ශු. යොහන් 1:5-9
ශු. යොහන් 1:5-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ ආලෝකය අන්ධකාරයේ බබළයි; අන්ධකාරය එය යටපත් කළේ නැත. දෙවියන්වහන්සේ විසින් එවන ලද මනුෂ්‍යයෙක් විය; ඔහුගේ නම යොහන් ය. ඔහු පැමිණියේ ඔහු මගින් සියලු මිනිසුන් අදහා ගන්නා පිණිස ඒ ආලෝකය ගැන සාක්ෂි දෙන්නට සාක්ෂිකරුවකු ලෙස ය. ඔහු ඒ ආලෝකය නො වේ; ඔහු පැමිණියේ ඒ ආලෝකයේ සාක්ෂිකරුවකු ලෙස පමණි. හැම මනුෂ්‍යයකුට ම ආලෝකය දෙන සත්‍ය ආලෝකය, ලෝකයට එන්නට තිබුණේ ය.
ශු. යොහන් 1:5-9 Sinhala Revised Old Version (SROV)
ආලෝකය අන්ධකාරයෙහි බබළයි; අන්ධකාරයද එය ග්‍රහණය නොකෙළේය. දෙවියන්වහන්සේ වෙතින් එවනලද යොහන් නම් මනුෂ්‍යයෙක් ආවේය. ඔහු කරණකොටගෙන සියල්ලන් විසින් අදහන පිණිස ආලෝකය ගැන සාක්ෂිදෙන්ට ඔහු සාක්ෂි පිණිස ආවේය. ඔහු ඒ ආලෝකය නොව ඒ ආලෝකය ගැන සාක්ෂිදෙන පිණිස ආ තැනැත්තේය. ලෝකයට එන්නාවූ සියලු මනුෂ්‍යයන් ආලෝකකරන්නාවූ ආලෝකය සත්‍යවූ ආලෝකයය.
ශු. යොහන් 1:5-9 Sinhala New Revised Version (NRSV)
ආලෝකය අන්ධකාරයෙහි බබළයි; අන්ධකාරය කිසි කලෙක එය ග්‍රහණය නොකෙළේ ය. දෙවියන් වහන්සේ එවා වදාළ මනුෂ්‍යයෙක් වී ය. ඔහුගේ නම ජොහන් ය. ඔහු පැමිණියේ, තමා මඟින් සියලු දෙනා අදහාගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට, සාක්ෂිකරුවෙකු වශයෙනි. ඔහු ඒ ආලෝකය නොව, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේ ය. සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක.
ශු. යොහන් 1:5-9 Sinhala New Revised Version 2018 (SNRV)
ආලෝකය අන්ධකාරයෙහි බබළයි; අන්ධකාරය කිසි කලෙක එය ග්‍රහණය නොකෙළේ ය. දෙවියන් වහන්සේ එවා වදාළ මනුෂ්‍යයෙක් වී ය. ඔහුගේ නම ජොහන් ය. ඔහු පැමිණියේ, තමා මඟින් සියලු දෙනා අදහාගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට, සාක්ෂිකරුවෙකු වශයෙනි. ඔහු ඒ ආලෝකය නොව, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේ ය. සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක.
ශු. යොහන් 1:5-9 New International Version (NIV)
The light shines in the darkness, and the darkness has not overcome it. There was a man sent from God whose name was John. He came as a witness to testify concerning that light, so that through him all might believe. He himself was not the light; he came only as a witness to the light. The true light that gives light to everyone was coming into the world.