ජෙරෙමියා 7:8-11
ජෙරෙමියා 7:8-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් මෙන්න! නුඹලා පලක් නැති රැවැටිලිකාර වචන ගැන විශ්වාසය තබා ඇත. “ ‘නුඹලා සොරකම් කර, මිනී මරා, පරදාර සේවනයේ ගැලී, බොරු දිවුරුම් දී, බාල් දේවතාවාට සුවඳ දුම් පුදා, නුඹ නො දන්නා අන්‍ය දෙවිවරුන් පසු පස්සේ ගොස්, ඉන්පසු පැමිණ මගේ නාමය දරන මේ ගෘහයේ මා ඉදිරියේ සිටගෙන, “අපි ගලවනු ලබන්නෙමු” යි කියන්නේ මේ සියලු පිළිකුල්කම් කර ගෙන යන පිණිස ද? මගේ නාමය දරන මෙම ගෘහය නුඹලාගේ ඇස්වලට සොර-ගුහාවක් වී ද? ඔන්න, මම ම එය දුටුවෙමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
ජෙරෙමියා 7:8-11 Sinhala Revised Old Version (SROV)
මෙන්න, නුඹලා ප්‍රයෝජන නොවන බොරුවචන කෙරෙහි විශ්වාසකරගන සිටින්නහුය. නුඹලා සොරකම්කර, මිනීමරා, කාමමිථ‍්‍යාචාරයකර, බොරුවට දිවුරා, බාල්ට සුවඳදුම් ඔප්පුකර, නුඹලා නොදන්නා අන්‍ය දෙවිවරුන් පස්සේ ගොස්, පසුව ඇවිත්, මාගේ නාමය තබා තිබෙන මේ ගෘහයේදී මා ඉදිරියෙහි සිට: අපි ගැළවුණෙමුයයි කියන්නේ මේ සියලු පිළිකුල්කම් කරන පිණිසද? මාගේ නාමය තබා තිබෙන මේ ගෘහය සොරුන්ගේ ගුහාවක්යයි නුඹලා සිතනවාද? මටත්, එසේය මටත් පෙනෙනවායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ජෙරෙමියා 7:8-11 Sinhala New Revised Version (NRSV)
“බලන්න, නුඹලා වැඩකට නැති රැවටිලි වචන විශ්වාස කර ඇත. නුඹලා සොරකම් කර, මිනීමරා, කාමමිථ්‍යාචාරය කර, බොරුවට දිවුරා, බාල් දෙවියන්ට සුවඳ දුම් ඔප්පු කර, නුඹලා නොදන්න අන්‍ය දෙවිවරුන් පස්සේ ගියහු ය. ඉන්පසු නුඹලා අවුත්, මාගේ නාමය දරන මේ මාලිගාවේ දී මා ඉදිරියේ සිට, ‘අපි ගැළවී සිටිමු’යි කියන්නේ, මේ සියලු පිළිකුල්කම් කරගෙන යන පිණිස ද? මාගේ නාමය දරන මේ මාලිගාව සොරුන්ගේ ගුහාවකැ යි නුඹලා සිතන්නහු ද? නුඹලා කරන දේ සැබැවින් ම මට පෙනේ. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.
ජෙරෙමියා 7:8-11 Sinhala New Revised Version 2018 (SNRV)
“බලන්න, නුඹලා වැඩකට නැති රැවටිලි වචන විශ්වාස කර ඇත. නුඹලා සොරකම් කර, මිනීමරා, කාමමිථ්‍යාචාරය කර, බොරුවට දිවුරා, බාල් දෙවියන්ට සුවඳ දුම් ඔප්පු කර, නුඹලා නොදන්න අන්‍ය දෙවිවරුන් පස්සේ ගියහු ය. ඉන්පසු නුඹලා අවුත්, මාගේ නාමය දරන මේ මාලිගාවේ දී මා ඉදිරියේ සිට, ‘අපි ගැළවී සිටිමු’යි කියන්නේ, මේ සියලු පිළිකුල්කම් කරගෙන යන පිණිස ද? මාගේ නාමය දරන මේ මාලිගාව සොරුන්ගේ ගුහාවකැ යි නුඹලා සිතන්නහු ද? නුඹලා කරන දේ සැබැවින් ම මට පෙනේ. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.
ජෙරෙමියා 7:8-11 New International Version (NIV)
But look, you are trusting in deceptive words that are worthless. “ ‘Will you steal and murder, commit adultery and perjury, burn incense to Baal and follow other gods you have not known, and then come and stand before me in this house, which bears my Name, and say, “We are safe”—safe to do all these detestable things? Has this house, which bears my Name, become a den of robbers to you? But I have been watching! declares the LORD.