ශු. යොහන් 4:1-34
ශු. යොහන් 4:1-34 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ යොහන්ට වඩා ගෝලයින් දිනා බව්තීස්ම කරතියි පරිසිවරුන්ට සැල විය. (එහෙත් ඇත්තෙන් ම බව්තීස්ම කළෝ යේසුස්වහන්සේ නො ව ගෝලයෝ ය.) උන්වහන්සේ ඒ වග දැන, යුදයෙන් පිට වී, යළි ගලීලයට ගිය සේක. ඒ ගමන යා යුතු වූයේ සමාරිය මැදිනි. යාකොබ් සිය පුත් යෝසෙප්ට දුන් බිම් කොටස අසල පිහිටි සිකාර් නම් සමාරි නගරයට උන්වහන්සේ පැමිණි සේක. යාකොබ්ගේ ළිඳ එහි විය; ගමනින් විඩාවට පත් ව සිටි යේසුස්වහන්සේ ළිඳ අසල හිඳගත් සේක. ඒ හය වන පැය පමණ විය. සමාරියේ ස්ත්‍රියක් දිය අදින්නට එහි ආවා ය. ඈ ඇමතූ යේසුස්වහන්සේ, “මට බොන්නට දෙන්නැ” යි කී සේක. උන්වහන්සේගේ ගෝලයෝ කෑම ගෙනෙන්නට කඩ මණ්ඩියට ගොස් සිටියහ. එවිට සමාරීය ස්ත්‍රිය, “යුදෙව්වකු වූ ඔබ, සමාරීය ළඳක් වන මගෙන් වතුර ඉල්ලන්නේ කොහොම දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවා ය. (ඒ, එකල යුදෙව්වරුන්, සමාරියයන් හා ඇයි-හොඳයියක් නො පැවැත් වූ බැවිනි.) යේසුස්වහන්සේ ඇය අමතමින්, “දෙවියන්වහන්සේ ඔබට පිළිගන්වන දීමනාව කුමක් ද කියාත්, ඔබෙන් දිය ඉල්ලන්නේ කවුරුන් ද කියාත් ඔබ දැන සිටියා නම්, ඔහුගෙන් ඉල්ලන්නේ ඔබයි. එවිට ඔහු ඔබට ජීවන දිය දෙන්නට තිබුණා” යි කී සේක. එකල ඈ, “මහත්මයා, කෝ! දිය අදින්නට කිසිවක් ඔබට නැහැ; ළිඳත් ගැඹුරුයි; ඒ ජීවන දිය ඔබ ලබා ගන්නේ කොහෙන් ද? අපේ ආදි පියා වූ යාකොබ්ටත් වඩා ඔබ ශ්‍රේෂ්ඨ ද? මේ ළිඳ අපට දුන්නේ ඔහුයි; ඔහුත් මෙයින් බීවා; ඔහුගේ පුත්‍රයිනුත්, ගව, එළු, බැටළු රංචුත් මෙයින් බීවා” යි කීවා ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ වතුර බොන හැම කෙනකුට නැවත පිපාස දැනේ; එනමුත්, මා දෙන දිය බොන කෙනකුට නැවත පිපාසය ඇති නො වේ. මා දෙන දිය බොන ඇත්තන් තුළ සදාතන ජීවන උල්පත් මැවෙන්නේ යැ” යි පැවසූ සේක. එවිට ඈ, “අනේ මටත් ඒ වතුර දෙන්න; එවිට ආයෙත් මට පිපාස වන්නේවත්, දිය අදින්නට මෙහි එන්නට වන්නේවත් නෑ” යි උන්වහන්සේට කීවා ය. “ගොසින් ඔබේ ස්වාමිපුරුෂයා කැඳවාගෙන මෙහෙ එන්නැ” යි යේසුස්වහන්සේ කී කල, “මට ස්වාමි පුරුෂයකු නැතැ” යි ඈ කීවා ය. එවිට යේසුස්වහන්සේ, “ඔබට ස්වාමි පුරුෂයකු නැති වග ඔබ කීවා හරි; ඇත්ත නම් ඔබට ස්වාමි පුරුෂයන් පස් දෙනකු ම සිටියා; දැන් ඔබ සමඟ සිටින තැනැත්තා ඔබේ ස්වාමිපුරුෂයා නො වේ; ඔබ කී දේ ඇත්තයි” කී සේක. එවිට උන්වහන්සේ ඇමතූ ඇය, “මහත්මයාණෙනි, ඔබතුමා දිවැසිවරයකු බවයි මට පෙනෙන්නේ; අපේ පියවරුන් නමස්කාර කළේ මේ කන්දෙදීයි. එනමුත් යුදෙව් ඔබ කියන්නේ නමස්කාර කළ යුත්තේ යෙරුසලම්හි දී කියායි” කීවා ය. එවිට යේසුස්වහන්සේ, “මා විශ්වාස කරන්න ස්ත්‍රිය, ඔබ මේ කන්දේවත්, යෙරුසලම්හිදීවත් පියාණන්වහන්සේට නමස්කාර නො කරන කාලයක් උදා වෙයි. ඔබ නමස්කාර කරන්නේ, ඔබ නො දන්නා දේටයි; අප නමස්කාර කරන්නේ, අප දන්නා දේටයි. මන්ද ගැලවීම යුදෙව්වන් වෙතින්; එහෙත් අව්‍යාජ ව නමස්කාර කරන්නන්, ආත්මයෙන් හා සැබෑකමින් පියාණන්වහන්සේට නමස්කාර කරන කාලයක් පැමිණෙයි. ඒ කාලය දැන් උදා වෙලා. පියාණන්වහන්සේ එසේ නමස්කාර කරන්නන් සොයන සේක. දෙවියන්වහන්සේ ආත්මයාණන් ය; උන්වහන්සේට නමස්කාර කරන්නන්, නමස්කාර කළ යුත්තේත්, ආත්මයෙන් හා සැබෑකමින්” යැයි පැවසූ සේක. එවිට එම ස්ත්‍රිය, “ක්‍රිස්තුස් කියන මෙසියස්වහන්සේ පැමිණෙන වග මා දන්නවා. උන්වහන්සේ ආ කල, හැම දෙයක් ම අපට පැහැදිලි කර දේවි” යි උන්වහන්සේට කීවා ය. එවිට යේසුස්වහන්සේ, “ඔබ සමඟ කතා කරන මම උන්වහන්සේ වෙමි” යි ප්‍රකාශ කළ සේක. ඒ වෙලාවේ ම උන්වහන්සේගේ ගෝලයෝ ආපසු පැමිණියහ. උන්වහන්සේ ස්ත්‍රියක හා කතාවෙන් පසුවනු දැක ඔවුහු මවිත වූහ. එහෙත්, “මොනවද ඔබට ඕනෑ?” කියා හෝ “ඇය සමඟ කතා කරන්නේ ඇයි?” කියා කිසිවකු ප්‍රශ්න කළේ නැත. එකල එම ස්ත්‍රිය, තම වතුර කළය එතැන ම තබා, නගරයට ගොස්, “වරෙල්ලා, මෙතෙක් මා කළ හැම දෙයක් ම කී මිනිසකු බලන්නට; මෙතුමා ක්‍රිස්තුස්වහන්සේවත්දෝ” යි මිනිසුන්ට කීවා ය. එවිට නගරයෙන් පිටතට ආ ඔවුහු උන්වහන්සේ සිටි දෙසට ආහ. ඒ අතර ගෝලයෝ, “රබ්බී, යමක් කන්නැ” යි උන්වහන්සේට පෙරැත්ත කළහ. “ඔබ කොහෙත් ම නො දන්නා ආහාරයක් ගැනීමට මට තියෙනවා” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. එබැවින් ඔවුහු, “කවුරුවත් උන්වහන්සේට ආහාර ගෙනැවිත් දුන්නා දැ?” යි එකිනෙකා විමසූහ. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මගේ ආහාරය මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත කර, උන්වහන්සේගේ කාර්යය සම්පූර්ණ කිරීමයි.
ශු. යොහන් 4:1-34 Sinhala Revised Old Version (SROV)
එබැවින් (යේසුස්වහන්සේගේ ගෝලයන් මිස උන්වහන්සේම බව්තීස්ම නොකළ නුමුත්) උන්වහන්සේ යොහන්ට වඩා ගෝලයන් සාදාගෙන බව්තීස්මකරනසේකැයි ඵරිසිවරුන්ට ආරංචිවූ බව ස්වාමීන්වහන්සේ දැනගත් කල, යුදය අත්හැර නැවත ගලීලයට ගියසේක. උන්වහන්සේ සමාරිය මැදින් යන්ට ඕනෑ බැවින්, යාකොබ් තමාගේ පුත්‍රවූ යෝසෙප්ට දුන් බිම් කොටස ළඟ තිබෙන සිඛාර් නම් සමාරියේ නුවරකට පැමිණිසේක. එහි යාකොබ්ගේ ළිඳ තිබුණේය. යේසුස්වහන්සේ ගමනින් වෙහෙසව සිටිසේක්, ඒ ආකාරයෙන්ම ළිඳ ළඟ හිඳගත්සේක. ඒ හවෙනි පැය පමණ විය. සමාරියේ ස්ත්‍රියෙක් වතුර අදින්ට ආවාය. මට බොන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක. මක්නිසාද උන්වහන්සේගේ ගෝලයෝ කෑම මිලේට ගන්ට නුවරට ගොස් සිටියෝය. එවිට සමාරිය ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: යුදෙව් කෙනෙක්වූ ඔබ සමාරිය ස්ත්‍රියෙක්වු මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමදැයි කීවාය. (මක්නිසාද සමාරියයන් සමඟ යුදව්වන්ගේ ගනුදෙනුවක් නැත.) යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක. ස්ත්‍රීද: ස්වාමිනි, වතුර අදින්ට භාජනයක් ඔබට නැත, ළිඳත් ගැඹුරුය. එබැවින් ඒ ජීවනදායක වතුර ඔබට කොයින්ද? ළිඳ අපට දුන් අපේ පියවූ යාකොබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුද ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ සිවුපාවෝද මෙයින් බීවෝයයි උන්වහන්සේට කීවාය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මේ වතුර බොන හැමදෙනාට නැවත පිපාසාවන්නේය. නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක. ස්ත්‍රීද: ස්වාමිනි, මට පිපාසා නොවන පිණිසත් වතුර අදින්ට මෙපමණ දුර නොළුන පිණිසත් ඒ වතුර මට දුන මැනවයි කීවාය. ගොස් නුඹේ පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක. ස්ත්‍රීද උන්වහන්සේට උත්තරදෙමින්: මට පුරුෂයෙක් නැතැයි කීවාය යේසුස්වහන්සේ ඈට කියනසේක්: මට පුරුෂයෙක් නැතැයි නුඹ කීවා හරිය. මක්නිසාද නුඹට පුරුෂයන් පස්දෙනෙක් සිටියෝය; නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේ. එය නුඹ සැබෑලෙස කීවෙහියයි කීසේක. ස්ත්‍රී උන්වහන්සේට කියන්නී: ස්වාමිනි, ඔබ අනාගතවක්තෘ කෙනෙකු බව මට පෙනේ. අපගේ පියවරු මේ කන්දේදී නමස්කාරකළෝය; නුමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාරකරන්ට යුතු ස්ථානය යෙරුසලමේයයි නුඹවහන්සේලා කියන්නහුයයි කීවාය. යේසුස්වහන්සේ ඈට කියනසේක්: ස්ත්‍රිය, මා විශ්වාසකරන්න, මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා පියාණන්වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය. නුඹලා නමස්කාරකරන්නේ නොදන්නා දේටය. අපි දන්නා දේට නමස්කාරකරමුව. මක්නිසාද ගැළවීම යුදෙව්වරුන්ගෙන්ය. නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක. දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක. ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: (ක්‍රිස්තුස්යයි කියන) මෙසියස්වහන්සේ එන බව දනිමි. උන්වහන්සේ ආවාම සියල්ල අපට දන්වනසේකැයි කීවාය. නුඹ සමඟ කථාකරන්නාවූ මම උන්වහන්සේයයි යේසුස්වහන්සේ ඈට කීසේක. එවිට උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්, උන්වහන්සේ ස්ත්‍රියෙක් සමඟ කථාකරමින් සිටියාට මවිතවූවෝය; එහෙත් ඔබ කුමක් සොයනසේක්ද? නොහොත් ඈ සමඟ කථාකරන්නේ මක්නිසාදැයි කිසිවෙක් ඇසුවේ නැත. එකල ස්ත්‍රී තමාගේ කළය තබා නුවරට ගොස්: මා කළ සියල්ල මට කීවාවූ මනුෂ්‍යයෙකු බලන්ට එන්න. ඒ ක්‍රිස්තුස්වහන්සේදෝහෝයි මනුෂ්‍යයන්ට කීවාය. එවිට ඔව්හු නුවරින් පිටත්ව උන්වහන්සේ වෙතට ආවෝය. ඒ අතර ගෝලයෝ කථාකොට: රබ්බි, කෑව මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෝය. නුමුත් උන්වහන්සේ: නුඹලා නොදන්නා කෑමක් කන්නට මට තිබේයයි ඔවුන්ට කීසේක. එබැවින්: කවුරුවත් උන්වහන්සේට කෑම ගෙනාවාදෝ කියා ගෝලයෝ එකිනෙකා කථාකරගත්තෝය. යේසුස්වහන්සේද: මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය.
ශු. යොහන් 4:1-34 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ජොහන්ට වඩා ශ්‍රාවකයන් බඳවාගෙන බව්තීස්ම-ස්නාපනය කරති යි පරිසිවරුන්ට සැළ විය. (ඇත්ත වශයෙන් උන් වහන්සේගේ ශ්‍රාවකයන් මිස, උන් වහන්සේ ම බව්තීස්ම-ස්නාපනය නොකළ සේක.) ඒ බව දැනගත් කල, සමිඳාණන් වහන්සේ ජුදයෙන් පිට වී යළිත් ගලීලයට වැඩම කළ සේක. සමාරිය පසු කොට යා යුතු ව තිබුණු බැවින් උන් වහන්සේ, ජාකොබ් තම පුත් ජෝසෙප්ට දුන් ඉඩම ළඟ වූ සිකාර් නම් සමාරියේ නගරයකට පැමිණි සේක. ජාකොබ්ගේ ළිඳ එහි විය. ගමන් විඩාවෙන් සිටි උන් වහන්සේ ළිඳ ළඟ හිඳගත් සේක. එය මධ්‍යාහ්න වේලාව පමණ විය. එකල, සමාරීය ස්ත්‍රියක් වතුර අදිනු පිණිස පැමිණියා ය. “මට වතුර ටිකක් දෙන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක. එවේලේ, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කෑම මිලයට ගනු පිණිස, නගරයට ගොස් සිටියෝ ය. සමාරීය ස්ත්‍රිය ද, “ජුදෙව්වෙකු වන ඔබ, සමාරීය ස්ත්‍රියක වන මගෙන් බොන්නට ඉල්ලන්නේ, කෙසේ දැ”යි උන් වහන්සේගෙන් ඇසුවා ය. එසේ කීවේ, ජුදෙව්වරුන් හා සමාරියයන් අතර ගනුදෙනුවක් නුවූ බැවිනි. ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේගේ දීමනාවත්, ‘මට වතුර ටිකක් දෙන්නැ’යි ඔබට කියන්නේ කවරෙක් ද කියාත් ඔබ දැන සිටියෙහි නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත; එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැ”යි වදාළ සේක. ස්ත්‍රිය ද, “මහතාණෙනි, වතුර අදින්නට ඔබට භාජනයක් නැත; ළිඳත් ගැඹුරු ය; එබැවින් ඒ ජීවන ජලය ඔබට කොයින් ද? මේ ළිඳ අපට දුන්නේ අපේ පියා වන ජාකොබ් ය. ඔහු ද, ඔහුගේ පුත්‍රයෝ ද ගවයෝ ද මෙයින් පානය කළෝ ය. ඔබ ඔහුට වඩා උතුම් දැ?”යි විචාළා ය. ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “මේ වතුර බොන හැම කෙනෙකුට ම නැවත පිපාසය ඇති වන්නේ ය. එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක. ස්ත්‍රිය කතා කරමින්, “මහතාණෙනි, මට තවත් පිපාසය ඇති නො වන පිණිසත්, වතුර ඇදීමට මෙපමණ දුර නැවත නොඑන පිණිසත් ඒ වතුර මට දුන මැනවැ”යි කීවා ය. ජේසුස් වහන්සේ ඈ අමතා, “යන්න, ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැ”යි වදාළ සේක. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “මට ස්වාමි පුරුෂයෙක් නැතැ”යි කීවා ය. ජේසුස් වහන්සේ ද, “ ‘මට ස්වාමි පුරුෂයෙක් නැතැ’යි ඔබ කීවා හරි ය; මන්ද, ඔබට පුරුෂයෝ පස් දෙනෙක් සිටියාහ; දැන් සිටින තැනැත්තේ ඔබේ පුරුෂයා නො වේ; මේ දේ ඔබ සැබෑ ලෙස පැවසුවෙහි ය”යි වදාළ සේක. ස්ත්‍රිය උන් වහන්සේ අමතමින්, “මහතාණෙනි, ඔබ දිවැසිවරයකු බව මට පෙනේ; අපේ පියවරු මේ කන්ද මත නමස්කාර කළහ. එහෙත්, මිනිසුන් නමස්කාර කළ යුතු ජෙරුසලමෙහි ය යි ඔබතුමන්ලා කියන්නහු ය”යි කීවා ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ස්ත්‍රිය, මා විශ්වාස කරන්න. මේ කන්දේ දී වත්, ජෙරුසලමේ දී වත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේ ය. ඔබ නමස්කාර කරන්නේ ඔබ හරියට ම නො දන්නා කෙනෙකුට ය; අප නමස්කාර කරන්නේ අප දන්නා කෙනෙකුට ය. මන්ද, ගැළවීම පැමිණෙන්නේ ජුදෙව්වරුන්ගෙන් ය. එහෙත්, නමස්කාර කරන්නන්, ආත්මානුභාවයෙන් ද අවංක සිතින් ද, පියාණන් වහන්සේට නමස්කාර කරන කාලයක් සැබැවින් ම පැමිණෙන්නේ ය; දැනටමත් පැමිණ ඇත. තමන් වහන්සේට නමදින පිණිස පියාණන් වහන්සේ සොයන්නේ එවැන්නන් ය. දෙවියන් වහන්සේ ආත්මය ය; උන් වහන්සේට නමස්කාර කරන්නන් ආත්මයෙන් ද අවංක සිතින් ද නමස්කාර කළ යුතු ය”යි වදාළ සේක. ස්ත්‍රිය පිළිතුරු දෙමින්; “ ‘ක්‍රිස්තුස් වහන්සේ’ ය යි කියන මෙසියස් තුමාණන් එන බව දනිමි; උන් වහන්සේ පැමිණි කල සියල්ල අපට දන්වා වදාරන සේකැ”යි කීවා ය. “මේ ඔබ සමඟ කතා කරන මම, ඒ තැනැත්තා වෙමි”යි ජේසුස් වහන්සේ වදාළ සේක. ඒ මොහොතේ දී, පැමිණි උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උන් වහන්සේ ස්ත්‍රියක සමඟ කතා කරනු දැක මවිත වූ හ. එහෙත් කිසිවෙක්, “ඔබ කුමක් සොයන්නෙහි ද” කියාවත්, “ඔබ ඈ සමඟ කතා කරන්නේ මන් ද?” කියාවත් ඇසුවේ නැත. ස්ත්‍රිය ඇගේ වතුර කළය එතැන තබා, නුවරට ගොස්, “එන්න ඇවිත් බලන්න, මා කළ සියල්ල මට කී මනුෂ්‍යයෙක් සිටියි. එතුමා ක්‍රිස්තුස් විය නොහැකි දැ”යි සෙනඟට කීවා ය. ඔව්හු නුවරින් නික්ම ජේසුස් වහන්සේ වෙත එන්නට පටන්ගත්හ. ඒ අතර ශ්‍රාවකයෝ, “ගුරුදේවයෙනි, වළඳනු මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියෝ ය. එහෙත් උන් වහන්සේ, “ඔබ නො දන්නා භෝජනයක් වැළඳීමට මට ඇතැ”යි ඔවුන්ට වදාළ සේක. “යම් කිසිවෙක් උන් වහන්සේට ආහාර ගෙනවුත් දුන්නේ දැ”යි එවිට ශ්‍රාවකයෝ තම තමන් අතරේ විමසූ හ. ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “මාගේ භෝජනය නම්, මා එවූ තැනැන් වහන්සේගේ කැමැත්ත කිරීමත්, උන් වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත් ය.
ශු. යොහන් 4:1-34 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. යොහන් 4:1-34 New International Version (NIV)
Now Jesus learned that the Pharisees had heard that he was gaining and baptizing more disciples than John— although in fact it was not Jesus who baptized, but his disciples. So he left Judea and went back once more to Galilee. Now he had to go through Samaria. So he came to a town in Samaria called Sychar, near the plot of ground Jacob had given to his son Joseph. Jacob’s well was there, and Jesus, tired as he was from the journey, sat down by the well. It was about noon. When a Samaritan woman came to draw water, Jesus said to her, “Will you give me a drink?” (His disciples had gone into the town to buy food.) The Samaritan woman said to him, “You are a Jew and I am a Samaritan woman. How can you ask me for a drink?” (For Jews do not associate with Samaritans.) Jesus answered her, “If you knew the gift of God and who it is that asks you for a drink, you would have asked him and he would have given you living water.” “Sir,” the woman said, “you have nothing to draw with and the well is deep. Where can you get this living water? Are you greater than our father Jacob, who gave us the well and drank from it himself, as did also his sons and his livestock?” Jesus answered, “Everyone who drinks this water will be thirsty again, but whoever drinks the water I give them will never thirst. Indeed, the water I give them will become in them a spring of water welling up to eternal life.” The woman said to him, “Sir, give me this water so that I won’t get thirsty and have to keep coming here to draw water.” He told her, “Go, call your husband and come back.” “I have no husband,” she replied. Jesus said to her, “You are right when you say you have no husband. The fact is, you have had five husbands, and the man you now have is not your husband. What you have just said is quite true.” “Sir,” the woman said, “I can see that you are a prophet. Our ancestors worshiped on this mountain, but you Jews claim that the place where we must worship is in Jerusalem.” “Woman,” Jesus replied, “believe me, a time is coming when you will worship the Father neither on this mountain nor in Jerusalem. You Samaritans worship what you do not know; we worship what we do know, for salvation is from the Jews. Yet a time is coming and has now come when the true worshipers will worship the Father in the Spirit and in truth, for they are the kind of worshipers the Father seeks. God is spirit, and his worshipers must worship in the Spirit and in truth.” The woman said, “I know that Messiah” (called Christ) “is coming. When he comes, he will explain everything to us.” Then Jesus declared, “I, the one speaking to you—I am he.” Just then his disciples returned and were surprised to find him talking with a woman. But no one asked, “What do you want?” or “Why are you talking with her?” Then, leaving her water jar, the woman went back to the town and said to the people, “Come, see a man who told me everything I ever did. Could this be the Messiah?” They came out of the town and made their way toward him. Meanwhile his disciples urged him, “Rabbi, eat something.” But he said to them, “I have food to eat that you know nothing about.” Then his disciples said to each other, “Could someone have brought him food?” “My food,” said Jesus, “is to do the will of him who sent me and to finish his work.