ජෙරෙමියා 51:25-27

ජෙරෙමියා 51:25-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“මුළු මහත් පොළොව ම විනාශ කරන එම්බා විනාශක කන්ද, මෙන්න, මම නුඹට විරුද්ධ වෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “නුඹට එරෙහිව මගේ හස්තය දිගු කොට, මම කඳු-ප්‍රපාතයෙන් නුඹ පෙරළා දමා, දැවී ගිය කන්දක් බවට නුඹ පත් කරන්නෙමි. ඉදිකිරීම්-ප්‍රධාන කොන් ගලක් හෝ අත්තිවාරම් ගලක් හෝ නුඹ වෙතින් ගනු නො ලැබේ. සදහට ම නුඹ ජරාවාස ව තිබෙනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “දේශයෙහි ධජයක් ඔසවන්න! ජාතීන් අතරෙහි හොරණෑව හඬවන්න! ඇයට එරෙහිව ජාතීන් සටනට සූදානම් කරන්න. ඇයට එරෙහිව අරාරට්, මින්නී හා අෂ්කෙනස් යන රාජ්‍යයන් කැඳවන්න. ඇයට එරෙහිව සේනාධිපතියෙක් පත් කරන්න. පළඟැටි රෑනක් සේ අශ්වයින් යවන්න.

ජෙරෙමියා 51:25-27 Sinhala Revised Old Version (SROV)

එම්බා මුළු පොළොව නාස්තිකරන්නාවූ නාස්තිකාර කන්ද, මම නුඹට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, පර්වතවලින් නුඹ පෙරළා දමා, දාලාගිය කන්දක් කරන්නෙමි. කොනකට ගලක්වත් අත්තිවාරම්වලට ගලක්වත් නුඹෙන් ගනු නොලබන්නේය; නුඹ සදාකාලයටම පාළුවක් වන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක. දේශයෙහි කොඩියක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ, ඈට විරුද්ධව ජාතීන් සූදානම්කරන්න, අරාරාත්ද මින්නීද අෂ්කෙනස්ද යන රාජ්‍යයන් ඈට විරුද්ධව අඬගසාගෙන, ඈට විරුද්ධව සේනාධිපතියෙකු පත්කොට, කෙඳි-පළඟැටියන් මෙන් අශ්වයන් නැගී එන්ට සලස්වන්න.

ජෙරෙමියා 51:25-27 Sinhala New Revised Version (NRSV)

එම්බා බබිලෝනිය! නුඹ මුළු පොළොව විනාශ කරන කන්දක් හා සමාන ය. එහෙත්, ස්වාමීන් වන මම නුඹේ සතුරා වෙමි. මාගේ බාහුව නුඹට විරුද්ධ ව ඔසවා පර්වතවලින් නුඹ පෙරළා දමා පිළිස්සී ගිය කන්දක් මෙන් කරන්නෙමි. ගොඩනැඟිල්ලක කොණකට ගලක් වත්, අත්තිවාරම්වලට ගලක් වත් නුඹෙන් ගනු නොලැබේ. නුඹ සදාකාලයට ම පාළුකරයක් වන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. “දේශයෙහි ධජ සංකේතයක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ බබිලෝනියට පහර දෙන පිණිස ජාතීන් සූදානම් කරන්න. ආරාරත්, මින්නි, අස්කෙනස් යන රාජ්‍යයන් කැඳවන්න. ප්‍රහාර මෙහෙයවන්නට සේනාධිපතියෙකු පත් කරන්න. කෙඳි පළඟැටියන් රැසක් මෙන් අශ්ව සේනාවක් නැඟී එන්නට සලස්වන්න.

ජෙරෙමියා 51:25-27 Sinhala New Revised Version 2018 (SNRV)