ජෙරෙමියා 51:20-24

ජෙරෙමියා 51:20-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“මගේ මිටියත්, යුද අවියත් නුඹයි; නුඹ මගින් මම ජාතීන් කැබලිවලට කඩා දමමි; නුඹ මගින් මම රාජ්‍යයන් විනාශ කරමි. නුඹ මගින් මම අසු හා උගේ අසරුවා කඩා දමමි. නුඹ මගින් යුද්ධ රථය හා රියදුරා සිඳ දමමි. නුඹ මගින් මම පුරුෂයා හා ස්ත්‍රිය කැබලි කර දමමි. නුඹ මගින් මම මහල්ලා හා බාලයා කැබලි කර දමමි. නුඹ මගින් මම තරුණයා හා තරුණිය කැබලි කර දමමි. නුඹ මගින් මම එඬේරා හා එළු බැටළු රංචුව කැබලි කර දමමි. නුඹ මගින් මම ගොවියා හා ඔහුගේ රංචුව කැබලි කර දමමි. නුඹ මගින් මම ආණ්ඩුකාරයින් හා අණ දෙන්නන් කැබලි කර දමමි. “මම බබිලෝනියටත්, කල්දියාවේ වෙසෙන සියල්ලන්ටත් ඔවුන් සියොනෙහි දී කරන ලද සියලු වැරදිවලට නුඹලාගේ ඇස් ඉදිරිපිටදී ම ආපිට ගෙවන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

ජෙරෙමියා 51:20-24 Sinhala Revised Old Version (SROV)

නුඹ මාගේ යුද්ධ කෙටේරිය හා යුද්ධායුධය. මම නුඹ ලවා ජාතීන් පොඩි කරවා, රාජ්‍යයන් නටබුන්කරවන්නෙමි; නුඹ ලවා අශ්වයාත් ඌ පිට නගින්නාත් පොඩිකරවන්නෙමි; නුඹ ලවා රථය සහ එහි නැගීයන්නාත් පොඩිකරවන්නෙමි; නුඹ ලවා ස්ත්‍රිය සහ පුරුෂයාත් පොඩිකරවන්නෙමි; නුඹ ලවා මහල්ලා සහ බාලයාත් පොඩිකරවන්නෙමි; නුඹ ලවා තරුණයා සහ කන්‍යාවත් පොඩිකරවන්නෙමි; නුඹ ලවා එඬේරා සහ ඔහුගේ රැළත් පොඩිකරවන්නෙමි; නුඹ ලවා ගොවියා සහ ඔහුගේ ගොන්බානත් පොඩිකරවන්නෙමි; නුඹ ලවා ආණ්ඩුකාරයන් සහ මුලාදෑනීන්ද පොඩිකරවන්නෙමි. මෙසේ මම බබිලෝනියට සහ කල්දියාවේ සියලු වැසියන්ට නුඹලාගේ ඇස් හමුයේ සියොන්හිදී ඔවුන් විසින් කළාවූ සියලු නපුරුකම් ගැන ප්‍රතිඵල දෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

ජෙරෙමියා 51:20-24 Sinhala New Revised Version (NRSV)

“සමිඳාණෝ මෙසේ වදාරන සේක: ‘එම්බා බබිලෝනිය! නුඹ මාගේ කුළුගෙඩිය හා යුද්ධ ආයුධය වන්නෙහි ය. මම නුඹ උපයෝගී කරගෙන ජාතීන් බිඳ හෙළන්නෙමි; රාජ්‍යයන් විනාශ කරන්නෙමි. අශ්වයාත්, අශ්වාරෝහකයාත් මම විනාශ කරන්නෙමි. රිය සහ රිය සෙබළුන් විනාශ කරමි. ස්ත්‍රීන් හා පුරුෂයන් ද බාල හා මහලු සියල්ලන් ද විනාශ කරමි. තරුණ තරුණියන් ද නැති කරදමමි. එඬේරා සහ ඔහුගේ රැළත් පොඩි කරදමමි. ගොවියා සහ ඔහුගේ ගොන් බානත් පොඩි කරදමමි. ආණ්ඩුකාරයන් සහ ඔවුන්ගේ ප්‍රධානීන් ද පොඩි කරදමමි.’ “ “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනිය සහ එහි සෙනඟ සියොන්ට විරුද්ධ ව කළ සියලු අපරාධ නිසා ඔවුන්ට මා ප්‍රතිවිපාක දෙන බව නුඹලාට පෙනෙනු ඇත.

ජෙරෙමියා 51:20-24 Sinhala New Revised Version 2018 (SNRV)

“සමිඳාණෝ මෙසේ වදාරන සේක: ‘එම්බා බබිලෝනිය! නුඹ මාගේ කුළුගෙඩිය හා යුද්ධ ආයුධය වන්නෙහි ය. මම නුඹ උපයෝගී කරගෙන ජාතීන් බිඳ හෙළන්නෙමි; රාජ්‍යයන් විනාශ කරන්නෙමි. අශ්වයාත්, අශ්වාරෝහකයාත් මම විනාශ කරන්නෙමි. රිය සහ රිය සෙබළුන් විනාශ කරමි. ස්ත්‍රීන් හා පුරුෂයන් ද බාල හා මහලු සියල්ලන් ද විනාශ කරමි. තරුණ තරුණියන් ද නැති කරදමමි. එඬේරා සහ ඔහුගේ රැළත් පොඩි කරදමමි. ගොවියා සහ ඔහුගේ ගොන් බානත් පොඩි කරදමමි. ආණ්ඩුකාරයන් සහ ඔවුන්ගේ ප්‍රධානීන් ද පොඩි කරදමමි.’ ” “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනිය සහ එහි සෙනඟ සියොන්ට විරුද්ධ ව කළ සියලු අපරාධ නිසා ඔවුන්ට මා ප්‍රතිවිපාක දෙන බව නුඹලාට පෙනෙනු ඇත.