද? මක්නිසාද: මාගේ හැසිරීම නිදොස්ය, මම ඔබගේ ඇස් හමුවෙහි පවිත්‍රව සිටිමියි නුඹ කියන්නෙහිය.
ජෝබ් 11:2-4 Sinhala New Revised Version (NRSV)
“මේ වාග් ප්රවාහයට පිළිතුරක් දිය යුතු නොවේ ද? කෙනෙකු බොහෝ කතා කරන පළියට ඔහු වරදින් නිදහස් ද? සීමාවක් නැති ඔබේ ප්‍රලාපවලින් අප නිහඬ කිරීමට ඔබ සිතන්නෙහි ද? ඔබ අනන්මනන් දොඩන විට යමෙකු ඔබට දොස් නොනඟා සිටිනු ඇද් ද? ඔබ පවසන දෙය ඇත්ත යයි ඔබ සිතන්නෙහි ය. ‘දෙවිඳුනි, ඔබ අබිමුව මම නිදොස් යැ’යි ඔබ කියන්නෙහි ය.
ජෝබ් 11:2-4 Sinhala New Revised Version 2018 (SNRV)