ජෝබ් 1:14-19
ජෝබ් 1:14-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෝබ් වෙත පණිවුඩකරුවෙක් පැමිණ, “ගවයින් හාමින් ද බූරුවන් ඒ අසල තණ කමින් ද සිටියදී, ෂෙබාවරු කඩා වැදී උන් පැහැරගෙන ගියෝ ය, සේවකයින්ට කඩු පහර දී, මරා දැමුවෝ ය. මේ වග ඔබට කියන්නට ඉතිරි වූයේ මා පමණකැ” යි කීවේ ය. ඔහු එසේ කියමින් සිටියදී ම මෙන්න! තවත් පණිවුඩකරුවෙක් එහි පැමිණ, “දෙවියන්වහන්සේගේ ගින්දර අහසින් අවුත්, බැටළුවන් ද සේවකයන් ද පිට පතිත වී, ඇවිළී ඔවුන් දවා දැමුවා. ඔබට කියන්නට බේරී ඉතිරි වුණේ මා පමණි” යි කීවේ ය. ඔහු එසේ පවසමින් සිටියදී ම එහි පැමිණි තවත් පණිවුඩකරුවෙක්, “ඔටුවන් පිටට කල්දිවරුන් කණ්ඩායම් තුනක් සැදී, කඩා වැදී, උන් පැහැරගෙන ගියා. සේවකයින් කඩු පහර කා මැරුණා. ඔබට කියන්නට බේරී ඉතිරි වුණේ මා පමණකි” යි කීවේ ය. ඔහු එසේ කියමින් සිටියදී ම එහි පැමිණි වෙනත් පණිවුඩකරුවෙක්, “ඔබගේ පුතුන් හා දූවරුන් ඔවුන්ගේ වැඩිමල් සහෝදරයාගේ නිවසේ භෝජන සංග්‍රහ විඳිමින්, මිදි යුෂ පානය කරමින් සිටියා; මෙන්න! එකපාරට ම කාන්තාරයේ සිට සැඩ සුළඟක් හමා, ගෙයි හතර පැත්තට ම පහර වැදුණා; එයින් ගෙය දූ පුතුන් මත කඩා වැටී ඔවුන් මැරුණා; ඔබට කියන්නට බේරී ඉතිරි වුණේ මා පමණි” යි කීවේ ය.
ජෝබ් 1:14-19 Sinhala Revised Old Version (SROV)
පණිවිඩකාරයෙක් යෝබ් වෙතට ඇවිත්: ගවයන් සීසාමින්ද උන් ළඟ කොටළු දෙනුන් තණ කමින්ද සිටින අතර ෂෙබාවරු හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය; මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: දෙවියන්වහන්සේගේ ගිනි අහසෙන් වැටී බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිළී, ඔවුන් දවා දැමුවේය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: කල්දිවරු කණ්ඩායම් තුනක් සෑදී ඔටුවන් ළඟට පැමිණ උන් අල්ලාගෙන ගියෝය, මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: ඔබගේ පුත්‍රයන් සහ දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙයි කමින්ද මුද්‍රිකපානය බොමින්ද සිටියදී, තද හුළඟක් කාන්තාරයට එහායින් ඇවිත් ගෙයි සතර කොනට වැදී, ඒක තරුණයන් පිට වැටුණේය, ඔව්හු මැරුණෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
ජෝබ් 1:14-19 Sinhala New Revised Version (NRSV)
පණිවුඩකාරයෙක් ජෝබ් වෙත වහා දිව අවුත්, “ගවමහිෂයන් සී සාමින් ද කොටළු දෙනුන් තණ කමින් ද සිටියදී ෂෙබාවරු උන් වෙත කඩා පැන, උන් පැහැරගෙන ගියෝ ය. මෙහෙකරුවන් කඩුවෙන් මැරූ හ. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය. ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “අහසින් අකුණක් වැදී බැටළුවන් සහ එඬේරුන් පිට ඇවිළී ඔවුන් දවා දැමී ය. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය. ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “කල්දිවරු කණ්ඩායම් තුනකට සෑදී ඔටු රංචු වෙත පැමිණ පහර දී උන් පැහැරගෙන ගියෝ ය; මෙහෙකරුවන් කඩු පහරින් මරාදැමූ හ. ඔබට මෙපුවත සැළ කිරීමට ඉතිරි වූයේ මා පමණකි”යි කී ය. ඔහු කතා කරමින් සිටියදී ම සතර වැනි කෙනෙක් ද අවුත්, “ඔබේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටියදී, කාන්තාරය හරහා චණ්ඩ මාරුතයක් හමා අවුත් ගෙයි සතර කොණට වැදුණේ ය. එය දූ පුතුන් පිට කඩා වැටී ඔව්හු මළෝ ය. මේ පුවත සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
ජෝබ් 1:14-19 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝබ් 1:14-19 New International Version (NIV)
a messenger came to Job and said, “The oxen were plowing and the donkeys were grazing nearby, and the Sabeans attacked and made off with them. They put the servants to the sword, and I am the only one who has escaped to tell you!” While he was still speaking, another messenger came and said, “The fire of God fell from the heavens and burned up the sheep and the servants, and I am the only one who has escaped to tell you!” While he was still speaking, another messenger came and said, “The Chaldeans formed three raiding parties and swept down on your camels and made off with them. They put the servants to the sword, and I am the only one who has escaped to tell you!” While he was still speaking, yet another messenger came and said, “Your sons and daughters were feasting and drinking wine at the oldest brother’s house, when suddenly a mighty wind swept in from the desert and struck the four corners of the house. It collapsed on them and they are dead, and I am the only one who has escaped to tell you!”