ජෝබ් 1:6-7
ජෝබ් 1:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේගේ පුත්රයන් ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට ආ දිනෙක සාතන් ද ඔවුන් සමඟ පැමිණියේ ය. ස්වාමින්වහන්සේ සාතන් අමතා, “නුඹ කොහේ සිට මෙහි ආවා දැ?” යි ඇසූ සේක. සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “මම පොළොවේ ඔබ මොබ සැරිසරා, ඒ මේ අත ඇවිද ආවෙමි” යි කීවේ ය.
ජෝබ් 1:6-7 Sinhala Revised Old Version (SROV)
තවද එක් දවසක දෙවියන්වහන්සේගේ පුත්රයන් ස්වාමීන්වහන්සේ, ඉදිරියෙහි පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද ඔවුන් අතරෙහි ආයේය. එවිට ස්වාමීන්වහන්සේ: නුඹ කොතැන සිට ආයෙහිදැයි සාතන්ගෙන් ඇසූසේක. සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආවෙමියි කීවේය.
ජෝබ් 1:6-7 Sinhala New Revised Version (NRSV)
තවද, එක් දිනෙක සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ අවස්ථාවේ දී විරෝධකාරී සාතන් ද ඔවුන් අතර විය. “නුඹ දැන් මෙහි පැමිණියේ කොහේ සිට දැ”යි සමිඳාණන් වහන්සේ සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, “මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය.
ජෝබ් 1:6-7 Sinhala New Revised Version 2018 (SNRV)