ශු. යොහන් 3:11-21
ශු. යොහන් 3:11-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, අප පවසන්නේ දන්නා දේයි. සාක්ෂි දරන්නේ අප දුටු දේයි. එහෙත් අපගේ සාක්ෂිය ඔබ පිළිගන්නේ නැත. මා පොළොවේ දේවල් ගැන කී විට, ඔබ ඒවා විශ්වාස කරන්නේ නැති නම්, ස්වර්ගීය දේ ගැන කීවොත්, විශ්වාස කරන්නේ කොහොම ද? ස්වර්ගයෙන් බැස්සා වූ තැනැත්තාණන් වන මනුෂ්‍ය පුත්‍රයාණන් මිස, කිසිවෙක් කිසි කලෙක ස්වර්ගයට නැගුණේ නැත; පාළුකරයේදී මෝසෙස් සර්පයා එසවූ ලෙස මනුෂ්‍ය පුත්‍රයාණන් ද ඔසවනු ලැබිය යුතු ව ඇත. ඒ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුට ම සදාතන ජීවනය අත්වන පිණිසයි.” මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එක ම පුතණුවන් දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය. දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලෝකයට එවුවේ, ලෝකයා වරදට පත් කරන්නට නො ව, උන්වහන්සේ මගින් ලෝකයා ගලවා ගන්නට ය. උන්වහන්සේ තුළ අදහා ගන්නා කිසිවකු දඬුවමට නියම කරනු ලබන්නේ නැත. එහෙත් අදහා නො ගන්න කවරකු වුව දැනටමත් දඬුවමට නියම ව සිටී; මන්ද ඔහු දෙවියන්වහන්සේගේ එක ම පුත්‍රයාණන්ගේ නාමය තුළ විශ්වාස නො කළ බැවිනි. තීන්දුව මෙයයි; ලෝකයට ආලෝකය පහළ වී ඇති නමුත්, මිනිසුන් තම ක්‍රියා කලාපය දුෂ්ට නිසා, ඔවුන් ප්‍රිය කරන්නේ ආලෝකයට වඩා අන්ධකාරයට ය. නපුර කරන හැම කෙනෙක් ම ආලෝකයට වෛර කරනවාත් හැර, තම ක්‍රියා කලාපය හෙළිවෙතැයි බියෙන් ආලෝකයට එන්නේ ද නැත. එහෙත් සත්‍යයෙහි පැවත ක්‍රියා කරන්නා, තමන් කරන දේ දෙවියන්වහන්සේගේ කැමැත්තට එකඟ ව කළ බව පෙනෙන පිණිස, ආලෝකය තුළට එන්නේ ය.
ශු. යොහන් 3:11-21 Sinhala Revised Old Version (SROV)
සැබවක් සැබවක් නුඹට කියමි–අපි දන්නා දේ කියමුව, දුටු දේට සාක්ෂිදෙමුව; නුමුත් නුඹලා අපේ සාක්ෂිය පිළිගන්නේ නැත. මා නුඹලාට පොළොවේ දේ කී කල්හි නුඹලා විශ්වාස නොකරනවා නම් ස්වර්ගීක දේ කීවොත් විශ්වාස කරන්නේ කෙසේද? ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය. මෝසෙස් කාන්තාරයේදී සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම, සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්ට ඕනෑයයි කීසේක. මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි. විනිශ්චය නම් මේය–ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය. නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛරවී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඑති. නුමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන්වහන්සේ තුළ කළ බව ප්‍රකාශවෙන පිණිස ආලෝකයට එන්නේයයි කීසේක.
ශු. යොහන් 3:11-21 Sinhala New Revised Version (NRSV)
ඒකාන්තයෙන් මම ඔබට කියමි; අපි දන්නා දේ කියමු, දුටු දේ ගැන සාක්ෂි දරමු. එහෙත්, අපේ සාක්ෂිය ඔබ නොපිළිගන්නෙහු ය. මා ඔබට ලෞකික දේ ගැන කී කල්හි ඔබ විශ්වාස නොකරන්නෙහි නම්, ලෝකෝත්තර දේ ප්‍රකාශ කළහොත් කෙසේ විශ්වාස කරන්නෙහි ද? ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය-පුත්‍රයාණන් හැර, අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේ ය. පාළුකරයෙහි දී මෝසෙස් සර්පයා එසවූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන් ද, උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම දෙන ම සදාතන ජීවනය ලබන පිණිස, ඔසවනු ලබන්නට ඕනෑ ය.” “දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය. දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය. උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත. “විනිශ්චය නම් මේ ය: ලෝකයට ආලෝකය පැමිණ තිබේ; එහෙත්, තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනුෂ්‍යයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ. නපුරු ක්‍රියා කරන හැම දෙන ම ආලෝකයට ද්වේෂ කරති; ඔවුන්ගේ ක්‍රියා එළි වන බැවින් ඔව්හු ආලෝකයට නොපැමිණෙති. එහෙත්, සත්‍ය දේ කරන තැනැත්තා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේට කීකරු ව කරන ලද බව පෙනෙන පිණිස ආලෝකයට පැමිණේ ය”යි වදාළ සේක.
ශු. යොහන් 3:11-21 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. යොහන් 3:11-21 New International Version (NIV)
Very truly I tell you, we speak of what we know, and we testify to what we have seen, but still you people do not accept our testimony. I have spoken to you of earthly things and you do not believe; how then will you believe if I speak of heavenly things? No one has ever gone into heaven except the one who came from heaven—the Son of Man. Just as Moses lifted up the snake in the wilderness, so the Son of Man must be lifted up, that everyone who believes may have eternal life in him.” For God so loved the world that he gave his one and only Son, that whoever believes in him shall not perish but have eternal life. For God did not send his Son into the world to condemn the world, but to save the world through him. Whoever believes in him is not condemned, but whoever does not believe stands condemned already because they have not believed in the name of God’s one and only Son. This is the verdict: Light has come into the world, but people loved darkness instead of light because their deeds were evil. Everyone who does evil hates the light, and will not come into the light for fear that their deeds will be exposed. But whoever lives by the truth comes into the light, so that it may be seen plainly that what they have done has been done in the sight of God.