ශු. යොහන් 21:3-9

ශු. යොහන් 21:3-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සීමොන් පේතෘස් ඔවුන් අමතා, “මා මසුන් අල්ලන්නට යනවා” යි කීවේ ය. “අපත් ඔබ සමඟ එනවා” යි ඔවුහු ද ඔහුට කීහ. එබැවින් ඔවුහු පිටත් ව, ඔරුවක නැගුණහ. එහෙත්, ඒ රැයේ ඔවුන් ඇල්ලූ කිසිවක් නැත. දවස උදා වෙත් ම යේසුස්වහන්සේ වෙරළේ සිටි සේක. එහෙත් ඒ යේසුස්වහන්සේ වග ගෝලයින් හැඳින ගත්තේ නැත. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දරුවනි, ඔබ ළඟ මසුන් තියෙනවා දැ?” යි ඇසූ සේක. “නැතැ” යි ඔවුහු පිළිතුරු දුන්හ. “ඔරුවේ දකුණු පැත්තෙන් දැල් දමන්න. එවිට හසු වේවි” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. ඔවුහු එසේ දැල් හෙළූහ. එවිට දැල ඇදගන්නට බැරි තරමට මසුන් තොගයක් ම හසු විය. එවිට යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා පේතෘස්ට කතා කොට, “ඒ ස්වාමින්වහන්සේ යැ” යි කීවේ ය. ඒ ස්වාමින්වහන්සේ වග ඇසූ සීමොන් පේතෘස්, වැඩට ගලවා දමා තිබූ කබාය වහා හැඳ දියට පැන්නේ ය. අනෙක් ගෝලයෝ සිටියේ වෙරළට රියන් දෙසියයක් පමණ නුදුරින් බැවින්, මසුන්ගෙන් යුත් දැල ද ඇදගෙන ඔරුවෙන් ම ආහ. ගොඩට ආ කල, දැවෙමින් තිබූ අඟුරු මත මසුන් ද රොටි ද තිබෙනු ඔවුහු දුටුවහ.

ශු. යොහන් 21:3-9 Sinhala Revised Old Version (SROV)

සීමොන් පේතෘස්: මසුන් අල්ලන්ට යමියි ඔවුන්ට කීවේය. අපිත් නුඹ සමඟ එමුයයි ඔව්හු ඔහුට කීවෝය. ඔව්හු පිටත්ව ගොස් ඔරුවට නැගුණෝය; නුමුත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත. පහන්වන කල්හි යේසුස්වහන්සේ වෙරළෙහි සිටිසේක. එසේ වුවත් ඒ යේසුස්වහන්සේ බව ගෝලයෝ දැන නොගත්තෝය. එවිට යේසුස්වහන්සේ: දරුවෙනි, නුඹලා ළඟ කන්ට යමක් ඇද්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: නැතැයි කීවෝය. ඔරුවේ දකුණු පැත්තෙන් දැල දමන්න, එවිට සම්බවේයයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එසේ දැමූ කල, මසුන් රාශිය නිසා දැල ඇදගන්ට ඔවුන්ට බැරිවිය. එබැවින් යේසුස්වහන්සේ ප්‍රේමකළ ගෝලයා පේතෘස්ට කථාකොට: ඒ ස්වාමීන්වහන්සේයයි කීවේය. එවිට සීමොන් පේතෘස් ඒ ස්වාමීන්වහන්සේ බව අසා, තමා ඇඳුම් නැතුව සිටි බැවින්, වස්ත්‍රයක් ඉණේ බැඳගෙන, මුහුදට පැන්නේය. එහෙත් අනික් ගෝලයෝ මසුන්ගෙන් පිරුණු දැල ඇදගෙන කුඩා ඔරුවෙන් ආවෝය; මක්නිසාද ඔව්හු වෙරළට නුදුරුව රියන් දෙසියයක් පමණ ඈත සිටියෝය. මෙසේ ගොඩබැස්ස විට ඔව්හු එහි ගිනි අඟුරුද ඒ පිට මාලු තිබෙන බවද රොටිද දුටුවෝය.

ශු. යොහන් 21:3-9 Sinhala New Revised Version (NRSV)

සීමොන් පේදුරු, “මම මසුන් අල්ලන්න යමි”යි ඔවුන්ට කී ය. “අපිත් ඔබ සමඟ එමු”යි ඔව්හු ඔහුට කී හ. ඔව්හු පිටත් ව ගොස් ඔරුවට නැංගා හ. එහෙත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත. පහන් වූ කල ජේසුස් වහන්සේ වෙරළෙහි සිටි සේක. එසේ වුවත්, ඒ ජේසුස් වහන්සේ බව ශ්‍රාවකයෝ නොදත්හ. එවිට ජේසුස් වහන්සේ, “මිත්‍රයෙනි, ඔබ ළඟ මාළු තිබේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු, “නැතැ”යි කී හ. උන් වහන්සේ ඔවුන් අමතමින්, “ඔරුවේ දකුණු පැත්තෙන් දැල හෙළන්න, එවිට සම්බ වනු ඇතැ”යි වදාළ සේක. එසේ දැල හෙළූ කල, අසුවූ මසුන් රාශිය නිසා දැල ඇද ගන්නට වත් ඔවුන්ට නොහැකි විය. ජේසුස් වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා පේදුරුට කතා කොට, “අන්න, ඒ ස්වාමීන් වහන්සේ ය”යි කී ය. එවිට සීමොන් පේදුරු ඒ ස්වාමීන් වහන්සේ බව අසා, තමා ඉණ රෙද්ද ලිහාදමා සිටි බැවින්, වහා එය ඇඳගෙන මුහුදට පැන්නේ ය. එහෙත් සෙසු ශ්‍රාවකයෝ මසුන්ගෙන් පිරුණු දැල ඇදගෙන, කුඩා ඔරුවෙන් ආහ. ඔව්හු වෙරළට නුදුරු ව මීටර් සියයක් පමණ ඈතින් සිටියහ. ඔව්හු ගොඩට ආ විට එහි ගිනි අඟුරු ද ඒ පිට මාළු තිබෙන බව ද රොටි ද දුටුවෝ ය.

ශු. යොහන් 21:3-9 Sinhala New Revised Version 2018 (SNRV)