ශු. යොහන් 19:38-40
ශු. යොහන් 19:38-40 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යුදෙව්වරුන්ට වූ බය නිසා රහසේ යේසුස්වහන්සේගේ ගෝලයකු ව සිටි අරමාතියේ යෝසෙප් මේ දේවලට පසු, පිලාත් වෙත ගොස්, යේසුස්වහන්සේගේ දේහය ගෙන යන්නට අවසර ඉල්ලී ය. පිලාත් ඊට අවසර දුන්නෙන්, ඔහු පැමිණ උන්වහන්සේගේ දේහය ගෙන ගියේ ය. ඉහත එක් රැයක යේසුස්වහන්සේ වෙත පැමිණි නිකදේමුස් ද සුවඳ ද්‍රව්‍ය හා අගිල් මිශ්‍රණය ලිත්රා සියයක් පමණ රැගෙන ආයේ ය. ඔවුහු යුදෙව්වරුන්ගේ භූමදාන චාරිත්‍ර ලෙස සුවඳ ද්‍රව්‍ය සමඟ සිහින් හණ රෙදිවලින් යේසුස්වහන්සේගේ දේහය ඔතා සූදානම් කළහ.
ශු. යොහන් 19:38-40 Sinhala Revised Old Version (SROV)
ඉන්පසු යුදෙව්වරුන්ට භය නිසා රහසින් යේසුස්වහන්සේගේ ගෝලයෙක්ව සිටියාවූ අරිමාතියේ යෝසෙප් යේසුස්වහන්සේගේ මිනිය ගෙනයන පිණිස පිලාත්ගෙන් ඉල්ලුවේය, පිලාත් අවසර දුන්නේය. එහෙයින් ඔහු ඇවිත් යේසුස්වහන්සේගේ මිනිය ගෙනගියේය. පළමුවෙන් රාත්‍රියෙහි උන්වහන්සේ ළඟට ආවාවූ නිකොදේමුස්ද ගන්ධරස මිශ්‍රවූ අගිලි රාත්තල් සියයක් පමණ රැගෙන ආවේය. ඔව්හු යේසුස්වහන්සේගේ ශරීරය රැගෙන, යුදෙව්වරුන් තැන්පත් කරන සිරිත ලෙස, සුවඳ බඩු සමඟ සිහින් හණරෙදිවලින් එය වෙළූහ.
ශු. යොහන් 19:38-40 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු, ජුදෙව්වරුන්ට බිය නිසා, රහසින් ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ අරිමාතියේ ජෝසෙප්, ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන යාමට පිලාත්ගෙන් අවසර ඉල්ලී ය. පිලාත් අවසර දුන්නේ ය. එබැවින් ඔහු අවුත් ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන ගියේ ය. මීට කලින් දිනෙක උන් වහන්සේ වෙත රාත්‍රියෙහි පැමිණි නිකොදේමුස් ද, කිලෝග්‍රෑම් තිහක් පමණ බර ගන්ධරස හා අගිල් මිශ්‍රණයක් ගෙන ආයේ ය. ඔව්හු ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන, ජුදෙව්වරුන්ගේ අවමඟුල් සිරිත් පරිදි සුවඳ ද්‍රව්‍ය ගල්වා සිහින් හණ රෙදිවලින් එය වෙළුවෝ ය.
ශු. යොහන් 19:38-40 Sinhala New Revised Version 2018 (SNRV)
ඉන්පසු, ජුදෙව්වරුන්ට බිය නිසා, රහසින් ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ අරිමාතියේ ජෝසෙප්, ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන යාමට පිලාත්ගෙන් අවසර ඉල්ලී ය. පිලාත් අවසර දුන්නේ ය. එබැවින් ඔහු අවුත් ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන ගියේ ය. මීට කලින් දිනෙක උන් වහන්සේ වෙත රාත්‍රියෙහි පැමිණි නිකොදේමුස් ද, කිලෝග්‍රෑම් තිහක් පමණ බර ගන්ධරස හා අගිල් මිශ්‍රණයක් ගෙන ආයේ ය. ඔව්හු ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන, ජුදෙව්වරුන්ගේ අවමඟුල් සිරිත් පරිදි සුවඳ ද්‍රව්‍ය ගල්වා සිහින් හණ රෙදිවලින් එය වෙළුවෝ ය.
ශු. යොහන් 19:38-40 New International Version (NIV)
Later, Joseph of Arimathea asked Pilate for the body of Jesus. Now Joseph was a disciple of Jesus, but secretly because he feared the Jewish leaders. With Pilate’s permission, he came and took the body away. He was accompanied by Nicodemus, the man who earlier had visited Jesus at night. Nicodemus brought a mixture of myrrh and aloes, about seventy-five pounds. Taking Jesus’ body, the two of them wrapped it, with the spices, in strips of linen. This was in accordance with Jewish burial customs.