ශු. යොහන් 10:1-3
ශු. යොහන් 10:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දොරටුවෙන් ඇතුළු නො වී, වෙන තැනකින් බැටළු ගාලට නැග, පැන එන්නා හොරෙකි; මංකොල්ලකරුවෙකි. එහෙත් දොරටුවෙන් ඇතුළු වන තැනැත්තා බැටළුවන්ගේ එඬේරායි. දොරටුපාලයා ඔහුට දොර හැර දෙයි. බැටළුවෝ ඔහුගේ කටහඬට සවන් දෙති. ඔහු තමන්ගේ බැටළුවන්ට උන්ගේ නම් කියා හඬ ගසා, පිටතට උන් මෙහෙයවයි.
ශු. යොහන් 10:1-3 Sinhala Revised Old Version (SROV)
සැබවක් සැබවක් නුඹලාට කියමි–දොරකඩින් බැටළුගාලට ඇතුල් නොවී වෙන මගකින් නැගී එන්නා සොරෙක්ද කොල්ලකන්නෙක්ද වේ. නුමුත් දොරකඩින් ඇතුල්වෙන්නා බැටළුවන්ගේ එඬේරාය. ඔහුට දොරටු පාලයා දොර හරියි; බැටළුවෝ ඔහුගේ හඬ අසති. ඔහු තමාගේම බැටළුවන්ගේ නම් කියා අඬගසා උන් පිටතට ගෙනයයි.
ශු. යොහන් 10:1-3 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ කතා කරමින්, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවී අන් තැනකින් නැඟී පැන එන්නා සොරෙක් ද කොල්ලකන්නෙක් ද වේ. එහෙත් දොරටුවෙන් ඇතුළු වෙන්නා බැටළුවන්ගේ එඬේරා ය. දොරටු පාලයා ඔහුට දොර හරියි; බැටළුවෝ ඔහුගේ කටහඬ අඳුනති. ඔහු තමාගේ ම බැටළුවන්ට නම් කියා අඬගසා උන් පිටතට ආ විට
ශු. යොහන් 10:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
ජේසුස් වහන්සේ කතා කරමින්, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවී අන් තැනකින් නැඟී පැන එන්නා සොරෙක් ද කොල්ලකන්නෙක් ද වේ. එහෙත් දොරටුවෙන් ඇතුළු වෙන්නා බැටළුවන්ගේ එඬේරා ය. දොරටු පාලයා ඔහුට දොර හරියි; බැටළුවෝ ඔහුගේ කටහඬ අඳුනති. ඔහු තමාගේ ම බැටළුවන්ට නම් කියා අඬගසා උන් පිටතට ආ විට
ශු. යොහන් 10:1-3 New International Version (NIV)
“Very truly I tell you Pharisees, anyone who does not enter the sheep pen by the gate, but climbs in by some other way, is a thief and a robber. The one who enters by the gate is the shepherd of the sheep. The gatekeeper opens the gate for him, and the sheep listen to his voice. He calls his own sheep by name and leads them out.