ශු. යොහන් 19:23-24
ශු. යොහන් 19:23-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු හේවායෝ, උන්වහන්සේගේ පිට ඇඳුම් ගෙන, එක් කෙනකුට කොටසක් වශයෙන් සතර කොටසකට බෙදා ගත්හ. ඔවුහු උන්වහන්සේගේ කබාය ද ගත්හ. එම කබාය ඉහළ සිට පහළට මුළුමනින් එක ම කඩක් ව වියන ලද්දකි. එබැවින් ඔවුහු එකිනෙකා අමතමින්, “අපි මෙය ඉරන්නේ නැතිව කාට එය වැටේදැයි බලන්න පස ඇට දමමු” යි කීහ. එසේ වූයේ, “ඔවුහු මගේ ඇඳුම් තමන් අතරේ බෙදාගෙන, මගේ වස්ත්ර සඳහා පස ඇට දැමූහ” යි ලියවුණු ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස ය. හමුදා භටයන් කළේ ද එය ම ය.
ශු. යොහන් 19:23-24 Sinhala Revised Old Version (SROV)
හේවායෝ යේසුස්වහන්සේ කුරුසියෙහි ඇණගැසුවායින් පසු, උන්වහන්සේගේ වස්ත්ර රැගෙන, එක හේවායෙකුට එක කොටස බැගින් සතර කොටසක් කළෝය; උන්වහන්සේගේ සළුවද ගත්තෝය. ඒ සළුව වනාහි නොමහා උඩ පටන් මුළුල්ලම වියලා තිබුණේය. එබැවින් ඔව්හු එකිනෙකා කථාකොට: මේක නොඉරා, කාට වේදෝයි දැනගන්නා පිණිස දාදු දමමුයයි කීවෝය. මෙසේ වුණේ, මාගේ වස්ත්ර ඔවුන් අතරේ බෙදාගෙන, මාගේ සළුව පිණිස දාදු දැමුවෝය යන ලියවිල්ල සම්පූර්ණවන පිණිසය. එහෙයින් හේවායෝ මේ දේ කළෝය.
ශු. යොහන් 19:23-24 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු, හේවායෝ උන් වහන්සේගේ වස්ත්ර ගෙන, එක හේවායෙකුට එක කොටසක් බැගින් කොටස් සතරකට බෙදාගත්හ. ඔව්හු උන් වහන්සේගේ සළුව ද ගත්හ. ඒ සළුවට මූට්ටුවක් නොදමා, උඩ සිට පහළට මුළුමනින් ම එකට වියා තිබිණි. එබැවින් ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි මෙය නොඉරා, කවරෙකුට වැටේ ද කියා දාදු දමා බලමු”යි කී හ. මෙසේ වූයේ: “මාගේ වස්ත්ර ඔව්හු තම තමන් අතර බෙදාගත්හ; මාගේ සළුව පිණිස දාදු දැමූ හ” යන ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස ය. එබැවින් හේවායෝ මෙසේ කළහ.
ශු. යොහන් 19:23-24 Sinhala New Revised Version 2018 (SNRV)
ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු, හේවායෝ උන් වහන්සේගේ වස්ත්ර ගෙන, එක හේවායෙකුට එක කොටසක් බැගින් කොටස් සතරකට බෙදාගත්හ. ඔව්හු උන් වහන්සේගේ සළුව ද ගත්හ. ඒ සළුවට මූට්ටුවක් නොදමා, උඩ සිට පහළට මුළුමනින් ම එකට වියා තිබිණි. එබැවින් ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි මෙය නොඉරා, කවරෙකුට වැටේ ද කියා දාදු දමා බලමු”යි කී හ. මෙසේ වූයේ: “මාගේ වස්ත්ර ඔව්හු තම තමන් අතර බෙදාගත්හ; මාගේ සළුව පිණිස දාදු දැමූ හ” යන ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස ය. එබැවින් හේවායෝ මෙසේ කළහ.
ශු. යොහන් 19:23-24 New International Version (NIV)
When the soldiers crucified Jesus, they took his clothes, dividing them into four shares, one for each of them, with the undergarment remaining. This garment was seamless, woven in one piece from top to bottom. “Let’s not tear it,” they said to one another. “Let’s decide by lot who will get it.” This happened that the scripture might be fulfilled that said, “They divided my clothes among them and cast lots for my garment.” So this is what the soldiers did.