ජෙරෙමියා 7:22-23
ජෙරෙමියා 7:22-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද මවිසින් නුඹලාගේ ආදි පියවරුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා දවසේ මා ඔවුනට කතා කොට, ආඥා කළේ, දවන යාග පූජා හෝ යාග පූජා හෝ ගැන නො වේ. මා ඔවුන්ට ආඥා කළේ මෙලෙස ය. මගේ කටහඬට කීකරු වන්න. එවිට මම ඔබගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔබ මගේ ජනයා වන්නෝ ය. ඔබට සුබ සිද්ධ වන පිණිස, මා නුඹලාට ආඥා කරන සියලු මාර්ගයන්හි ගමන් කරන්න.
ජෙරෙමියා 7:22-23 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා කාලයේදී මා ඔවුන් සමඟ කථාකළෙත් ඔවුන්ට අණකළෙත් දවනපූජාද යාගද යන කාරණා ගැන නොවේය. නුමුත් මා ඔවුන්ට අණකළේ: මාගේ හඬට කීකරුවෙන්න, එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලාද මාගේ සෙනඟ වන්නහුය. නුඹලාට ශුභසිද්ධවන පිණිස මා නුඹලාට අණකරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්නය යන දේය.
ජෙරෙමියා 7:22-23 Sinhala New Revised Version (NRSV)
මා නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා කාලයේ දී දවන යාග පූජා ගැන වත්, යාග ගැන වත් මම ඔවුන්ට කතා නොකෙළෙමි; අණ නොකෙළෙමි. එහෙත්, මා ඔවුන්ට අණ කෙළේ, ‘මාගේ හඬට කීකරු වන්න, එවිට මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා ද මාගේ සෙනඟ වන්නහු ය; නුඹලාට ශුභසිද්ධ වන පිණිස මා නුඹලාට අණ කරන මාර්ගය අනුව හැසිරෙන්න, කියා ය.
ජෙරෙමියා 7:22-23 Sinhala New Revised Version 2018 (SNRV)
මා නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා කාලයේ දී දවන යාග පූජා ගැන වත්, යාග ගැන වත් මම ඔවුන්ට කතා නොකෙළෙමි; අණ නොකෙළෙමි. එහෙත්, මා ඔවුන්ට අණ කෙළේ, ‘මාගේ හඬට කීකරු වන්න, එවිට මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා ද මාගේ සෙනඟ වන්නහු ය; නුඹලාට ශුභසිද්ධ වන පිණිස මා නුඹලාට අණ කරන මාර්ගය අනුව හැසිරෙන්න, කියා ය.
ජෙරෙමියා 7:22-23 New International Version (NIV)
For when I brought your ancestors out of Egypt and spoke to them, I did not just give them commands about burnt offerings and sacrifices, but I gave them this command: Obey me, and I will be your God and you will be my people. Walk in obedience to all I command you, that it may go well with you.