ශු. යොහන් 13:14-17
ශු. යොහන් 13:14-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ ගුරුවරයාත්, ස්වාමියාත් වන මා ඔබේ පා සේදුවා නම්, ඔබත් එකිනෙකාගේ පා සේදිය යුතුයි. මා කළේ, මා කළ ලෙස ඔබත් කළ යුතු බවට ආදර්ශයක් දීමයි. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දාසයා තම ස්වාමියාට වඩා උතුම් නො වේ; පණිවුඩකරුවෙක් ඔහු යැවූ තැනැත්තාට වඩා උතුම් නො වේ; දැන් ඔබ මේවා දන්නා නිසා, ඔබ ඒවා පිළිපදිනවා නම් ඔබ භාග්‍යවන්තයි.
ශු. යොහන් 13:14-17 Sinhala Revised Old Version (SROV)
ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මක්නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි. සැබවක් සැබවක් නුඹලාට කියමි–දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නැත; පණිවුඩකාරයෙක්ද තමා යැවූ තැනැත්තාට වඩා උතුම් නැත. ඉඳින් මේ දේවල් දන්නාවූ නුඹලා ඒවා කරනවා නම් නුඹලා ආශීර්වාදලද්දෝය.
ශු. යොහන් 13:14-17 Sinhala New Revised Version (NRSV)
ඔබේ ස්වාමීන් ද ගුරුදේවයන් ද වන මම ඔබේ පාද සේදුවෙම් නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතු ය. මා ඔබට, කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දාසයෙක් තම ස්වාමියාට වඩා උසස් නොවේ. එමෙන් ම, යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ. ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම්, දැන ඒවා පිළිපදින්නහු නම්, ඔබ භාග්‍යවන්තයෝ ය.
ශු. යොහන් 13:14-17 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබේ ස්වාමීන් ද ගුරුදේවයන් ද වන මම ඔබේ පාද සේදුවෙම් නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතු ය. මා ඔබට, කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දාසයෙක් තම ස්වාමියාට වඩා උසස් නොවේ. එමෙන් ම, යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ. ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම්, දැන ඒවා පිළිපදින්නහු නම්, ඔබ භාග්‍යවන්තයෝ ය.
ශු. යොහන් 13:14-17 New International Version (NIV)
Now that I, your Lord and Teacher, have washed your feet, you also should wash one another’s feet. I have set you an example that you should do as I have done for you. Very truly I tell you, no servant is greater than his master, nor is a messenger greater than the one who sent him. Now that you know these things, you will be blessed if you do them.
