ශු. යොහන් 1:40-41
ශු. යොහන් 1:40-41 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යොහන් කී දේ අසා, උන්වහන්සේ පසු පස ගිය දෙදෙනාගෙන් කෙනකු වූයේ සීමොන් පේතෘස්ගේ සහෝදර අන්දෘ ය. පළමු කොට අන්දෘ කළේ, තම සහෝදර සීමොන් සොයා ගොස්, “අපට මෙසියස්වහන්සේ හමු වුණා” යි කීම ය. (මෙසියස්වහන්සේ යනු ක්රිස්තුස්වහන්සේ ය).
ශු. යොහන් 1:40-41 Sinhala Revised Old Version (SROV)
යොහන්ගේ කීම අසා උන්වහන්සේ පස්සේ ගියාවූ දෙදෙනාගෙන් එක්කෙනෙක් නම් සීමොන් පේතෘස්ගේ සහෝදරවූ අන්දෘය. ඔහු පළමුකොට තමාගේම සහෝදරවූ සීමොන් දැක: අපට මෙසියස්වහන්සේ සම්බවූසේකැයි ඔහුට කීවේය. (මෙසියස් යන්නෙහි අර්ථය ක්රිස්තුස්වහන්සේ යනුය.)
ශු. යොහන් 1:40-41 Sinhala New Revised Version (NRSV)
ජොහන්ගේ කීම අසා උන් වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් නම්, සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ ය. ඔහු පළමුවෙන් තම සොහොයුරා මුණගැසී, “අපට මෙසියස් වහන්සේ හමු වූ හ”යි කී ය. (‘මෙසියස්’ යන්නෙහි අර්ථය ‘ක්රිස්තුස්’ යනු යි.)
ශු. යොහන් 1:40-41 Sinhala New Revised Version 2018 (SNRV)
ජොහන්ගේ කීම අසා උන් වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් නම්, සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ ය. ඔහු පළමුවෙන් තම සොහොයුරා මුණගැසී, “අපට මෙසියස් වහන්සේ හමු වූ හ”යි කී ය. (‘මෙසියස්’ යන්නෙහි අර්ථය ‘ක්රිස්තුස්’ යනු යි.)
ශු. යොහන් 1:40-41 New International Version (NIV)
Andrew, Simon Peter’s brother, was one of the two who heard what John had said and who had followed Jesus. The first thing Andrew did was to find his brother Simon and tell him, “We have found the Messiah” (that is, the Christ).