ශු. යොහන් 9:8-9
ශු. යොහන් 9:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එකල අසල්වාසීහු ද ඔහු සිඟමන් ඉල්ලනු දැක තිබූ අය ද, “හිඳගෙන සිඟා කෑ මිනිසා මොහු නො වේ දැ?” යි කීහ. ඇතැම්හු, “මේ ඔහු ම යැ” යි කී අතර, අන් සමහරු, “නෑ මොහු හරියට ඔහු වගේ” යි කීහ. “ඒ මම” යැයි ඒ මිනිසා ප්රකාශ කළේ ය.
බෙදාගන්න
ශු. යොහන් 9 කියවන්නශු. යොහන් 9:8-9 Sinhala Revised Old Version (SROV)
එබැවින් අසල්වාසියෝද ඔහු සිඟන්නෙක්ව සිටි බව පෙර දුටු අයද කථාකොට: ඉඳගෙන සිඟමන් ඉල්ලූ තැනැත්තා මොහු නොවේදැයි කීවෝය. සමහරෙක්: මේ ඔහුයයි කීවෝය. තවත් අය: නැත, නුමුත් මොහු ඔහු වාගේයයි කීවෝය. ඒ මමයයි ඔහු කීවේය.
බෙදාගන්න
ශු. යොහන් 9 කියවන්නශු. යොහන් 9:8-9 Sinhala New Revised Version (NRSV)
අසල්වාසීහු ද, පෙර ඔහු සිඟනු දුටු අය ද, “මේ, අර හිඳගෙන සිඟා කෑ මිනිසා නොවේ දැ”යි ඇසූ හ. “මේ ඔහු ම ය”යි සමහරු කී හ. “නැත, ඔහු නොවේ, ඔහුට සමාන අන් අයෙකැ”යි වෙනත් අය, කී හ. එහෙත්, “මම ඒ මිනිසා ම ය”යි ඔහු කී ය.
බෙදාගන්න
ශු. යොහන් 9 කියවන්න