ශු. යොහන් 9:4-6
ශු. යොහන් 9:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දහවල් ව තිබියදී මා එවූ තැනැන්වහන්සේගේ වැඩ අප කළ යුතුයි. රාත්රිය එළැඹෙයි. එවිට කිසිවකුටත් වැඩ කරන්නට බැරි වෙයි. මා ලෝකයේ සිටින තුරු ලෝකයේ ආලෝකය මම වෙමි” යි පැවසූ සේක. ඒ දෑ කියා, බිමට කෙළ ගැසූ උන්වහන්සේ, කෙළවලින් මඩ සාදා ගත් සේක; ඉන්පසු ඒ මිනිසාගේ ඇස්වල ඒ මඩ ආලේප කර
ශු. යොහන් 9:4-6 Sinhala Revised Old Version (SROV)
දවහල්ව තිබියදී මා එවූ තැනන්වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්රිය පැමිණෙයි, එවිට කිසිවෙකුට වැඩකරන්ට නුපුළුවන. මා ලෝකයෙහි සිටින කල මම ලෝකයේ ආලෝකයව සිටිමියි කීසේක. උන්වහන්සේ මෙසේ කියා බිමට කෙළ ගසා, එයින් මඩ සාදා ඒවා ඔහුගේ ඇස්වල ගා
ශු. යොහන් 9:4-6 Sinhala New Revised Version (NRSV)
දිවා කාලය තිබෙන තුරු මා එවා වදාළ තැනැන් වහන්සේගේ ක්රියා අප විසින් කළ යුතු ය. රාත්රි කාලය පැමිණෙයි; එවිට කිසිවෙකුට ක්රියා කළ නොහැකි ය. මම ලෝකයෙහි සිටින තුරු ලෝකයේ ආලෝකය වෙමි”යි වදාළ සේක. මෙසේ කියමින් උන් වහන්සේ බිමට කෙළ පිඬක් ගසා, එයින් මඬ සාදා, ඔහුගේ නෙත්වල ගල්වා
ශු. යොහන් 9:4-6 Sinhala New Revised Version 2018 (SNRV)
දිවා කාලය තිබෙන තුරු මා එවා වදාළ තැනැන් වහන්සේගේ ක්රියා අප විසින් කළ යුතු ය. රාත්රි කාලය පැමිණෙයි; එවිට කිසිවෙකුට ක්රියා කළ නොහැකි ය. මම ලෝකයෙහි සිටින තුරු ලෝකයේ ආලෝකය වෙමි”යි වදාළ සේක. මෙසේ කියමින් උන් වහන්සේ බිමට කෙළ පිඬක් ගසා, එයින් මඬ සාදා, ඔහුගේ නෙත්වල ගල්වා
ශු. යොහන් 9:4-6 New International Version (NIV)
As long as it is day, we must do the works of him who sent me. Night is coming, when no one can work. While I am in the world, I am the light of the world.” After saying this, he spit on the ground, made some mud with the saliva, and put it on the man’s eyes.