ශු. යොහන් 6:18-21
ශු. යොහන් 6:18-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සැඩ සුළඟක් හමා, මුහුද රළු වන්නට විය. ඔවුහු සැතපුම් තුනක්, හතරක් පමණ ඔරුව පැද වූ පසු, ඔවුන් දුටුවේ යේසුස්වහන්සේ මුහුදු දිය මත ඇවිදිමින් ඔරුවට ළඟා වන අයුරු ය; ඔවුහු ඒ දැක, බය වූහ. එහෙත් උන්වහන්සේ, “මේ මමයි; බය වන්න එපා” යි කී සේක. එවිට උන්වහන්සේ ඔරුවට නංවා ගන්නට ඔවුහු කැමති වූහ. එකෙණෙහි ම, ඔරුව ඔවුන් යන්නට සිටි ගොඩ බිමට සේන්දු විය.
ශු. යොහන් 6:18-21 Sinhala Revised Old Version (SROV)
තද හුළඟක් ගැසූ බැවින් මුහුද කැලඹි කැලඹී තිබුණේය. ඔව්හු ගවුවක් පමණ පැදගෙන ගිය කල, යේසුස්වහන්සේ ඔරුව ළඟට මුහුද පිට පයින් එනවා දැක භයවූවෝය. මමය, භය නොවෙන්නැයි උන්වහන්සේ කීසේක. එබැවින් ඔව්හු උන්වහන්සේ ඔරුවට ගන්ට කැමතිවූවෝය. ඔරුව ඔවුන් යන්ට සිටි තැනට එකෙණෙහිම පැමුණුණේය.
ශු. යොහන් 6:18-21 Sinhala New Revised Version (NRSV)
තද සුළඟක් හැමූ බැවින් මුහුද කැළඹිණි. ඔව්හු කිලෝමීටර් පහක් පමණ ඔරුව පැදගෙන ගිය කල, ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදිමින් ඔරුව ළඟට වඩින බව දැක බියපත් වූ හ. එහෙත්, උන් වහන්සේ ඔවුන් අමතා, “මේ මම ය, බිය නො වන්නැ”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේ ඔරුවට පිළිගන්නට සතුටු වූ හ. එකෙණෙහි ම ඔරුව ඔවුන් යමින් සිටි රටට පැමිණියේ ය.
ශු. යොහන් 6:18-21 Sinhala New Revised Version 2018 (SNRV)
තද සුළඟක් හැමූ බැවින් මුහුද කැළඹිණි. ඔව්හු කිලෝමීටර් පහක් පමණ ඔරුව පැදගෙන ගිය කල, ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදිමින් ඔරුව ළඟට වඩින බව දැක බියපත් වූ හ. එහෙත්, උන් වහන්සේ ඔවුන් අමතා, “මේ මම ය, බිය නො වන්නැ”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේ ඔරුවට පිළිගන්නට සතුටු වූ හ. එකෙණෙහි ම ඔරුව ඔවුන් යමින් සිටි රටට පැමිණියේ ය.
ශු. යොහන් 6:18-21 New International Version (NIV)
A strong wind was blowing and the waters grew rough. When they had rowed about three or four miles, they saw Jesus approaching the boat, walking on the water; and they were frightened. But he said to them, “It is I; don’t be afraid.” Then they were willing to take him into the boat, and immediately the boat reached the shore where they were heading.