ජෙරෙමියා 37:11-21
ජෙරෙමියා 37:11-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පාරාවෝගේ හමුදාව ළඟා වෙද්දී, කල්දීය හමුදාව යෙරුසලමෙන් බැහැර ව ගිය පසු, යෙරමියා, බෙන්යමින් පළාතේ ජනයා අතරේ දේපොළවල තම කොටස ලබන පිණිස, එහි යන්නට යෙරුසලමින් පිටත් විය. එහෙත් ඔහු බෙන්යමින් දොරටුව වෙත ළඟා වූ කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් ඉරීයා නැමති ආරක්ෂක සෙන්පතියා ඔහු අත්අඩංගුවට ගෙන, “කල්දිවරුන්ට එකතු වීමට නුඹ පලා යනවා දැ!” යි ඇසී ය. “එය බොරුවක්! කල්දිවරුන්ට එකතු වීමට මා පලා යනවා නො වේ යැ” යි යෙරමියා පැවසූ නමුදු ඉරීයා ඔහුට ඇහුම්කන් දුන්නේ නැත. ඔහු යෙරමියා අත්අඩංගුවට ගෙන, නිලධාරීන් වෙත පැමිණ වී ය. නිලධාරීහු, යෙරමියා ගැන කෝප වූවාහු, ඔහුට තලා, ඔවුන් විසින් සිර ගෙයක් බවට පත් කොට තිබූ යොනාතාන් ලේකම් තැනගේ නිවසේ ඔහු සිර අඩස්සි කළාහු ය. යෙරමියා දඟ ගෙයි ඇඳිරි බිම් මැදිරියක දමන ලදුව, දිගු කලක් ම එහි සිටියේ ය. පසුව සෙදෙකියා රජු පණිවුඩ යවා, රජ මැදුරට ඔහු ගෙන්වා, “ස්වාමින්වහන්සේගෙන් පණිවුඩයක් වේ දැ?” යි රහසිගත ව විමසී ය. යෙරමියා පිළිතුරු දෙමින්, “එසේ යැ” යි කීවේ ය. තවද ඔහු, “බබිලෝනි රජුගේ අතට ඔබ හසුකර දෙනු ලැබේ යැ” යි පැවසී ය. යෙරමියා තවදුරටත් සෙදෙකියා රජු අමතමින්, “ඔබට හෝ ඔබේ නිලධාරීන්ට හෝ මේ ජනයාට හෝ විරුද්ධ ව මා කුමන අපරාධයක් කළාට ද නුඹලා මා සිර ගෙයි දැම්මේ? ‘බබිලෝනි රජු ඔබට හෝ මේ දේශයට එරෙහිව එන්නේ නැතැ’ යි ඔබට දිවැසි වැකි පැවසූ ඔබේ දිවැසිවරුන් කෝ? අහෝ මගේ ස්වාමියා වූ රජතුමනි, කරුණාකර මට සවන් දෙන්න. මගේ කන්නලව්ව ඔබ ඉදිරියේ තබන්නට අවසරයි. යොනාතාන් ලේකම් තැනගේ ගෙදරට නැවතත් මා නො යැවුව මැනවි. ගියොත් එහිදී මා මැරී යාවි” යි කීවේ ය. එවිට, සෙදෙකියා රජු, යෙරමියා සම්බන්ධ ව නියමයක් පනවමින්, රජගෙදර අරක්ෂක මළුවෙහි ඔහු රඳවා තබන ලෙසටත්, පුරවරයේ රොටි සියල්ල නිම වී යන තෙක් රොටි පුලුස්සන්නන්ගේ වීදියෙන් දිනපතා ඔහුට රොටිය බැගින් දීමටත් සැලසී ය. එබැවින් යෙරමියා ආරක්ෂක මළුවෙහි රැඳී සිටියේ ය.
ජෙරෙමියා 37:11-21 Sinhala Revised Old Version (SROV)
තවද ඵාරාවෝගේ සේනාවට භයින් කල්දිවරුන්ගේ සේනාව යෙරුසලම කෙරෙන් ගිය කල, යෙරෙමියා බෙන්යමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්නා පිණිස යෙරුසලමෙන් පිටත්ව ගියේය. ඔහු බෙන්යමින් දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත්‍රවූ ෂෙලෙමියාගේ පුත්‍රයා වන ඉරියා නම්වූ මුරපළේ මුළාදෑනියෙක් එහි සිටියේය; ඔහු අනාගතවක්තෘවූ යෙරෙමියා අල්ලාගෙන: නුඹ කල්දිවරුන්ට එකතුවෙන්ට යන්නෙහියයි කීය. ඒක බොරුවක්ය; මම කල්දිවරුන්ට එකතුවෙන්ට නොයමියි යෙරෙමියා කීය. නුමුත් ඉරියා යෙරෙමියාට ඇහුම්කන් නොදී, ඔහු අල්වා, අධිපතීන් ළඟට ගෙනගියේය. එවිට අධිපතීහු යෙරෙමියා කෙරෙහි උදහස්වී, ඔහුට තළා, යොනාතාන් ලේකමගේ ගෙයි ඔහු හිරඅඩස්සිකළෝය; මක්නිසාද ඔවුන් ඒක හිරගෙයක් කර තිබුණේය. යෙරෙමියා හිරගෙයි බිම්ගෙවලට පැමිණ, එහි බොහෝ දවස් සිටි පසු, ශෙදෙකියා රජ ඔහු ගෙන්වා: ස්වාමීන්වහන්සේගෙන් වචනයක් තිබේදැයි තමාගේ ගෙදරදී රහසින් ඔහුගෙන් ඇසුවේය. යෙරෙමියාද: තිබේයයි කියා–නුඹ බබිලෝනියේ රජුගේ අතට අසුවෙන්නෙහියයි කීවේය. තවද යෙරෙමියා ශෙදෙකියා රජුට කථාකොට: මා හිරගෙයි දැමීමට නුඹටවත් නුඹේ සේවකයන්ටවත් මේ සෙනඟටවත් විරුද්ධව මා විසින් කළ පාපය මොකද? බබිලෝනියේ රජ නුඹටවත් මේ දේශයටවත් විරුද්ධව නොඑන්නේය කියා නුඹලාට අනාගතවාක්‍ය කීවාවූ නුඹලාගේ අනාගතවක්තෘවරු ඉතින් කොයිද? එබැවින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, අනේ මාගේ බස් අසා, මාගේ කන්නලව්ව පිළිගෙන, මා නොනසින පිණිස යොනාතාන් ලේකමගේ ගෙට මා නැවත නෑරිය මැනවයි කීවේය. ශෙදෙකියා රජද, යෙරෙමියා හිරගෙයි මළුවෙහි තබාගන්ටත් රොටි සියල්ලම නුවරින් කම්මුතුවී යන තුරු දවස් පතා රොටියක් රොටි සාදන්නන්ගේ වීථියෙන් ඔහුට ගෙනදෙන්ටත් අණකෙළේය. මෙසේ යෙරෙමියා හිරගෙයි මළුවෙහි සිටියේය.
ජෙරෙමියා 37:11-21 Sinhala New Revised Version (NRSV)
තවද, පාරාවෝගේ සේනාවට බියෙන් බබිලෝනිවරුන්ගේ සේනාව ජෙරුසලම කෙරෙන් ගිය කල, ජෙරමියා බෙන්ජමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්න පිණිස ජෙරුසලමෙන් පිටත් ව ගියේ ය. ඔහු බෙන්ජමින් දේශයේ දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් වන ඉරියා නම් මුරපළේ මුලාදෑනියෙක් එහි සිටියේ ය. ඔහු දිවැසිවර ජෙරමියා අල්ලාගෙන, “ඔබ බබිලෝනිවරුන්ට එකතු වන්නට යන්නෙහි ය”යි කී ය. “එය බොරුවක් ය; මම බබිලෝනිවරුන්ට එකතු වන්නට නොයමි”යි ජෙරමියා කී ය. එහෙත්, ඉරියා ජෙරමියාට සවන් නො දී, ඔහු අල්ලාගෙන, අධිපතීන් ළඟට ගෙන ගියේ ය. එවිට අධිපතීහු ජෙරමියාට විරුද්ධ ව කිපී, ඔහුට තළා හිර නිවසක් මෙන් සැලකුණ ජොනතන් ලේකම්ගේ ගෙයි ඔහු හිර අඩස්සි කළෝ ය. ජෙරමියා හිරගෙයි බිම්ගෙවලට පැමිණ එහි බොහෝ දවස් නැවතී සිටි පසු, ශෙදෙකියා රජු ඔහු කැඳවා ඔහු පිළිගෙන, “සමිඳාණන් වහන්සේගෙන් පණිවුඩයක් තිබේ දැ”යි තමාගේ මාලිගාවේ දී රහසින් ඔහුගෙන් ඇසුවේ ය. ජෙරමියා ද, “පණිවුඩයක් තිබේ. ඔබ බබිලෝනියේ රජුගේ අතට අසු වන්නෙහි ය”යි කීවේ ය. තවද, ජෙරමියා ශෙදෙකියා රජුට කතා කොට, “මා හිරගෙයි දැමීමට ඔබට වත්, ඔබේ සේවකයන්ට වත්, මේ සෙනඟට වත් විරුද්ධ ව මා කළ වරද කුමක් ද? ‘බබිලෝනියේ රජ ඔබට වත්, මේ දේශයට වත් විරුද්ධ ව නොඑන්නේ යැ’යි ඔබට දිවැස් වැකි කීවාවූ ඔබේ දිවැසිවරයා ඉතින් කොයි ද? එබැවින් මාගේ ස්වාමීන් වන රජතුමනි, අනේ! මාගේ බස් අසා, මාගේ කන්නලව්ව පිළිගෙන, මා එහි නොනසින පිණිස ජොනතන් ලේකම්ගේ ගෙට මා නැවත නොහැරිය මැනව”යි කීවේ ය. ශෙදෙකියා රජ ද ජෙරමියා හිරගෙයි රැකවල් මළුවට යවන්නටත්, රොටි සියල්ල ම නගරයෙන් ඉවර වී යන තුරු දවස්පතා රොටියක් බැගින් රොටි සාදන්නන්ගේ වීදියෙන් ඔහුට ගෙන දෙන්නටත් අණ දුන්නේ ය. මෙසේ ජෙරමියා රැකවල් මළුවෙහි නැවතී සිටියේ ය.
ජෙරෙමියා 37:11-21 Sinhala New Revised Version 2018 (SNRV)

ජෙරෙමියා 37:11-21 New International Version (NIV)
After the Babylonian army had withdrawn from Jerusalem because of Pharaoh’s army, Jeremiah started to leave the city to go to the territory of Benjamin to get his share of the property among the people there. But when he reached the Benjamin Gate, the captain of the guard, whose name was Irijah son of Shelemiah, the son of Hananiah, arrested him and said, “You are deserting to the Babylonians!” “That’s not true!” Jeremiah said. “I am not deserting to the Babylonians.” But Irijah would not listen to him; instead, he arrested Jeremiah and brought him to the officials. They were angry with Jeremiah and had him beaten and imprisoned in the house of Jonathan the secretary, which they had made into a prison. Jeremiah was put into a vaulted cell in a dungeon, where he remained a long time. Then King Zedekiah sent for him and had him brought to the palace, where he asked him privately, “Is there any word from the LORD?” “Yes,” Jeremiah replied, “you will be delivered into the hands of the king of Babylon.” Then Jeremiah said to King Zedekiah, “What crime have I committed against you or your attendants or this people, that you have put me in prison? Where are your prophets who prophesied to you, ‘The king of Babylon will not attack you or this land’? But now, my lord the king, please listen. Let me bring my petition before you: Do not send me back to the house of Jonathan the secretary, or I will die there.” King Zedekiah then gave orders for Jeremiah to be placed in the courtyard of the guard and given a loaf of bread from the street of the bakers each day until all the bread in the city was gone. So Jeremiah remained in the courtyard of the guard.