ශු. යොහන් 11:5-7
ශු. යොහන් 11:5-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ මාර්තාට ද ඇගේ සහෝදරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක. එබැවින් ලාසරස් රෝගී ව සිටින වග ඇසූ කල, උන්වහන්සේ සිටි ස්ථානයේ තව දින දෙකක් නැවතී සිටි සේක. අනතුරුව සිය ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “අපි ආයෙත් යුදයට යමු” යි කී සේක.
ශු. යොහන් 11:5-7 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේ මාර්තාටද ඇගේ සහෝදරීටද ලාසරුස්ටද ප්‍රේමකළසේක. ඔහු රෝගීව සිටින බව උන්වහන්සේ ඇසූ කල්හි, තමන් සිටි ස්ථානයේම තව දෙදවසක් නැවතුණුසේක. ඉන්පසු උන්වහන්සේ: යුදයට නැවත යමුයයි ගෝලයන්ට කීසේක.
ශු. යොහන් 11:5-7 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ මාර්තාට ද ඇගේ සොහොයුරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක. එහෙත් ඔහු අසනීපයෙන් සිටින බව උන් වහන්සේට සැළ වූ පසු, තමන් සිටි ස්ථානයෙහි ම දෙදිනක් නතර වී සිටි සේක. ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් අමතා, “අපි යළිත් ජුදා දේශයට යමු”යි වදාළ සේක.
ශු. යොහන් 11:5-7 Sinhala New Revised Version 2018 (SNRV)