ශු. යොහන් 11:25-27
ශු. යොහන් 11:25-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ ඇය අමතමින්, “මරණින් නැගිටීමත්, ජීවනයත් මම ය. මා තුළ විශ්වාස කරන්නා මැරුණත් ජීවත් වන්නේ ය. මා තුළ විශ්වාසය තබන, ජීවත් ව සිටින හැම කෙනෙක් කිසි දා නො මැරෙයි. ඔබ මෙය විශ්වාස කරනවා දැ?” යි ඇසූ සේක. ඈ පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, ඔබවහන්සේ ක්රිස්තුස්වහන්සේ වග, දෙවියන්වහන්සේගේ පුත්රයාණන් වූ ලෝකයට එන්නට සිටි තැනැත්තාණන් වග මම විශ්වාස කරමි” යි කීවා ය.
ශු. යොහන් 11:25-27 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේ: නැවත–නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය. ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසිකලකත් නොනසින්නේය. මේක විශ්වාසකරනවාදැයි ඈට කීසේක. ඈ: එසේය, ස්වාමිනි ඔබ දෙවියන්වහන්සේගේ පුත්රවූ ලෝකයට එන තැනන්වහන්සේවූ ක්රිස්තුස් බව විශ්වාසකරගන සිටිමියි උන්වහන්සේට කීවාය.
ශු. යොහන් 11:25-27 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය; ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක. ඈ පිළිතුරු දෙමින්, “ඔබ ක්රිස්තුවරයාණන් බවත්, දෙවියන් වහන්සේගේ පුත්රයාණන් බවත්, ලෝකයට වැඩම කරන්නට සිටි තැනැන් වහන්සේ බවත් මම අදහමි”යි කීවා ය.
ශු. යොහන් 11:25-27 Sinhala New Revised Version 2018 (SNRV)
ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය; ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක. ඈ පිළිතුරු දෙමින්, “ඔබ ක්රිස්තුවරයාණන් බවත්, දෙවියන් වහන්සේගේ පුත්රයාණන් බවත්, ලෝකයට වැඩම කරන්නට සිටි තැනැන් වහන්සේ බවත් මම අදහමි”යි කීවා ය.
ශු. යොහන් 11:25-27 New International Version (NIV)
Jesus said to her, “I am the resurrection and the life. The one who believes in me will live, even though they die; and whoever lives by believing in me will never die. Do you believe this?” “Yes, Lord,” she replied, “I believe that you are the Messiah, the Son of God, who is to come into the world.”
