ශු. යොහන් 12:47-50
ශු. යොහන් 12:47-50 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“යමෙක් මගේ වචන අසා, ඒවා පිළිපදින්නේ නැති වුවත්, මා ඔහු විනිශ්චය කරන්නේ නැත. මා ආවේ ලෝකය විනිශ්චය කිරීමට නො වෙයි; ලෝකය ගලවා ගැනීමටයි. මා ප්රතික්ෂේප කරන, මගේ වචන නො පිළිගන්න අයට විනිශ්චයකරුවෙක් සිටියි. මා පවසන මේ වචන ම අන්තිම දවසේ ඔවුන් විනිශ්චය කරනු ඇත. මන්ද මගේ ම අධිකාරිත්වයෙන් මා කතා කළා නො වේ; මා විසින් පැවසිය යුත්තේ මොනවා ද, කතා කළ යුත්තේ කෙසේදැයි මා එවූ පියාණන්වහන්සේ මට ආඥාවක් දී තිබේ. උන්වහන්සේගේ ආඥාව සදාතන ජීවනය බව මම දනිමි. එබැවින් මා පවසන්නේ, පවසන්නැයි පියාණන්වහන්සේ මට කී දෑ යැ” යි පැවසූ සේක.
ශු. යොහන් 12:47-50 Sinhala Revised Old Version (SROV)
තවද යමෙක් මාගේ වචන අසා ඒවා නොපවත්වන්නේනම්, මම ඔහු විනිශ්චය නොකරමි. මක්නිසාද මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චයකරන්ට නොවේය. මා එපාකොට මාගේ වචන පිළිනොගන්නා විනිශ්චයකරන්නෙක් සිටිනසේක. මා කී වචනයම අන්තිම දවසේදී ඔහු විනිශ්චයකරන්නේය. මක්නිසාද මම මාගෙන්ම උපදවා කථා නොකෙළෙමි; නුමුත් මා එවූ මාගේ පියාණන්වහන්සේම මා විසින් කිය යුතු දේ ගැනත් කථාකළ යුතු දේ ගැනත් මට අණක් දී තිබේ. උන්වහන්සේගේ අණ සදාකාල ජීවනය බවද දනිමි. එබැවින් මා කථාකරන දේ පියාණන්වහන්සේ මට කියාදුන් ලෙසම කථාකරමියි කීසේක.
ශු. යොහන් 12:47-50 Sinhala New Revised Version (NRSV)
තවද, යමෙක් මාගේ වචන අසා ඒවා නොපිළිපදින්නේ නම්, මම ඔහු විනිශ්චය නොකරමි. මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චය කරන්නට නොවේ. මා ප්රතික්ෂේප කර මාගේ වචන නොපිළිගන්නා අය විනිශ්චය කරන්නෙක් සිටියි. මා වදාළ ධර්මය ම අන්තිම දවසේ දී ඔහු විනිශ්චය කරන්නේ ය. මන්ද, මම මාගේ ම අධිකාරී බලයෙන් කතා නොකෙළෙමි; මා එවා වදාළ පියාණන් වහන්සේ මා කිව යුතු දෙයත්, දෙසිය යුතු දෙයත් ගැන මට ආඥාවක් දී තිබේ. උන් වහන්සේගේ ආඥාව සදාතන ජීවනය වන බව මම දනිමි. එබැවින් මා පවසන දේ, පියාණන් වහන්සේ මට පැවසූ ලෙසින් ම මමත් පවසමි”යි වදාළ සේක.
ශු. යොහන් 12:47-50 Sinhala New Revised Version 2018 (SNRV)
තවද, යමෙක් මාගේ වචන අසා ඒවා නොපිළිපදින්නේ නම්, මම ඔහු විනිශ්චය නොකරමි. මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චය කරන්නට නොවේ. මා ප්රතික්ෂේප කර මාගේ වචන නොපිළිගන්නා අය විනිශ්චය කරන්නෙක් සිටියි. මා වදාළ ධර්මය ම අන්තිම දවසේ දී ඔහු විනිශ්චය කරන්නේ ය. මන්ද, මම මාගේ ම අධිකාරී බලයෙන් කතා නොකෙළෙමි; මා එවා වදාළ පියාණන් වහන්සේ මා කිව යුතු දෙයත්, දෙසිය යුතු දෙයත් ගැන මට ආඥාවක් දී තිබේ. උන් වහන්සේගේ ආඥාව සදාතන ජීවනය වන බව මම දනිමි. එබැවින් මා පවසන දේ, පියාණන් වහන්සේ මට පැවසූ ලෙසින් ම මමත් පවසමි”යි වදාළ සේක.
ශු. යොහන් 12:47-50 New International Version (NIV)
“If anyone hears my words but does not keep them, I do not judge that person. For I did not come to judge the world, but to save the world. There is a judge for the one who rejects me and does not accept my words; the very words I have spoken will condemn them at the last day. For I did not speak on my own, but the Father who sent me commanded me to say all that I have spoken. I know that his command leads to eternal life. So whatever I say is just what the Father has told me to say.”