ජෙරෙමියා 7:1-8

ජෙරෙමියා 7:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ වෙතින් යෙරමියා වෙත පැමිණි වචනයයි මේ: “ස්වාමින්වහන්සේගේ ගෘහයේ දොරටුවේ සිටගෙන, මේ වචනය එහිදී ප්‍රකාශ කරමින් මෙසේ පවසන්න: “ ‘ස්වාමින්වහන්සේට නමස්කාර කරන්නට මේ දොරටුවලින් ඇතුළු වන යූදාහි සියලු මිනිසුනි, ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඔබගේ මාර්ග හා ඔබගේ ක්‍රියා හරිගස්සා ගන්න. එවිට මේ ස්ථානයෙහි ම පදිංචි වීමට මම ඔබට ඉඩ සලසා දෙන්නෙමි. “මෙය ස්වාමින්වහන්සේගේ මාලිගාව ය, ස්වාමින්වහන්සේගේ මාලිගාව ය, ස්වාමින්වහන්සේගේ මාලිගාව ය” කියන රැවටිලිකාර වචන ගැන විශ්වාසය නො තබන්න. මන්ද ඔබ සැබවින් ම ඔබේ මාර්ග හා ඔබේ ක්‍රියා වෙනස් කර ගෙන, එකිනෙකා සමඟ යුක්ති සහගත ව කටයුතු කරන්නේ නම්, විදෙස්සනට ද පියා නැති අනාථ දරුවනට හා වැන්දඹුවනට පීඩා කරන්නේ නැති නම් හා මේ ස්ථානයෙහි නිදොස් ලේ වගුරුවන්නේ නැති නම්, ඔබට අනර්ථදායක වන වෙනත් දෙවි-දේවතාවුන් පසු පස ඔබ යන්නේ නැති නම්, ඔබේ ආදී පියවරුනට සදහට ම මා දුන් දේශය වන මේ දේශයෙහි වාසය කිරීමට මම ඔබට ඉඩ දෙන්නෙමි. එහෙත් මෙන්න! නුඹලා පලක් නැති රැවැටිලිකාර වචන ගැන විශ්වාසය තබා ඇත.

ජෙරෙමියා 7:1-8 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනය මේය. නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරටුවේ සිට එහිදී මේ වචනය ප්‍රකාශකරන්න. එනම්: ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ට මේ දොරටුවලින් ඇතුල්වන යූදාහි සියල්ලෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සහ ක්‍රියාවන් හරිගස්සා ගන්න, එවිට මම මේ ස්ථානයෙහි නුඹලා වාසයකරවන්නෙමි. මේක ස්වාමීන්වහන්සේගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේගේ මාළිගාව යයි කියන බොරු වචන විශ්වාස නොකරන්න. නුමුත් නුඹලාගේ මාර්ගද ක්‍රියාද සැබවින් හරිගස්සාගන, එකිනෙකා අතරේ ඇත්තටම යුක්තිය කොට, විදේශියාටද මවුපියන් නැත්තාටද වැන්දඹුවටද පීඩා නොකර, මේ ස්ථානයෙහි නිදොස් ලේ නොවගුරුවා, නුඹලාටම අන්තරාය සිදුවීමට අන්‍ය දෙවිවරුන් පස්සේ නොගොස් සිටින්නහු නම්, මා විසින් නුඹලාගේ පියවරුන්ට ආදියේ සිට සදාකාලේටම දුන්නාවූ දේශය වන මේ ස්ථානයෙහි නුඹලා වාසයකරවන්නෙමි. මෙන්න, නුඹලා ප්‍රයෝජන නොවන බොරුවචන කෙරෙහි විශ්වාසකරගන සිටින්නහුය.

ජෙරෙමියා 7:1-8 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේගෙන් ජෙරමියා වෙත පැමිණි පණිවුඩය මෙය ය: “නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටුව ළඟ සිට, මෙසේ ප්‍රකාශ කරන්න: සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්නට මේ දොරටුවලින් ඇතුළු වන ජුදාහි සියල්ලෙනි, සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ තවදුරටත් මෙසේ වදාරන සේක: නුඹලාගේ කල්ක්‍රියාව සහ නුඹලා කරන දේ හරිගස්සාගන්න. එවිට මම නුඹලාට මේ ස්ථානයෙහි වාසය කරන්නට ඉඩ සලසන්නෙමි. ‘මෙය සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය’යි කියන රැවටිලි වචන විශ්වාස නොකරන්න. “නුඹලාගේ ම කල්ක්‍රියා ද නුඹලා කරන කියන දේ ද සැබැවින් ම හරිගස්සාගන්න. එකිනෙකා සම්බන්ධයෙන් සාධාරණ ලෙස ක්‍රියා කරන්න. විදේශිකයාට ද අනාථයාට ද වැන්දඹුවට ද පීඩා නොකරන්න. මේ ශුද්ධස්ථානයේ නිදොස් ලේ නොවගුරන්න. අන් දෙවිවරුන්ට නමස්කාර කිරීම නුඹලාට අන්තරායදායක බැවින් එසේ නොකරන්න. එවිට නුඹලාගේ පියවරුන්ට ආදියේ සිට සදාකාලයට ම මා දුන් මේ දේශයේ, මේ ස්ථානයේ, වාසය කිරීමට මම නුඹලාට ඉඩ දෙමි. “බලන්න, නුඹලා වැඩකට නැති රැවටිලි වචන විශ්වාස කර ඇත.

ජෙරෙමියා 7:1-8 Sinhala New Revised Version 2018 (SNRV)