ශු. යොහන් 8:10-12
ශු. යොහන් 8:10-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ කෙළින් වී සිට, ඇය අමතමින්, “කෝ ඔවුන් කොහේ ද? කවුරුවත් ඔබ වරදකරු කළේ නැද්දැ?” යි ඇසූ සේක. “කවුරුවත් නෑ ස්වාමිනි” යි ඈ කීවා ය. “මමත් ඔබට වරද නො තබමි. යන්න, ආයෙත් පව් නො කරන්නැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක. යේසුස්වහන්සේ යළිත් ජනයා අමතමින්, “ලෝකයේ ආලෝකය මමයි. මා අනුගමන කරන කවරකු වුවත්, අන්ධකාරයේ ගමන් කරන්නේ නැතිවාත් හැර, ජීවනයේ ආලෝකය ලබන්නේ යැ” යි පැවසූ සේක.
ශු. යොහන් 8:10-12 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේ කෙලින් වී, ස්ත්රියට කථාකොට: ඔව්හු කොහේද? කිසිවෙක් නුඹ වරදට පත්කළේ නැද්දැයි ඇසූසේක. ස්වාමිනි, නැතැයි ඈ කීවාය. එවිට යේසුස්වහන්සේ: මමත් නුඹ වරදට පත් නොකරමි. යන්න, මෙතැන් පටන් තවත් පව් නොකරන්නැයි ඈට කීසේක.] එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක.
ශු. යොහන් 8:10-12 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ කෙළින් සිට, ඈට කතා කොට, “ස්ත්රිය, ඔව්හු කොහේ ද? කිසිවකු ඔබට වරද තැබුවේ නැද්දැ”යි ඇසූ සේක. “ස්වාමීනි නැතැ”යි ඈ කීවා ය. “මමත් ඔබට වරද නොතබමි; යන්න, මින්පසු තවත් පව් නොකරන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක. යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
ශු. යොහන් 8:10-12 Sinhala New Revised Version 2018 (SNRV)
ජේසුස් වහන්සේ කෙළින් සිට, ඈට කතා කොට, “ස්ත්රිය, ඔව්හු කොහේ ද? කිසිවකු ඔබට වරද තැබුවේ නැද්දැ”යි ඇසූ සේක. “ස්වාමීනි නැතැ”යි ඈ කීවා ය. “මමත් ඔබට වරද නොතබමි; යන්න, මින්පසු තවත් පව් නොකරන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක. යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
ශු. යොහන් 8:10-12 New International Version (NIV)
Jesus straightened up and asked her, “Woman, where are they? Has no one condemned you?” “No one, sir,” she said. “Then neither do I condemn you,” Jesus declared. “Go now and leave your life of sin.” When Jesus spoke again to the people, he said, “I am the light of the world. Whoever follows me will never walk in darkness, but will have the light of life.”